slc
logo
Home   |    News
මාර්තු 28, 2022
කෝල්ට්ස්ට අපරාජිතව අවසන් පූර්ව වටයට

sinhala editor

සති අන්තයේ පැවති මේජර් එමර්ජින් තුන්දින තරගාවලියේ තරග අතුරින් අද ( 27) දිනයේදි මුවර්ස්,ගාල්ල,ගුවන් හමුදාව සහ කොල්ට්ස් කණ්ඩායම් ජයග්‍රහණය අත් කර ගත්හ. කෝල්ට්ස් කණ්ඩායම අද දිනයේ වාර්තා කර ගන්නා ලද්දේ පිට පිටම පස්වැනි තරග ජයග්‍රහණය වන අතර එම ජයග්‍රණයත් සමඟ ඔවුන් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටය වන අවසන් පූර්ව තරග වටය සඳහා අපරාජිතව සුදුසුකම් ලබා ගත්තේය.

බී කාණ්ඩයෙන් නිගමුබ් කණ්ඩායම කල්තියාම අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබද්දී සී කාණ්ඩයෙන් ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා සිටියි. කෙසේ වෙතත් ලන්කන්ස්ට එරෙහි තරගය පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සෙබස්තියනයිට්ස් කණ්ඩායම සමත්වීම නිසා ‘ඒ’ කාණ්ඩයෙන් අවසන් කණ්ඩායම් හතර අතරට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න මූලික තරග වටයේ අවසන් සති අන්තය වන තෙක් බලා සිටීමට සිදුවනු ඇත. මන්ද යත් එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින මුවර්ස් ක්‍රීඩා සමාජය තරග 6 කදී පූර්ණ ජයග්‍රහණ 4 ක් ලබා සිටිද්දී සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය තරග 5 කදී පූර්ණ තරග ජයග්‍රහණ 4 ක් වාර්තා කර සිටින්නේ මූලික තරග වටයේ තවත් තරගයක් ඉතිරිව තබාගනිමිනි. ඒ අනුව සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයට නාවික හමුදාවට එරෙහි තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුවහොත් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට යෑමේ අවස්ථාව හිමිවනු ඇත.

එම ජයග්‍රහණයේදී යුද හමුදා පිලට එරෙහිව තියුණු සටනක් ලබා දෙමින් ලකුණු 18 ක ජයක් කෝල්ට්ස් පිල වාර්තා කළේය. ඊට අමතරව මුවර්ස් ලකුණු 286කින් එස්.එස්.සී. පිලද ද ගාල්ල කඩුලු 9කින් වරායද සහ ගුවන් හමුදාව කඩුලු පහකින් නාවික හමුදාවද පරාජයට පත් කළහ. මෙම පූර්ණ තරග ජයග්‍රහණවලට අමතරව ශ්‍රී ලංකා පොලීසිය පසුගිය සති අන්තයේදී පූර්ණ තරග ජයක් වාර්තා කළේය.

සෙබස්තිනයිට්ස් – ලන්කන් ,කළුතර නගර – කැන්ඩි කස්ටම් ,ටැමිල් – නුගේගොඩ සහ සරසන්ස් – නිගම්බු තරග ජය පැරදුමෙන් තොරව කෙළවර විණි.

මුවර්ස් ලකුණු 286කින් එස්.එස්.සී. පරදවයි

මුවර්ස් මුල් ඉනිම 292 ( පන්දුවාර 64.5) –  අදීෂ තිලංචන  128, දිනුක දිල්ෂාන් 99, අයන සිරිවර්ධන 19, කවිඳු නදීෂාන් 75/5, කවිෂ්ක සේනාධීර 50/2)

එස්.එස්.සී.මුල් ඉනිම 175 යි ( පන්දුවාර 43.5) – (ෂෙවොන් ඩැනියල් 58, කවිඳු නදීෂාන් නොදැවී 38, කළණ පෙරේරා 22, ඔමේෂ් මෙන්ඩිස් 20, අයන සිරිවර්ධන 60/4 ,භානුක දිල්ෂාන් 51 /2, නිෂාන් විතුෂාන් 30/2)

මුවර්ස් දෙවන ඉනිම කඩුලු 4ට 258  යි ( පන්දුවාර 48) – දිනුක් දිල්ෂාන් 111, පසිඳු සුරිය බණ්ඩාර නොදැවී 50, කවිඳු රණසිංහ 37, කණිෂ්ක සේනාවීර 66/3)

එස්.එස්.සී. දෙවන ඉනිම 89 යි ( පන්දුවාර 25.1) – කළණ පෙරේරා 31, චෙනුස්ක නානායක්කාර 08, කවිෂ්ක සේනාධීර 08, අයන සිරිවර්ධන 54/5, වි.වි.කුෂාන් 28/2)

ගාල්ලට කඩුලු 9 ක ජයක්

වරාය මුල් ඉනිම 204 – (ලසිත් කෘස්පුල්ලේ 64, ප්‍රමුද් හෙටිටිවත්ත42, අමිත දාබරේ 42, සුභානු රාජපක්ෂ 41/7)

ගාල්ල මුල් ඉනිම 204 – (හරීන් බුද්ධිල 46, ප්‍රභාත්ද සොයිසා 36, කවිඳු දිල්හාර 36, දිල්ෂාන් කාංචනා 25, ශාලක බණ්ඩාර 40/3, සිතුම් දිසානායක 28/2, නිම්සර අතරගල්ල 38/2)

වරාය දෙවන  ඉනිම 145 (පන්දුවාර 41.1) – (ලසිත් කෘස්පුල්ලේ 51,සවන් කංකානම්ගේ 28,අමිත දාබරේ15,සඳුන් මදුෂංක 46/6,හරින් බුද්ධිල 25/2 )

ගාල්ල දෙවන ඉනිම කඩුලු 1ට 146 ( පන්දුවාර 24.5) – (තරිඳු අමරසිංහ 79, දිල්ෂාන් කාංචන නොදැවී 35,ශාලක බණ්ඩාර 33/1 යි)

ගුවන් හමුදාවට කඩුලු 5 ක ජයක්

නාවික හමුදාව මුල් ඉනිම 189 යි ( පන්දුවාර 70.2) – (සහන් කෝසල 61, පුෂ්පිත දිල්ෂාන් 36, ජනිත් දිල්ෂාන් 29, මුවින් සුබසිංහ 46/5, මතීෂ මදුෂාන් 35/2, සෙනාෂ් ප්‍රනාන්දු 41/2 )

ගුවන් හමුදාව මුල් ඉනිම 153 යි ( පන්දුවාර 45.2) – (කළිඳු සිරිවර්ධන 54, කෙමිර විජේනායක 40,උදයවංශ පරාක්‍රම 13, හංස හිරණ්‍ය නොදැවී 13, සුදාර දක්ෂිණා 59/7 සුලේක්ෂණ ශ්‍රී සාන් 48/3)

නාවික හමුදාව දෙවන ඉනිම 121 ( පන්දුවාර 67) – (සුපුන් නයනජිත් 51, කේසර නුවන්ත 15, මුවින් සුබසිංහ 50/4, නදීර ඉෂාන් 20/2, සෙනාෂ් ප්‍රනාන්දු 37/2)

ගුවන් හමුදා දෙවන ඉනිම කඩුලු 5 ට159 යි (පන්දුවාර 34.2) – (උදයවංශ පරාක්‍රම 71, මුවින් සුබසිංහ නොදැවී 31, කළණ විජේසිරි 21, සුදාර දක්ෂිණ 47/4)

කොල්ට්ස් ලකුණු 18කින් ජයගනියි

කොල්ට්ස් මුල් ඉනිම 331 යි – (හර්ෂ රාජපක්ෂ 85,ෂෙරන් ෆොන්සේකා 80,ජොහාන් ඩැනියල් 55,රවිඳු රසන්ත 32,කෞමාල් නානායක්කාර  111/7

යුධ හමුදා මුල් ඉනිම 221 ( පන්දුවාර 44.5) – (හිමාෂ ලියනගේ 58, අෂාන් දිල්හාර නොදැවී  53,මහේෂ් තුෂාර 20,බිෂාන් මෙන්ඩිස් 18, ජොහාන් ඩැනියල් 57/3, රොහාන් සංජය 47/3, රුවන් සෙනවිරත්න 55/2)

කොල්ට්ස් දෙවන ඉනිම ඉනිම 104 යි (පන්දුවාර 46.3) – ( අවිශ්ක පෙරේරා 21, මුදිත ලක්ෂාන් 20, රවිඳු රසන්ත18, සෙහද සොයිසා 43/7, කෞමාල් නානායක්කාර 37/3)

යුධ හමුදාව දෙවන ඉනිම  96 (පන්දුවාර 48.1) – බිෂාන් මෙන්ඩිස් 64, පැතුම් බොතේජු 38, හිමාෂ ලියනගේ 34,  සමිත දිල්ෂාන් 15, රුවින් සෙනවිරත්න 89/5, රොෂාන් සංජය 25/3)

සෙබස්තිනයිට්ස් ලකුණු 53 ක ජයක්

සෙබස්තිනයිට්ස් මුල් ඉනිම 228  යි ( පන්දුවාර 58.4) – (බිසල් සිල්වා 87, මානෙල්ක ද සිල්වා 38, සඳුන් ප්‍රනාන්දු  33, විනෝද් සප්නක නොදැවී 29, විනුද ලියනගේ 39/3, එස්.  සංකල්ප 47/3, ලසිත් උපමාල් 13/2)

ලන්කන් මුල් ඉනිම 179 ( පන්දුවාර 55.5) – (මෙත්සිත් ජයමාන්න 56, ඩී. කස්තූරි ආරච්චි 30, ළහිරු දිල්ෂාන් 20, තරිඳු රත්නායක 95/5, තරුෂ ප්‍රනාන්දු 47/4)

සෙබතිනයිට්ස් දෙවන ඉනිම ලකුණු 301 (පන්දුවාර 76) – (විසල් සිල්වා 68, මානෙල්ක ද සිල්වා 43, තරුෂ ප්‍රනාන්දු 45,
 යොහාන් පෙරේරා 31, සඳුන් ප්‍රනාන්දු 29, විමුද් සප්නක නොදැවී 38, ළහිරු ප්‍රනාන්දු 25, විමුද් ලියනගේ 35/3, සප්න සංකල්ප 44/2)

ලන්කන් දෙවන ඉනිම 297 (පන්දුවාර 66.4) – (රිසිත් උපමල් 101, රවිඳු රත්නායක 46, සප්නක සංකල්ප 38, ටී. කස්තුරි ආරච්චි 31, මෙත්සිත් ජයමාන්න 28, තරිඳු රත්නායක 113/5, සඳුන්  ප්‍රනාන්දු 39/3)

කළුතර නාගරික – කැන්ඩි කස්ටම් නොවිසඳෙයි

කළුතර නාගරික ප්‍රථම ඉනිම  283 ( පන්දුවාර 87. 5 යි) – (කවීෂ කුලසූරිය 88,රොමේෂ් නල්ලපෙරුම 32, අමට්යා කොල් 31 ,තෙවිඳු සේනාරත්න 25 , අයේෂ් හර්ෂණ 94/3 ,පසන් පෙතියාගොඩ 62/3)

කැන්ඩි කස්ටම් මුල් ඉනිම 300 යි ( පන්දුවාර 86.5 ) – (කවිඳු ලක්ෂාන් 77 ,රශ්මික මධුශංක 57,සසිත් මධුරංග 48,සජිත් ද සිල්වා 36 ,නිර්මල ප්‍රනාන්දු 29,කනිස්ක මදුවන්ත 58/4, ජනිඳු ඉඳුවර 59/2, තෙමල් බන්ඩාර49/2)

කළුතර නාගරික  දෙවන ඉනිම කඩුලු 9ට 227 (පන්දුවාර 48.5) – (තරිඳු සේනාරත්න නොදැවී 50, ටී විරසිංහ 43, රොමේෂ් නල්ලපෙරුම 32, ඉන්දික සිරිවර්ධන 30, පසන් පෙතියාගොඩ 44/3, අයේෂ් හර්ෂණ 94/3)

කැන්ඩි කස්ටම් දෙවන ඉනිම කඩුලු 8ට 132 යි (පන්දුවාර 48) – (තිමිර මල්ෂාන් නොදැවී 58 ,සඳුන්  පතිරණ 29,තෙමල් බන්ඩාර 30/6)

ටැමිල් – නුගේගොඩ විසඳුමක් නෑ

ටැමිල් මුල් ඉනිම කඩුලු 9ට 527 (පන්දුවාර 122.1) – (සුපුන් කවිඳු 173, රන්මිත් ජයසේන 129, දමිත් පෙරේරා 47, යොහාන් මෙන්ඩිස් 32, කවීෂ නිර්මාල් 41, මධුශාන් සදරුවන් 92/3, රාහුල් ගුණසේකර 167/2)

නූගේගොඩ මුල් ඉනිම 369 යි (පන්දුවාර 117) – (කෙවින් පෙරේරා 101, නවින් ප්‍රනාන්දු 47, කළණ මධුශංඛ 41, භාග්‍ය දිසානායක 36, අභිෂේක් ලියනආරච්චි 31, මිරංග වික්‍රමසිංහ 72/3, විජයකාන්ත් වියස්කාන්ත් 74/3)

ටැමිල් දෙවන ඉනිම කඩුලු 5ට 201 ( පන්දුවාර 32) – (සිතාර හපුහින්න 90, කමේෂ් නිර්මාල් 51, දමිත් පෙරේරා නොදැවී 27, රාහුල් ගුණසේකර 51/3)

සරසන්ස් – නිගම්බු ජය පැරදුමෙන් තොරයි

සරසන්ස් මුල් ඉනිම 353 යි (පන්දුවාර 88.4) – (කවීෂ කහතුඩුව ආරච්චි 107,සඳුන් මෙන්ඩිස් 60,සසංක නිර්මාල් 45,ඔමල් පලිහපිටිය 35, පසිඳු උස් හෙට්ටිගේ 154/6, රශ්මික මෙවන් 61/3)

නිගම්බු මුල් ඉනිම 357 ( පන්දුවාර 102.2 යි) – (සඳරුවන් චින්තක 84,සූධීර වීරරත්න 64, උමේෂ් ලක්සාන් 71,පසිඳු ලක්ශංඛ 75, කවිශ්ක දිල්ෂාන් 137/6 ,ප්‍රවීන් සදමාල් 77/2)

සරසන්ස් දෙවන ඉනිම කඩුලු 5ට 262 ( පන්දුවාර 64.3) – (නවිඳු විතානගේ 146, සඳුන් මෙන්ඩිස් 55, පසිඳු උස්හෙට්ටිගේ 97/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee