slc
Home   |    News
මාර්තු 31, 2022
කුසල් මෙන්ඩිස් කලම්බු ඇදගෙන යයි

sinhala editor

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය යටතේ හම්බන්තොට පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ පළමු දිනට තරගය නිමා කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින කලම්බු කණ්ඩායම කඩුලු 6 කට ලකුණු 224 ක් ලබා සිටියි.

කුසල් මෙන්ඩිස් ලකුණු 83 ක් ලබා මෙතෙක් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින්නේ දෙවැනි දිනයේදීත් පන්දුවට පහර දීමේ අවස්ථාව විවර කර ගනිමිනි. ඔහු සමඟ නිසල තාරක ලකුණු 11 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියි.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් කලම්බු කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න සහ ක්‍රිෂාන් සංජුල පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සාර්ථක ආරම්භයක් එක් කළහ. ජැෆ්නා නායක ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ සමින්ද ප්‍රනාන්දු උඩ පන්දුවක් රැ ගනිමින් දිමුත් දැවී යන විට ලකුණු 39 ක් ලබා සිටියේය. ඊට ලකුණු 4 ක් එක්කාසු වන විට ක්‍රිෂාන් සංජුලද ලකුණු 39 කට දැවී ගියේ ජෙෆ්රි වැන්ඩර්සිගේ පන්දුවක් හමුවේ කඩුලු රැකි සධීර සමරවික්‍රම උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

දිනයේ නොසැළුණු පිතිකරුවා බවට පත් වුණු කුසල් මෙන්ඩිස් නොබිඳුණු ලකුණු 83 සඳහා පන්දු 185 කට මුහුණ දුන්නේය. වඩා ඉවසිලිවන්තව පන්දුවට පහර දුන් දකුණත් පිතිකරුවා තම ඉනිම හතරේ පහර 8 කින් පමණක් වර්ණවත් කරගෙන සිටියේය. මාධ්‍ය වර්ණපුර සමග එක්වූ කුසල් මෙන්ඩිස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 111 කලම්බු ඉනිමේ හොඳම කඩුලු සම්බන්ධතාව ලෙසින් සටහන් විය. ඒ වෙනුවෙන් මාධව වර්ණපුරගේ දායකත්වය පන්දුඅ 150 කදී ලකුණු 42 ක් විය.

නුවන් ප්‍රදීප් විසින් මාධවගේ කඩුල්ල දවා ගැනීමත් සමග යළිත් තරගයට අවතීර්ණ වුණු ජැෆ්නා නායක ධනංජය ද සිල්වා දිනය අහවර වන විට තවත් කඩුලු තවත් ලකුණු 9 ක් ඇතුළත කඩුලු 2 ක් දවා ගත්තේය. පන්දු යැවීමෙන් වැඩි ඵල නෙළා ගන්නා ලද්දේ ධනංජය ද වන අතර ඔහු ලකුණු 42 කට කඩුලු 4 කට හිමිකම් කීය. දැවී ගිය කඩුලු 6 න් ඉතිරි කඩුලු 2 නුවන් ප්‍රදීප් සහ ජෙෆ්රි වැන්ඩර්සි අතරේ බෙදී ගියහ.

කලම්බු පන්දුවාර 90 කදී කඩුලු 6 ට ලකුණු 224 යි – (කුසල් මෙන්ඩිස් 83*, දිමුත් කරුණාරත්න 39, ක්‍රිෂාන් සංජුල 39, මාධව වර්ණපුර 42, නිසල් තාරක 11*, ධනංජය ද සිල්වා 42/4, නුවන් ප්‍රදීප් 24/1, ජෙෆ්රි වැන්ඩර්සි 58/1)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest