slc
logo
Home   |    News
මාර්තු 14, 2022
කණ්ඩායම් නවයක් පූර්ණ ජය වාර්තා කරති

sinhala editor

ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ගෙවී ගිය සති අන්තයේ පැවැති ප්‍රධානතම නැගී එන කණ්ඩායම් (එමර්ජින්) අතර වූ තුන් දින ක්‍රිකට් තරගාවලියේ පැවැති තරග 12 අතුරින් කණ්ඩායම් 9 ක් පූර්ණ තරග ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.  ගෝල්, යුද හමුදාව, රාගම, ටැමිල්, සරසන්ස්, එස්.එස්.සී, සෙබස්ටියින්ට්ස්, පොලීසිය සහ කෝල්ට්ස් මෙලෙස ජයග්‍රහණ අත්කර ගනු ලැබූ කණ්ඩායමට බවට පත්වූහ.

ගෝල් ලකුණු 235කින් කලුතර නගර කණ්ඩායමද යුද හමුදාව කඩුලු 9කින් බී.ආර්.සී ද රාගම ඉනිමකින් හා 192කින් නුගේගොඩද ටැමිල් ඉනිමකින් හා 196කින් බදුරලිය ද සරසන්ස් ලකුණු 197කින් කුරුණෑගල යූත් ද එස්.එස්.සී ඉනිමකින් හා 229කින් ලන්කන්ද සෙබස්ටියනයිටස් කඩුලු දෙකකින් ගුවන් හමුදාවද පරාජය කළහ.

සෙනසුරාදා (12) ජයග්‍රහණ අත්කරගත් කණ්ඩායම් දෙකවූයේ කොල්ට්ස් සහ පොලීයයි. කෝල්ට්ස් ඉනිමකින් හා ලකුණු 128කින් වරායත් පොලීසිය කඩුලු 7කින් පානදුරත් පැරදවීය.

ගොල් පිලට ලකුණු 235 ක ජයක්

ගොල් මුල් ඉනිමේ පන්දුවාර 67.5 කදී ලකුණු 207 යි – (දිල්ෂාන් කාංචන 70 දිලාෂ් උදයංග 40 තෙමල් බණ්ඩාර 97/3 ,ඉන්සක සිරිවර්ධන 21/2 ,ටස්කින් පෙරේරා 28/2) සහ දෙවන ඉනිම පන්දුවාර 55 කදී කඩුලු 9ට ලකුණු 169 ප්‍රභාත් ද සොයිසා 72,දිල්ෂාන් කාංචන,23,ඉන්සක සිරිවර්ධන 51/4,කණිෂ්ක මධුවත්ත 33/3)

කළුතර නගර මුල් ඉනිම පන්දුවාර 33.5 කදී ලකුණු 74 – කවුෂාන් කුලසූරිය 16,කමිඳු දිල්හාර 32/4 සඳුන් මදුශංක11/4) සහ දෙවන ඉනිම පන්දුවාර 34.2 කදී ලකුණු 68 යි – ඉන්සක සිරිවර්ධන 27,තෙවිඳු සේනාරත්න 18 කමිඳු දිල්හාර 31/5 සඳුන් මධුෂාන් 10/2)

යුධ හමුදාව කඩුලු 9කින් ජයගනියි

බී.ආර්.සී. මුල්නිම 151යි (දනාල් හේමාන්ද 38, පුබුදු බණ්ඩාර 28, ලක්ෂාන් ගමගේ 51/5, අසංක මනෝජ් 41/4) සහ දෙවන ඉනිම පන්දුවාර 57 කදී ලකුණු 188යි- (මිහිඳු ජලීල් 47, පුබුදු බණ්ඩාර 40, කෞමාල් නානායක්කාර 63/6යි, සෙහද සොයිසා 64/3 )

යුද හමුදාව මුල් ඉනිම පන්දුවාර 81 කදී ලකුණු 281යි – (අෂාන් දිල්හාර 109, පැතුම් බොතේජු 42, මහේෂ් කුමාර 32, දමන් හේමානන්ද 71/7) සහ දෙවැනි ඉනිම පන්දුවාර 6.4 කදී කඩුලු 1ට ලකුණු 60 යි (පන්දුවාර 6.5) – (සමිත දිල්ෂාන් නොදැවී 45)

රාගමට ඉනිමක හා ලකුණු 192 ක ජයක්

රාගම මුල් ඉනිම පන්දුවාර 112 කදී කඩුලු 7ට ලකුණු 451 යි – (අවිශ්ක තරිඳු 210, ඩෙලන් පීරිස් 99, හෙෂාන් ධනුෂ්ක 31, සහන් නානායක්කාර 119/3)

නුගේගොඩ පළමු ඉනිම 131යි පන්දුවාර 40.2යි – (මනේන්ද්‍ර ජයතිලක 35, දිනාල් සේනක 31, ඩෙලන් පීරිස් 45/4, නිපුන් මාලිංග 14/2) සහ නුගේගොඩ දෙවන ඉනිම 128යි පන්දුවාර 40.5යි – (භාග්‍ය දිසානායක 24, කවීන් පෙරේරා 24, ශෂික දුලාජ් 37/4, සංජුල බණ්ඩාර 34/3)

බදුරලිය ටැමිල් යුනියන්ට පරදියි

ටැමිල් යුනියන් මුල් ඉනිම පන්දුවාර 110 කදී ලකුණු 425 යි – (නවෝද් පරණවිතාන 99, දමිත පෙරේරා 75, සිතාර හපුහින්න 88, රවිඳු ප්‍රනාන්දු 33, නිර්මාල් රත්නායක 61/3, රවිශ්ක විජේසිරි 10/2)

බදුරලිය මුල් ඉනිම පන්දුවාර 78.2 කදී ලකුණු 169යි – (උමයංග සුවාරිස් 70, රමේෂ් සිල්වා 35, මළිඳු මදුරංග 25, දිලුම් සුධීර 60/5, සුපුන් කවිඳු 1/2) සහ දෙවන ඉනිම පන්දුවාර 45 කදී ලකුණු 60 යි – (තමිඳු වික්‍රමආරච්චි 13, දිලුම් සුධීර 21/8)

සරසන්ස්ට ලකුණු 197ක ජයක්

සරසන්ස් මුල් ඉනිම පන්දුවාර 68.3 කදී ලකුණු 227 යි – (සඳුන් මෙන්ඩිස් 52, චමල්ක ප්‍රනාන්දු 49, කවීෂ කහතුඩුවආරච්චි 35, ප්‍රවීන් සඳමාල් 35, ගිහාන් අංජන 45/3, කවිඳු ඒකනායක 7/2, දිල්ෂාන් සෙනෙවිරත්න 19/2) සහ දෙවන ඉනිම පන්දුවාර 54.2 කදී කඩුලු 8ට 214 යි – (සසිත පල්ලියගුරු 36, සඳුන් මෙන්ඩිස් 38, නවිඳු විතානගේ 31, චාමික ප්‍රනාන්දු 44, තරිඳු ළමාහේවගේ 36, ධනංජය බණ්ඩාර 53/4, කවිඳු ඒකනායක 37/2)

කුරුණෑගල යූත් පළමු ඉනිම පන්දුවාර 36 කදී ලකුණු 112 යි – (දුලාජ් රණතුංග 38, මුදිත ප්‍රේමදාස 35, කවික දිල්ෂාන් 35/5, ප්‍රවීන් සඳමාල් 6/3) සහ දෙවැනි ඉනිම පන්දුවාර 38.2 කදී ලකුණු 132 යි – (ලසිත් වර්ණකුලසූරිය 28, දුලාජ් රණතුංග 21, චමෝද් රත්නායක 23, ප්‍රවීන් සඳමල් 12/4, කවික දිල්ෂාන් 46/3)

එස්.එස්.සීට ඉනිමක හා ලකුණු 229 ක ජයක්

එස්.එස්.සී පළමු ඉනිම පන්දුවාර 110.1 කදී ලකුණු 361 යි – (කමිඳු නදීෂාන් 111, ඔමේෂ මෙන්ඩිස් 40, කවිශ්ක සධීර 71, තෙනුක නානායක්කාර නොදැවී 43, පුන්නිලක කුමාර 91/4, දමිත සිල්වා 80/2)

ලන්කන් මුල් ඉනිම 52 පන්දුවාර 31.3යි – (යසිරු රුද්‍රිගෝ 22, තිවංක ලක්රුවන් 09, කළණ පෙරේරා 19/5, කේෂාන් විජේරත්න 17/5) සහ දෙවන ඉනිම 80 පන්දුවාර 35යි – (තිවංක ලක්රුවන් 20, ළහිරු දිල්ෂාන් 19, කළණ පෙරේරා 33/3, කවිශ්ක සමීර 13/3)

සෙබස්ටිනයිට්ස් කඩුලු දෙකකින් ජයගනියි

ගුවන් හමුදාව මුල් ඉනිම පන්දුවාර 60.4 කදී ලකුණු 193 යි (මුවින් සුබසිංහ 55, හෂාන් විමුක්ති 31, තරිඳු රත්නායක 95/6යි) සහ දෙවනි ඉනිම පන්දුවාර 69.1 කදී ලකුණු 231 යි – (කිමිර විජේනායක 50, උදයවංශ පරාක්‍රම 40, කළණ විජේසිරි 33, හංස හිරන්ය 56, තරිඳු රත්නායක 93/5, ටනුෂ් කොස්තා 41/3)

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම පන්දුවාර 73.4 කදී ලකුණු  217 යි (මනෙල්ක ද සිල්වා 87, විහාන් ගුණසේකර 33, මුදිත සප්නක 31, සුරේෂ් ප්‍රනාන්දු 46/6) සහ දෙවන ඉනිම පන්දුවාර 59.4 කදී කඩුලු 8ට ලකුණු 208 යි – (සඳුන් ප්‍රනන්දු 68, තරුෂ ප්‍රනාන්දු 37, මනෙල්ක ද සිල්වා 36, සෙනාෂ් ප්‍රනාන්දු 58/3, මුවින් සුබසිංහ 72/4)

බ්ලුම්ෆීල්ඩ් – හලාවත මේරියන්ස් තරගයත් නොවිසඳෙයි

බ්ලූම්ෆීල්ඩ් මුල් ඉනිම 342 පන්දුවාර 106.1 – (සනෝජ් දර්ශික 85, චෙහාන් කළිඳු 67, කාමියන් නරේෂ් 62, ඉරුෂික තිමිර 111/6, සෙසාන් සිල්වා 63/3යි)

චිලව් මේරියන්ස් මුල්ඉනිම 269 පන්දුවාර 67.3යි – (රවින් යසස් 78, ඉරෝෂ් ප්‍රනාන්දු 62, දිලීප ජයලක් 86/4, රාජේන්ද්‍රන් අරවින්ත් 108/3)

බ්ලූම්ෆීල්ඩ් දෙවන ඉනිම කඩුලු 8ට 290 පන්දුවාර 65.5 – (සනෝජ් දර්ශික නොදැවී 138, නිපුන් හග්ගල්ල 70, දක්ෂිත ප්‍රනාන්දු 37, ඉරුෂ්කා තිමිර 103/3)

නිගම්බු – එන්.සී.සී. තරගයත් නොවිසඳෙයි

නිගම්බු මුල් ඉනිම පන්දුවාර 71.4 කදී ලකුණු 235 යි – (සඳරුවන් චින්තක 63, දිමුත් සඳරුවන් 42, යුගීෂ දිල්ෂාන් 77/7යි) සහ දෙවන ඉනිම පන්දුවාර 99 කදී ලකුණු 226 යි – (අමෝද්‍ය විදානපතිරණ 62, රශ්මික මෙවන් 61, ෂෙහාන් ප්‍රනාන්දු 30, තිවංක කුකුළවල 50/6යි)

එන්.සී.සී මුල් ඉනිම පන්දුවාර 41.5 කදී ලකුණු 185 යි – (අහන් වික්‍රමසිංහ 122, ජොහාන් ද සිල්වා 14, පසිඳු උස්හෙට්ටිගේ 78/4, නිශාන් පීරිස් 44/3) සහ දෙවන ඉනිම පන්දුවාර 23 කදී කඩුලු 1ට ලකුණු 90 යි – (ජොහාන් ද සිල්වා නොදැවී 50, නිශාන් පීරිස් 22/1යි)

සී.සී.සී – මුවර්ස් විසඳුමෙන් තොර වෙයි

සී.සී.සී මුල් ඉනිම පන්දුවාර 80 කදී ලකුණු 241 යි – (මාලිංග අමරසිංහ 91, අම්සි ද සිල්වා නොදැවී 43, තීෂෘන් විතුෂාන් 76/4, තිලාන් ප්‍රසන්න 32/2)

දෙවන ඉනිම පන්දුවාර 35.2 කදී කඩුලු 7ට ලකුණු 203 යි – (රොන් චන්ද්‍රගුප්ත 87, හසිඳු ශාමික 54, අදීෂ තිලංචන 37/2,)

මුවර්ස් මුල් ඉනිම පන්දුවාර 89.5 කදී ලකුණු 278 යි – (පසිඳු සූරියබණ්ඩාර 64, අදීෂ තිලංචන 38, දිනුෂ්ක දිල්ෂාන් 35, තිලාන් ප්‍රසාන් 35, බී.ජී.මෙන්ඩිස් 58/5, සොනල් දිනූෂ 67/3)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest