slc
logo
Home   |    News
මාර්තු 20, 2022
ගෝල් ප්‍රබල තත්ත්වයක

sinhala editor

ජැෆ්නා කණ්ඩායම මුල් ඉනිමේදී ලකුණු 254 කට දවාලු ගොල් කණඩායම දෙවන දිනය වූ අද ( 18) තරගය අයහපත් කාලගුණය මත සවස් තේ පානයටත් පෙර නතර කරනවිට කිසිවෙකු නොදැවී ලකුණු 113ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය.

ගොල් කණ්ඩායම මේ වන විට ජැෆ්නා මුල් ඉනිමට වඩා ලකුණු 141ක් පමණ පිටුපසින් සිටින්නේ ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන්  දෙදෙනා වන සංගීත් කුරේ නොදැවී 58 ක් සහ පබසර වඩුගේ නොදැවී 51 ක් ලබමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිවුද්න ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගය හම්බන්තොට මහන්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ප්‍රථම දින ( 17) තරගය නිමාවනවිට ගොල් කණ්ඩායම පිතිකරුවන් නව දෙනෙකුම දැවී ලකුණු 218ක් පමණක් ලබා සිටියත් ඔවුන්ගේ අවසාන කඩුල්ලට පන්දුවට පහරදුන් වේගපන්දු යවන අංක 11 පිතිකරු  නුවන් ප්‍රදීප් සමග කල්හාර සේනාරත්න පන්දු 69කදී ලකුණු 59 ක් එක් කළේ කණ්ඩායම යම් සහනදායී තත්ත්වයකටද පත් කරමිනි. මෙය මේ කණ්ඩායමේ දෙවන හොඳම සබඳතවය වූ අතර හොඳම සබඳතාවයට වඩා එය අඩු වුයේ ලකුණු දෙකකිනි. වැඩිම ලකුණු සබඳතාවය වූයේ පළමු කඩුල්ලට නවෝද් පරණවිතාන සහ නිශාන් මදුශංක එක් කළ ලකුණු 61 වේ.

ගොල් කණඩායමේ දෙවන දින කැපී පෙනුණු පන්දු යවන්නා වූයේ දිල්ෂාන් මධුෂ්කය. දිල්ෂාන් ජැෆ්නා මුල් ඉනිමේ කඩුලු තුනක් දවාලූවේ ලකුණු 51කටය නුවන් ප්‍රදීප් තම හොඳම පිතිහරඹය විදහා දැක්වූයේ පන්දු 40කට මුහුණදී හයේ පහරක් හතරේ පහර හයක් සමග නොදැවී ලකුණු 37ක් රැස් කරමිනි. කල්හාර සේනාරත්න ලකුණු 29ක් රැස් කළේ පන්දු 46කට මුහුණදී හතරේ පහර තුනක් සමගිනි.

ගොල් කණ්ඩායම් පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකරු යුගල සංගීත් කුරේ සහ පබසර වඩුගේ ප්‍රථම කඩුල්ලට පන්දුවාර 30.4කදී නොදැවී එක් කළ ලකුණු සංඛයාව 113කි.සංගීත් කුරේ පන්දු 90කදී හතරේ හයක් සමග නොදැවී ලකුණු 58 ක්ද පබසර වඩුගේ පන්දු 94කදී හතරේ හයක් සමග නොදැවී ලකුණු 51ක් ද රැස් කළහ.

ලකුණු විස්තරය

ජැෆ්නා පළමු ඉනිම සියල්ල දැවී 254යි ( පන්දුවාර 83.5) – (නූවන් ප්‍රදීප් නොදැවී 37,නවෝද් පරණවිතාන 34,නිශාන් මධුෂ්ක 29 කල්හාර සේනාරත්න 29 ,සංතූෂ් ගුණතිලක 28 සමිඳු ප්‍රනාන්දු 27 , සධීර සමර වික්‍රම 18,අවිශ්ක තරුඳු 18 සුමිඳ ලක්ෂාන් 28/4, දිල්ෂාන් මධුෂ්ක 51/3 චලන ද සිල්වා 72/2)

ගොල් මුල් ඉනිම දෙවන දින තරගය නතර කරන වි කිසිවෙකු නොදැවී 113 යි පන්දුවාර 30.4 යි – පන්දුවාර 30.4 යි – ( සංගීත් කුරේ නොදැවී 58,පබසර වඩුගේ නොදැවී 51 යි)

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest