slc
Home   |    News
මාර්තු 9, 2022
කමිඳු සහ ප්‍රභාත් වැඩිම දක්ෂතා අතර පෙරමුණේ

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (10 දා) සිට ආරම්භ වන අතර එහිදී දඹුල්ල කණ්ඩායම ගාලු කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීද, කලම්බු සහ කැන්ඩි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගණයේදීද තරග වදිති.

තරගාවලියේ තෙවැනි සතිය වන ඉදිරි සතියේ තරගවලට පෙර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කැන්ඩි කණ්ඩායම සමත්ව තිබේ. මේ දක්වා තරග 2 කට ක්‍රීඩා කර ඇති කැන්ඩි කණ්ඩායම එම තරග 2 ම ජයපැරදුමෙන් තොරව අවසන් කර ගනිමින් ප්‍රසාද ලකුණු 24.785 ක් ලබා පෙරමුණ රැකගෙන සිටියි.

මේ දක්වා පැවැති තරග දෙකෙන් එකක් ජය ගෙන ඇති කලම්බු කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 22.25 ක් රඳවා ගනිමිනි. මේ දක්වා සහභාගිවූ තරග 2 ම ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීමට සමත්ව සිටින ජැෆ්නා කණ්ඩායම ප්‍රසාද ලකුණු 15.69 ක් ලබා එම සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටියි. මෙතෙක් සහභාගිවූ එකම තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරගැනීමට සමත්ව සිටින ගෝල් කණ්ඩායම ප්‍රසාද ලකුණු 3.75 ක් ලබා අවසන් ස්ථානයේ රැඳී සිටියි.

ක්‍රීඩකයින්ගේ පෞද්ගලික දක්ෂතා පිළිබඳව අවධානය යොමු කිරීමේදී කැන්ඩි නායක කමිඳු මෙන්ඩිස් තරග 2 දඋී ඉනිම 4 කට ක්‍රීඩා කොට ශතක 2 ක් සහ අර්ධ ශතකයක් සමඟ ලකුණු 327 ක් ලබා වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවෙයි. කැන්ඩි කණ්ඩායමේ මැද පෙළ පිතිකරු සහන් ආරච්චිගේ ඉනිම 4 කදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමඟින් ලකුණු 305 ක් ලබා එම දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

කොළඹ කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය ඉනිම 4 කදී කඩුලු 11 ක් දවා තරගාවලිටයේ වැඩිම කඩුලු ලාභීන් අතර ඉදිරියෙන් සිටිද්දී මහනුවර කණ්ඩායමේ අවිඳු තීක්ෂණ ඉනිම 2 කදී කඩුලු 7 ක් දවා ගනිමින් දෙවැනි තැන රැඳී සිටියි.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest