slc
logo
Home   |    News
මාර්තු 14, 2022
කලම්බු හමුවේ කැන්ඩි පරදියි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහයවන නැෂනල් සූපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සති අන්තයේ මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති කළම්බු – කැන්ඩි තරගයෙන් කළම්බු කන්ඩායම කඩුලු හයක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

මේ තරගයෙන් ජය ලැබීමට කළම්බු කණ්ඩායමට දෙවන ඉනිමේදී ලකුණු 259ක් අවශ්‍ය වූ අතර සිව්වන සහ අවසාන දින දෙවන ඉනිමේදී එම ජයග්‍රාහී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 4 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

ප්‍රථම ඉනිමේදී කැන්ඩි රැස්කළ ලකුණු 241ට පිළීතුරු ලෙස කළම්බු ලබා ගත්තේ ලකුණු 218කි. දෙවන ඉනිමේදී  කැන්ඩි ලකුණු 235කට දැවී ගිය හෙයින් කළම්බු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා දෙවන ඉනිමේ අවශ්‍ය වුයේ  259 ක් පමණකි.තෙවන දින තරගය නතර කරන විට කළම්බු දෙවන ඉනිමේදී කිසිවෙකු නොදැවී ලකුණු 114ක් ලබා සිටි හෙයින් ජයග්‍රහණය සඳහා අද දිනයේ ඔවුනට අවශ්‍ය වුයේ ලකුණු 115කි.

කළම්බු දෙවන ඉනිමේදී පිතිකරුවන් සිව් දෙනෙකු දැවී ලකුණු 260ක් රැස් කරමින් මේ පහසු ජයග්‍රහණය ලැබීය.ආරම්භක පිතිකරුවන් දෙදෙනා නිපුන් ධනංජය (96) සහ ක්‍රිෂාන් සංජුල (55) මේ ජයග්‍රහණය පහසු කළේ පළමු කඩුලල්ට පන්දු 215කදී ලකුණු 122ක සබඳතාවයක් තබා ගැනීමේනි. වැඩිම ලකුණූ ලාභියා වූ නිපුන් ධනංජය පන්දු 176කදී හතරේ අටක් සමග ලකුණු 96ක්ද ක්‍රීෂාන් සංජුල පන්දු 110කදී හතරේ හයක් සමග ලකුණු 55ක්ද රැස් කරමින් මුල් විකට්ටුවට ලබා දුන්නේ ප්‍රබල ආරම්භයකි

මීට අමතරව නුවනිඳු ප්‍රනාන්දු පන්දු 105කදී හතරේ පහක් හයේ පහරක් සමග ලකුණු 60ක්ද ෂම්මු අශාන් ලකුණු 25ක්ද  ලැබූහ. කැන්ඩි පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු අෂේන් ඩැනියල් සහ සවිඳු කොළඹලගේ දස්කම්  දැක්වූයේ කඩුලු දෙක බැගින් දවාලමින්.

ලකුණු පුවරුව

කැන්ඩි පළමු ඉනිම පන්දුවාර 71 කදී ලකුණු 241 යි – ( ඕෂද  ප්‍රනාන්දු 105, කසුන්  විදුර 43, කමිඳු මෙන්ඩිස් 26, ප්‍රභාත් ජයසූරිය 47/3, ලක්ෂිත මනසිංහ 57/3, කසුන් රාජිත 43/2, නිසල තාරක 61/2)

කලම්බු මුල් ඉනිම පන්දුවාර 73.5 කදී ලකුණු 218 යි  – ( ළහිරු මදුශංඛ  නොදැවී 80 ,ලක්ෂිත මනසිංහ 53,ප්‍රභාත් ජයසූරිය 20,අසිත ප්‍රනාන්දු 38/3,අෂේන් ඩැනියල් 51/3 ,සවිඳු කොළඹගේ 37/2)

කැන්ඩි දෙවන ඉනිම පන්දුවාර 71.2 කදී ලකුණු 235 යි – ( කමිඳු මෙන්ඩිස් 114, සචිඳු කොළඹගේ 29, කමිල් මිෂාර 25,සහන් ආරච්චිගේ 17, කසුන් රාජිත 48/5, ලක්ෂිත මනසිංහ 79/3)

කලම්බු දෙවැනි ඉනිම පන්දුවාර 74 කදී කඩුලු 4 ට ලකුණු 260 යි – (නිපුන් ධනංජය 96, ක්‍රිෂාන් සංජුල 55, නුවනිඳු ප්‍රනාන්දු 60, සම්මු අශාන් 25, රොෂේන් සිල්වා 10*, අෂේන් ඩැනියෙල් 77/2, සචිඳු කොළඹගේ 52/2)

– බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee