slc
logo
Home   |    News
මාර්තු 25, 2022
ඔස්ට්‍රේලියාව දින 36 ක සංචාරයක් සඳහා ජුනි මසදී ශ්‍රී ලංකාවට

sinhala editor

ශ්‍රී ලංකාවට එරෙහිව තෙවැදෑරුම් හෙවත් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියකට තරග කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි මසදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. මෙම තරග සංචාරයට විස්සයි-20 තරග 3 ක්, එක්දින තරග 5 ක් සහ ටෙස්ට් තරග 2 ක් ඇතුළත්ව තිබේ.

ජුනි මස 07 වැනිදා කොළඹදී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වන විස්සයි-20 තරගයෙන් දෙරට අතර තරගාවලිය ආරම්භ වන අතර ජූලි මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් තරගාවලිය නිමාවනු ඇත.

2016 වසරේ ශ්‍රී ලංකාවේ සිදුකරන ලද තරග සංචාරයෙන් පසු පළමු වතාවට ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායම දින 36 ක කාලයක් ශ්‍රී ලංකාවේ තරග වදිනු ඇත. එහිදී පළමුව තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියත්, අනතුරුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියත් සහ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියත් පැවැත්වෙනු ඇත.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරග 2 ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර සෙසු සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar