slc
logo
Home   |    News
මාර්තු 31, 2022
ගුවන් සහ යුද හමුදා දැවැන්ත ජයග්‍රහණ වාර්තා කරති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ I කොටස ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දින තරග අතුරින් නාවික හමුදාව චිලව් මේරියන්ස් ගුවන් හමුදාව “ඒ” සහ යුද හමුදා “ඒ” ජයග්‍රහණ අත්කරගත්හ. නාවික හමුදාව කඩුලු 8කින් සීනිගම ද චිලව් මේරියන්ස් ලකුණු 97කින් කෝල්ට්ස් ද ගුවන් හමුදා “ඒ” ලකුණු 211කින් ගුවන් හමුදා “බී” ද යුද හමුදා “ඒ” ලකුණු 195කින් යුද හමුදා “බී” ද පරාජයට පත් කළහ.

ගුවන් හමුදාව “ඒ” පිලට දැවැන්ත ජයක්

ගුවන් හමුදා “ඒ” කණ්ඩායමේ ඩිලානි මනෝදරාගේ ලකුණු 92 ක ඉනිම ප්‍රධාන කොට නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලකුණු 286 ක් රැස් කරගැනීමට ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායමට හැකියාව ලැබිණ. ඕෂදී රණසිංහ (39) එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 81 ක් සහ මල්ෂා ෂෙහානි (51) සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 111 ක් එක් කිරීමට ඩිලානි මනෝදරා සමත්වීම නිසා එම දැවැන්ත ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට ගුවන් හමුදා ‘ඒ’ පිලට අවස්ථාව ලැබිණ.

පන්දු 78කට මුහුණ දුන් ඩිලානි මනෝදරා හතරේ 12ක් සමග ලකුණු 92ක් ලබා ගත්තාය. ඇයට අමතරව මල්ෂා ෂෙහානි  පන්දු 43කදී හතරේ හතක් සමඟ ලකුණු 51ක්ද ඕෂදී රණසිංහ පන්දු 38කදී හතරේ පහක් සමග ලකුණු 39ක්ද රැස් කළහ.

ගුවන් හමුදා “ඒ” පන්දුවාර 50කදී කඩුලු 9ට 286 යි (ඩිලානි මනෝදරා 92, මල්ෂා ෂෙහානි 51, ඕෂදී රණසිංහ 39, චතුරානි ගුණවර්ධන 25, අමා කාංචනා නොදැවී 22, චමරී දේද්දුව කුමාර 42/5)

ගුවන් හමුදාව “බී” පන්දුවාර 48.5 කදී ලකුණු 75 යි – (හිරුෂ පීරිස් 19,ම ල්කි මදාර 12, මල්ෂා ෂෙහානි 3/3, තාරුකා සෙහානි 23/3)

යුදහමුදා “ඒ” පිල ලකුණු 195කින් ජයගනියි

යුද හමුදා “ඒ” කණ්ඩායමේ ඉමල්කා මෙනඩිස් ලකුණු 88ක් සහ නිලක්ෂ සිල්වා නොදැවී 81ක්ද රැස් කිරීමට සමත්වීම මත මෙම දැවැන්ත ජය වාර්තා කිරීමට යුද හමුදා කණ්ඩායමට හැකියාව ලැබිණ. පන්දු 113 කට මුහුණ දුන් ඉමල්කා හතරේ පහර 12 කින් සිය ඉනිම සරසා ගනිද්දී නිලක්ෂි සිල්වා හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමඟ පන්දු 86 කට මුහුණ දී ලකුණු 81 රැස් කරගත්තාය. ඔවුන් දෙදෙනාට අමතරව සකුන්තලා ද සිල්වා නොදැවී පන්දු 45 කදී ලකුණු 48ක් රැස් කර ගත්තාය. මෙහිදී පස්වන කඩුල්ල වෙනුවෙන් නිලක්ෂි ද සිල්වා සහ සකුන්තලා ද සිල්වා නොදැවී එක්කළ ලකුණු සංඛ්‍යාව සියයකි.

යුද හමුදා “ඒ” පන්දුවාර 50කදී කඩුලු 4ට 265 යි  – (ඉමල්කා මෙන්ඩිස් 88, නිලක්ෂී ද සිල්වා නොදැවී 81,සකුන්තලා ද සිල්වා නොදැවී 48,මදාරා සමරකොන් 18/1)

යුද හමුදා “බී” පන්දුවාර 35.1 කදී සියල්ල දැවී 70 යි – (සචිනි ද සිල්වා 14,අයේෂා චන්ද්‍රසිරි 10,ගනේෂා චමරී 8/4,අචිනි කුලසූරිය 17/2)

නාවික හමුදාවට කඩුලු 8 ක ජයක්

නාවික හමුදාව සහ සීනිගම අතර පැවතී මේ තරගයෙන් නාවික හමුදාව කඩුලු අටක පහසු ජයග්‍රහණයක් අත්කරගත්තේ පන්දු 168ක්ම ඉතිරිව තිබියදීය. නාවික හමුදාව  ලකුණු 113ක ඉලක්කයක් හඹායාමේදී ප්‍රථම කඩුල්ලට හෂිනි පෙරේරා (නොදැවී 55 ) සහ උමේෂා හර්ෂිනි පන්දු 67කදී ලකුණු 44ක්ද තෙවන කඩුල්ලට හෂිනි පෙරේරා සහ හර්ෂිතා වික්‍රමසිංහ නොදැවී ලකුණු 41ක්ද රැස් කළහ. හර්ෂනි පෙරේරා පන්දු 62කදී හතරේ හතරක් හයේ තුනක් සමග නොදැවී ලකුණු 55ක් ලැබීය.

සීනිගම පන්දුවාර 35.4කදී සියල්ල දැවි 112 යි – (පියුමි වත්සලා 31,විහාරා සෙව්වන්දි 20,ඉමේෂා දුලනි 15‍,උදේශිකා ප්‍රබෝධනී 20/2, රෂ්මි සිල්වා 21/2, ඉනෝකා රණවීර 27/2)

නාවික හමුදාව පන්දුවාර 22කදී කඩුලු 2ට 114යි – (හෂිනි පෙරේරා නොදැවී 55, හංසිමා කරුණාරත්න 21, උමේෂා තිමේෂානි 16, හර්ෂිතා වික්‍රමසිංහ නොදැවී 08, කවීෂා දිල්හාරි 20/1, සුලේෂා සත්සරණි 21/1යි)

චිලව්මේරියන්ස් පළමු ජය ලබයි

මෙවර තරග වාරයේ චිලව් මේරියන්ස් පිල වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය බවට පත්වුණු මෙම තරගයෙන් ලකුණු 97ක ජයක් සීනිගම පිලට එරෙහිව වාර්තා කළේය. පළමුව පන්දුවට පහරදුන් චිලව් මේරියන්ස් කණ්ඩායමේ හොඳම සබඳතාවය ප්‍රථම කඩුල්ලට විශ්මි ගුණරත්න (36) සහ නායිකාව චමරි අතපත්තු (22) පන්දු පණහකදී රැස්කළ ලකුණු 50වේ. චිලව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ සඳුනි නිසංසලා පන්දු 54කදී හතරේ පහක් සමඟ නොදැවී ලකුණු 39ක්ද විශ්මි ගුණරත්න පන්දු 56කදී හතරේ හතරක් සමඟ ලකුණු 36ක්ද ජනාදි අමාලි පන්දු 57කදී හතරේ දෙකක් සමඟ ලකුණු 33ක්ද රැස්කළහ.

චිලව් මේරියන්ස් පන්දුවාර 49.3කදී 203යි – (සඳුනි නිසංසලා නොදැවී 39, විශ්මි ගුණරත්න 36, ජනාදි අමාලි 33, චමරි අතපත්තු 22, දුලංගා දිසානායක 19/3, නිමාෂා මධුෂානි 29/2)

කෝල්ට්ස් පන්දුවාර 34.2දී 106 – (ශිකාරි ද සිල්වා 24, දුලංගා දිසානායක 23,චමරි අතපත්තු 3/3, ජනාදි අමාලි 15/2)

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee