slc
Home   |    News
මාර්තු 24, 2022
කවීෂාගේ තුන් ඉරියව් දක්ෂතා සීනිගමට ජය ගෙනෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් අද (23) ආරම්භ වූ අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නාවික හමුදාව, සීනීගම, ගුවන් හමුදාව “ඒ” සහ යුද හමුදා ‘ඒ’ කණ්ඩායම් ජයග්‍රහණය අත්කර ගත්හ.

නාවික හමුදාව ලකුණු 178කින් ගුවන් හමුදා “බී” කණ්ඩායමද සීනිගම ලකුණු 93කින් චිලව් මේරියන්ස්ද ගුවන් හමුදා “ඒ” ලකුණු 191කින් යුද හමුදා “බී” ද යුද හමුදා “ඒ” කඩුලු නවයකින් කොල්ට්ස් ද පරාජය කළහ.

නාවික හමුදා කණ්ඩායමේ හංසිමා කරුණාරත්න මේ තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට මෙදින සමත් වූවාය. සීනිගම නායිකාව කවිෂා දිල් සහ ගුවන් හමුදා “ඒ” කණ්ඩායමේ චමරි පොල්ගම්පල තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීමට මෙදින සමත් විණි.

නාවික හමුදාවට ලකුණු 178ක ජයක්

නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේදී නාවික හමුදාවේ හංසිමා කරුණාරත්න (104) උදේශිකා ප්‍ර බෝදිනි (12/3) සහ ශෂිකලා සිරිවර්ධන (13/3) දැක්වූ දක්ෂතා මත ඔවුන් පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ ලකුණු 178කිනි.

නාවික හමුදා කණ්ඩායමේ හංසිමා කරණාරත්න පන්දු 123කට මුහුණ දී හතරේ 11ක් සමග ලකුණු 104ක්ද නායිකාව හර්ෂිතා සමර වික්‍රම පන්දු 79කදී හතරේ හතරක් සමග ලකුණු 58ක්ද රැස් කළ අතර මොවුන් දෙදෙනාගේ තෙවන කඩුල්ලේ සබඳතාවය 92කි.

නාවික හමුදාව පන්දුවාර 50කදී කඩුලු 5ට 251 යි – (හංසිමා කරුණාරත්න 104, හර්ෂිකා සමරවික්‍රම 58, ප්‍රසාදිනි වීරක්කොඩි 38, උසානි රුවන්තිකා 26/3)

ගුවන් හමුදාව “බී” පන්දුවාර 25.4කදී සියල්ල දැවී 73 – (සුරංගිකා පෙරේරා 23, මල්කි මදාරා 16, උදේශිකා ප්‍රබෝධනි 12/3, ශෂිකලා සිරිවර්ධන 13/3, ඉනෝකා රණවීර 13/2)

කවීෂාගේ තුන් ඉරියව් දක්ෂතා සීනිගමට ජය ගෙනෙයි

මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මේ තරයේදී සීනිගම කණ්ඩායම කඩුලු 5කට ලබාගත් ලකුණු 240ට පිළිතුරු ලෙස චිලව් මේරියන්ස් ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා වන ශ්‍රී ලංකා නායිකා  චමරි අතපත්තු (66) සහ  විශ්මි ගුණරත්න ( 18) පන්දු 63කදී ලකුණු 60ක සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් වුවත් ඔවුන්ගේ දැවී යෑමත් සමඟ තරගයේ සියලු වාසි සීනිගම කණ්ඩායම වෙත දෝලනය විය.

සීනිගම නායිකාව කවිෂා දිල්හාරි පන්දු 75කදී හතරේ පහර 12ක් සමග ලකුණු 91ක් ලබා පසුව පන්දු යැවීමේදී ලකුණු 39කට කඩුලු හතරක් දවා තුන් ඉරියව්වේම දක්ෂතා දක්වමින් කණ්ඩායමේ ජයග්‍රහණයට මුල් වූවාය.

සීනිගම පන්දුවාර 50කදී කඩුලු 5ට 240 – ( කවීෂා දිල්හාරී 91, පියුමි වත්සලා නොදැවී 50, නවෝද්‍යා නෙත්මිණි 36, මල්ෂා මධුෂි 13/1 ,කෞෂල්‍යා ජයවර්ධන 20/1)

චිලව් මේරියන්ස් පන්දුවාර 28.2කදී සියල්ල දැවී 147 යි – (චමරි අතපත්තු 66, මල්ෂා මධුෂානි 14, ජනාදී අමාලි නොදැවී 14, කවීෂා දිල්හාරි 39/4, සචිනි නිසංසලා 41/4)

ගුවන් හමුදා පිලට දැවැන්ත ජයක්

කටුනායක පැවති මේ තරගයේදී ගුවන් හමුදා“ඒ” කණ්ඩායමේ චමරි පොල්ගම්පල ලකුණු 82ක්  රැස් කර පසුව ලකුණු 8කට කඩුලු තුනක් දවා තුන් ඉරියව්වේම දැක්වූ දක්ෂතා මත ගුවන් හමුදා කණ්ඩායමට පහසු ජයග්‍රහණයක් අත්විය.

ජාතික කණ්ඩායම නියෝජනය කරන්නියන් වන චමරී පොල්ගම්පල පන්දු 102කදී හතරේ 12ක් සමග ලකුණු 82ක්ද ඕෂදී රණසිංහ පන්දු 61කදී හතරේ 10ක් සමග ලකුණු 71ක්ද රැස් කළහ.

ගුවන් හමුදාව ” පන්දුවාර 50කදී කඩුලු 7ට 272 – (චමරි පොල්ගම්පල 82, ඕෂදී රණසිංහ 71, දුලානි මන්දනා 41 ,මල්ෂා ෂෙහානි 30, සචිනි ද සිල්වා 28/2, මදාරා සමරකොන් 30/2, සචිනි ද සිල්වා 30/2)

ගුවන් හමුදා බී  පන්දුවාර 44.2දී 81 යි – (අපේක්ෂා චන්ද්‍රසිරි 15, දිනුෂා සමරකෝන්14, චමරි පොල්ගම්පල 8/3, අමා කාංචන 13/2)

කෝල්ට්ස් කඩුලු 9 කින් පරදියි

පානාගොඩ පැවති මේ තරගයේදී යුදු හමුදා “ඒ” කණ්ඩායමේ ගනේෂා චමරි ලකුණු හතකට කඩුලු හයක්ම දවාලීමට සමත්වීම නිසා ප්‍රබල කොල්ට්ස් ක්‍රීඩා සමාජ ඉනිම ලකුණු 45කට සීමාවිණි. යුද හමුදාව  මේ තරගයෙන් ජය ලැබුවේ පන්දුවාර 36.1ක්ම ඉතිරිව තිබියදීය.

කොල්ට්ස් පන්දුවාර 32.4කදී සියල්ල දැවී 45 – ( ඒ ජන කාන්ති මාලි 10,වරුනි සුබසිංහ 09,ගනේෂා චමරි 7/6,අචිනි කුලසූරිය 9/2)

යුද හමුදා   පන්දුවාර 13.5කදී කඩුලු 1කට 46 යි – ( අනුෂික සංජීවනි නොදැවී 16,රෝෂිනි පෙරේරා 12,නිමාෂ මධුෂානි 21/1 යි)

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest