slc
Home   |    News
මාර්තු 6, 2022
කෝල්ට්ස් – ටැමිල් යුනියන් ජය වාර්තා කරති

sinhala editor

නැගී එන කණ්ඩායම් අතර වන අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (5) පැවැති තරග 12 අතුරින් කෝල්ට්ස් සහ ටැමිල් කණ්ඩායම් ජයග්‍රාහණ අත්කර ගත්හ. කෝල්ට්ස් සහ කැන්ඩ් කස්ටම් අතර තරගයෙන් කෝල්ට්ස් ඉනිමකින් සහ ලකුණු 266කින් ජයගත් අතර පානදුර ටැමිල් තරගයෙන් ටැමිල් ජයගත්තේ කඩුලු නවයකිනි.

කෝල්ට්ස් – කැන්ඩි කස්ටම් තරගයේදී කැන්ඩි කස්ටම් මුල් ඉනිමේ ලකුණු 131කටත් දෙවන ඉනිමේදී ලකුණු 108කටත් දැවීගිය අතර කෝල්ට්ස් මුල් ඉනිමේදී කඩුලු හයකට ලකුණු 505ක් ලැබීය.

පානදුර – ටැමිල් තරගයේදී පානදුර මුල් ඉනිමේදී ලකුණු 133කටත් දෙවන ඉනිමේදී 85කටත් දැවි ගියහ. ටැමිල් කණ්ඩායමද මුල් ඉනිමේ ලබාගත්තේ ලකුණු 159කි. එහෙත් දෙවන ඉනිමේදී ටැමිල් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 62ක් රැස්කිරීමට සමත්විය.

කෝල්ට්ස් ඉනිමකින් හා 266 ක ජයක්

කැන්ඩි කස්ටම් මුල් ඉනිම 131යි – (කවිඳු ලක්ෂාන් 42, නදීෂ් බණ්ඩාර 21, දිල්ෂාන් මධුශංඛ 39/5, හර්ෂ වික්‍රමසිංහ 47/4යි) සහ දෙවන ඉනිම 108යි පන්දුවාර 42.1 – (රුවින් ෆොන්සේකා 26, නිර්මල ප්‍රනාන්දු 25, ජෙහාන් ඩැනියල් 32/5, හර්ෂණ වික්‍රමසිංහ 25/5)

කෝල්ට්ස් කඩුලු 6ට 505 පන්දු වාර 85.5 – (ෂාලින්ද මෙල් 157, අවිශ්ක පෙරේරා 95, රවිඳු රසන්ත 135, නිසල ආකාෂ් 83/4)

ටැමිල් යුනියන් කඩුලු 9කින් ජයගනියි

පානදුර මුල් ඉනිම 133යි – (ෂානුක දුලාජ් 21, දුමින්ද ධනුෂ්ක 18, දිලුම් සුධීර 41/5, මිගාර වික්‍රමසිංහ 16/2) සහ දෙවන ඉනිම 85 (පන්දුවාර 31.1යි) – විනුක රූබසිංහ 20, ෂානුක දුල්හාජ් 42, දිලුම් සුධීර 32/8

ටැමිල් මුල් ඉනිම 159යි පන්දුවාර 44.3යි – (යොහාන් මෙන්ඩිස් 58, මිහිරංග වික්‍රමසිංහ 15, එරාන් හංසමාල් 41/3, කෝසල රවිඳු 17/2) සහ දෙවන ඉනිම කඩුලු 1ට 62යි (සුපුන් කාවින්ද නොදැවී 40, යොහාන් මෙන්ඩිස් 21)

එස්.සී.සී. වෙතින් ප්‍රබල පිළිතුරක්

වැලිසර පැවැති මේ තරගයේදී එස්.එස්.සී ප්‍රථම වරට තියුණු ලෙස  තරග වැදීම කැපීපෙනුණි.

නාවික හමුදාව මුල් ඉනිම 355යි පන්දුවාර 114.5යි – (සලේෂණ ශ්‍රීෂාන් 116, කේසර නුවන්ත 76, සුදාර දක්ෂිණ නොදැවී 30, ෂෙවෝන් ඩැනියෙල් 66/3, සජිත විතානගේ 64/3යි)

එස්.එස්.සී කඩුලු 4ට 240 පන්දුවාර 63 – (අවිශ්ක සේනාධීර 89, ෂෙවෝන් ඩැනියෙල් 80,ඔමේෂ් මෙන්ඩිස් 31, අරවින්ද අකුරුගොඩ 44/3)

ලන්කන් ප්‍රබල පිළිතුරක් දෙයි

සී.සී.සී 319යි පන්දුවාර 95.2යි – (මාලිංග අමරසිංහ 105, අංජල බණ්ඩාර 67, පවන් රත්නායක 40, සඳුන් අබේවර්ධන 80/5යි)

ලන්කන් කඩුලු 4ට 223යි පන්දුවාර 82යි – (දමිත සිල්වා නොදැවී 51, රිසිත් උපුමල් නොදැවී 44, අයි.දිසානායක 30, දෙවිඳු කැකිරිදෙණිය 63/2)

මුවර්ස් පළමු ඉනිමේ පෙරමුණ ගනියි

මුවර්ස් මුල් ඉනිම 368 පන්දුවාර 102.3යි – (පසිඳු සූරියබණ්ඩාර 79, රිසිර වීරසූරිය 97, අයන සිරිවර්ධන 44, මිලාන් රත්නායක 39, ටනූෂාන් කොස්තා 105/4යි)

සෙබස්ටියනයිට්ස් 196යි පන්දු 60.2යි – (මනෙක ද සිල්වා 75, විහාන් ගුණසේකර 34, තීෂාන් විතුෂාන් 71/5, දිනුක දිල්ෂාන් 26/3) සහ ඉනිම කිසිවෙකු නොදැවී 23

එන්.සී.සී ඉදිරියෙන්

එන්.සී.සී මුල් ඉනිම 304යි – (කවීන් බණ්ඩාර 116, අහන් වික්‍රමසිංහ 52, දිනෙත් ජයකොඩි 40, කවික දිල්ෂාන් 62/4, සඳුන් මෙන්ඩිස් 45/2) සහ දෙවන ඉනිම කඩුලු 1ට 41යි පන්දුවාර 16 – (ජොහාන් ද සිල්වා නොදැවී 30)

සරසන්ස් මුල් ඉනිම 204 පන්දුවාර 89.2 – (සසිත පල්ලියගුරු 42, චාමික ප්‍රනාන්දු 29, නවිඳු විතානගේ 26, යූගීෂ දිල්ෂාන් 78/4, කවිඳු ඊස්වර 38/4)

නිගම්බු ඉදිරියෙන්

නිගම්බු මුල් ඉනිම 278 – (අමෝද් විදානපතිරණ 90, සඳරුවන් චින්තක 58, ජීවක සසේන් 43, දසුන් සෙනෙවිරත්න 69/5යි) සහ දෙවන ඉනිම කඩුලු 1ට 101යි පන්දුවාර 27 – (රශ්මික මෙවන් 51, අමෝද් විදානපතිරණ නොදැවී 40)

චිලව් මේරියන්ස් 172යි පන්දුවාර 63.3යි – (රවීන් යසස් 78, දසුන් සෙනෙවිරත්න 20, පසිඳු උස්හෙට්ටිගේ 41/6යි)

විවෘත තරගයක්

කුරුණෑගල යූත් පළමු ඉනිම 222 – (මුදිත ප්‍රේමදාස 91, කවිඳු ඒකනායක 36, සංජීව ප්‍රියදර්ශන 33, රාජේන්ද්‍ර අරවින්ත් 77/6යි, දිලීප ජයලත් 52/2යි) සහ දෙවන ඉනිම කඩුලු 6ට 119 – පන්දු වාර 40 – (දුලාජ් රණතුංග 57, සංජීව ප්‍රියදර්ශන නොදැවී 24, රාජේන්ද්‍ර අරවින්ත් 58/5යි)

බ්ලූම්ෆීල්ඩ් මුල් ඉනිම 204යි පන්දුවාර 65.2යි – (සනෝජ් දර්ශික 71, නිපුන් හග්ගල්ල 44, සී.කමිඳු 40, මදුරංග නවීන් 62/3, චමෝද් රත්නායක 18/3)

රාගම කඩුලු 8 ට ලකුණු 501 යි

රාගම මුල් ඉනිම කඩුලු 8ට 501 පන්දුවාර 129.3යි – (ටී.දික්වැල්ල 214යි, දිනෙත් තිමෝද්‍ය 77, ඩී.බණ්ඩාර 67, සංජුල බණ්ඩාර නොදැවී 52, නිර්මල රත්නායක 148/4යි)

බදුරලිය මුල් ඉනිම කඩුලු 5ට 166යි පන්දුවාර 48 – (මළිඳු මධුරංග 80, රමේෂ් සිල්වා නොදැවී 44, හරින් රත්නමුදලි 38/2, සංජුල බණ්ඩාර 32/2)

ඒස් කැපිටල් – බී.ආර්.සී සමබර තරගයක්

ඒස් කැපිටල් මුල් ඉනිම 454 (107.4යි) – (සවන් කංකානමගේ 156, ටී.බාස්කරන් නොදැවී 89, පී.දාබරේ 39, කවිඳු එදිරිවීර 114/5, සවිඳු උත්සර 92/3යි)

බී.ආර්.සී මුල් ඉනිම කඩුලු 3ට 240යි – (කවිඳු එදිරිවීර නොදැවී 85, විනුර දුල්සර 99, නිපුන් ලක්ෂාන් 13/1යි)

පොලීසිය – නුගේගොඩ සමබර තත්ත්වයක

නුගේගොඩ මුල් ඉනිම 241 – (භාග්‍ය දිසානායක 79, අභිෂේක් ලියනආරච්චි 63, අසේල සිගේරා 33/2, සී.ජයතිලක 43/2) සහ දෙවන ඉනිම කඩුලු 3ට 151 – (භාග්‍ය දිසානායක 44, අභිෂේක් ලියනආරච්චි 42, නිමේෂ ගුණසිංහ නොදැවී 35, එන්.සස්මික 22/1

පොලීසිය පළමු ඉනිම 278 පන්දුවාර 69.3යි – (අසේල සිගේරා 84, දිල්හාර පොල්ගම්පල 64, කේ.කරුණාතිලක 44, ප්‍රගීත් ගුණතිලක 87/5යි)

යුද හමුදාව – කලුතර තරගය දෙපිලටම විවෘතයි

කලුතර නගර කණ්ඩායම 206යි (ටී.වීරසිංහ 55, අමිට් කොවුල් 19, කෞමාල් නානායක්කාර 69/7යි, සෙහෙද සොයිසා 61/2යි) සහ දෙවන ඉනිම කඩුලු 4ට 106යි – (අමිට් කොවුල් 30, ඉසුරු සඳමාල් 24, ලක්ෂාන් ගමගේ 7/1)

යුද හමුදාව මුල් ඉනිම 169යි – (පැතුම් බොතේජු 56, ලක්ෂාන් ගමගේ 30, රොමේෂ් නල්ලපෙරුම 36/3, ජනිඳු ඉඳුවර 20/3යි)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest