slc
Home   |    News
මාර්තු 31, 2022
ටෙස්ට් තරග 2 කට ශ්‍රී ලංකාව මැයි 08 දා බංග්ලාදේශයට

sinhala editor

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 2 කට සහභාගිවීම සඳහා මැයි මස මැදදී බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය මැයි මස 15 වැනිදා ආරම්භ වනු ඇත.  මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 08 වැනිදා බංග්ලාදේශය වෙත ළඟාවීමට නියමිතය.

චැටොග්‍රෑම් සහ ඩකාහිදී පැවැත්වෙන මෙම තරගාවලිය මැයි මස 27 වැනිදා අවසන් වීමට නියමිතය. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය ආරම්භයට පෙර දෙදින පුහුණු තරගයකට සහභාගිවීමට නියමිත වන අතර එම තරගයද චැටොග්‍රෑම්හිදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest