slc
logo
Home   |    News
මාර්තු 14, 2022
නැගීඑන තරගාවලියේ මුවර්ස්, එන්.සී.සී., ටැමිල් සහ කෝල්ට්ස් පෙරමුණට

sinhala editor

නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සතිය අවසන් වන විට ඒ ඒ කාණ්ඩවල පෙරමුණ ගැනීමට මුවර්ස්, එන්.සී.සී., ටැමිල් යුනියන් සහ කෝල්ට්ස් යන ක්‍රීඩා සමාජ සමත්ව සිටිති. මෙවර තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ මෙතෙක් සහභාගිව ඇති තරග 4 න් 3 ක් ජයගෙන සිටින මුවර්ස් ප්‍රසාද ලකුණු 63.06 ක් රඳවා ගනිමින්ද, තරග 4 කදී එක් ජයක් සහ නොවිසඳුණු තරග 3 ක සමඟින් ප්‍රසාද ලකුණු 48.17 ක් ලබා බී කාණ්ඩයෙන් එන්.සී.සී. ද තරග 3 කදී ජයග්‍රහණ 3 ක් ද සමඟ ප්‍රසාද ලකුණු 50.92 ක් ලබා ලබා ටැමිල් යුනියන් සී කාණ්ඩයේ සහ සහභාගිවූ තරග 4 න් 4 ම ජයගෙන සිටින කෝල්ට්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 74 ක් ලබමින් ඩී කාණ්ඩයේද පෙරමුණ ගෙන සිටිති.

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee