slc
Home   |    News
මාර්තු 20, 2022
කමිඳු නැවතත් ලකුණු අතරට

sinhala editor

මහනුවර පල්ලේකැලේදී පැවත්වෙන නැෂනල් සුපර්ලීග් තරගාවලියේ අටවන තරගයේ මුලින් පන්දුවට පහරදෙන කැන්ඩි කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් සිව්දෙනෙකු වන ඕෂද ප්‍රනාන්දු (97) නායක කමිඳු මෙන්ඩිස් (94)  ළහිරු උදාර (83) සහ කමිල් මිෂාර ( 74) අර්ධ ශතක රැස්කිරීම මත කැන්ඩි ප්‍රථම ලකුණු 446ක් ලැබීය

මේ තරගාවලියේ දැනට ශතක තුනක් ලබා සිටින කැන්ඩි නායක කමිඳු මෙන්ඩිස්ට තරගාවලියේ සිව්වන ශතකය ලබාගැනීමට තිබූ අවස්ථාව අද (18) මඟහැරී ගියේ තවත් ලකුණු හයක් පමණක් රැස්කළ යුතුව තිබියදීය.. මෙදින ළහිරු උදාර ද සිය නායකයාට මහඟු සහයක් ලබාදෙමින් ලකුණු 83ක් රැස්කළේ පන්දු 117කට මුහුණදී හතරේ නවයක් සමඟ ලකුණු 83ක් ලබාගනිමිනි. නායක මෙන්ඩිස් මෙදින ලකුණු 94කට දැවී ගියේ පන්දු 189කදී හතරේ නවයක් සහ හයේ පහරක් සමඟය.

කැන්ඩි සිව්වන කඩුල්ලට කමිඳු මෙන්ඩිස් සහ ළහිරු උදාර ලකුණු 151ක සබඳතාවයක් තබාගත්තේ පන්දු 238කට මුහුණ දීමෙනි. කැන්ඩි නායක කමිඳු මෙන්ඩිස් මේවන විට ඉනිම නවයකදී ශතක තුනක් සමඟ ලකුණු 665ක් ලබා සිටින්නේ ඉනිමක සාමාන්‍ය ලකුණු 74ක් වන සාර්ථක තත්ත්වයකය.

දඹුල්ල කණ්ඩායමේ මලින්ද පුෂ්පකුමාර කැන්ඩි මුල් ඉනිමේදී ලකුණු 120කට කඩුලු හතක් දවාලමින් විශිෂ්ට පන්දු යැවීමක නිරතවිණි. පුෂ්පකුමාර මේ තරගාවලියේ සහභාගිවන තුන්වන තරගය මෙහයවන අතර ඔහු මේ මස 3වැනිදා සහභාගිවූ ප්‍රථම තරගයේදීත් කළම්බු සමඟ ලකුණු 141කට කඩුලු පහක් දවා දස්කම් දැක්වීය. මලින්ද තරග තුනේදී මේවන විට කඩුලු 13ක් දවාසිටී.

ප්‍රථම දින තරගය නතර කරන විට කඩුලු තුනකට ලකුණු 297ක් ලබාසිටි කැන්ඩි කණ්ඩායම අද දිනයේ ඉතිරි කඩුලු හත දැවී ලබාගත්තේ තවත් ලකුණු 149කි. මෙදින තවත් විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමේ කැන්ඩි අභිප්‍රායට හරස්වූයේ මලින්ද පුෂ්පකුමාරය.

දඹුල්ල පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ පන්දුවාර 8.1කදී ලකුණු 19කට කඩුලු තුනක්ම දැවීගිය අවස්ථාවේ නායක මිනෝද් භානුක සහ අෂාන් ප්‍රියංජන් සිව්වන කඩුල්ලට පන්දු 92කදී ලකුණු 58ක් එක්කරමින් එම අසීරුතාවයෙන් කණ්ඩායම ගොඩගත්හ. මිනෝද් භානුක පන්දු 58කදී හතරේ හතරක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 37ක්ද අෂාන් ප්‍රියංජන් පන්දු 47කදී හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 19ක්ද ලැබූහ. ප්‍රබල පන්දු යැවීමක නිරතවූ අසිත ප්‍රනාන්දු කඩුලු දෙකක් දවාලූවේ ලකුණු 25ක් ලබාදෙමිනි.

කැන්ඩි පළමු ඉනිම පන්දුවාර 128.5කදී සියල්ල දැවී 446යි – (ඕෂද ප්‍රනාන්දු 97, කමිඳු මෙන්ඩිස් 94, ළහිරු උදාර 83, කමිල් මිෂාර 74, ලසිත් කෲස්පුල්ලේ 43, මලින්ද පුෂ්පකුමාර 120/7

දඹුල්ල පළමු ඉනිම කඩුලු 3ට 77 පන්දුවාර 23.3යි  – (මිනෝද් භානුක නොදැවී 37, අෂාන් ප්‍රියංජන් නොදැවී 19, අසිත ප්‍රනාන්දු 25/2, අෂේන් ඩැනියෙල් 29/1)

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest