slc
Home   |    News
මාර්තු 24, 2022
නිගම්බු අවසන් පූර්ව වටයට  

sinhala editor

By Chamila Karawita

නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසානය ළං වත්ම ‘බී’ කාණ්ඩය යටතේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් කණ්ඩායම් හතර අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට නිගම්බු ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. සෙසු කාණ්ඩයන් අතර මුවර්ස් කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයෙන්ද ටැමිල් යුනියන් ‘බී’ කාණ්ඩයෙන්ද කෝල්ට්ස් ‘ඩී’ කාණ්ඩයෙන්ද පෙරමුණ ගෙන සිටිති.

ගෙවී ගිය සති අන්තයේදී කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජයට එරෙහිව ඉනිමක සහ ලකුණු 50 ක ජයක් වාර්තා කළ නිගම්බු කණ්ඩායම මේ වන විට සහභාගිව ඇති තරග 4 කදී පූර්ණ තරග ජයග්‍රහණ 3 ක් වාර්තා කරමින් දෙවැනි වටයේ තම ස්ථානය තහවුරු කරගෙන සිටියි.

හෙටින් (25 දා) ඇරඹෙන් සතියේදී නිගම්බු කණ්ඩායමට ඉතිරිව ඇත්තේ සැරසන්ස්ට එරෙහි තරගය පමණක් වන නමුත් එම තරගයෙන් පරාජයට පත් වුවද නිගම්බු කණ්ඩායම ලබා සිටින ප්‍රසාද ලකුණු 64.62 ක අභිබවාලීමට සැරසන්ස් පිලට අවස්ථාවක් නොමැත.

කාණ්ඩ 4 න් පළමු ස්ථානවලට පැමිණෙන කණ්ඩායම් 4 පමණක් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබන මෙම තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයෙන් මුවර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 67.9 ක් ලබා පෙරමුණ ගෙන සිටියද ඔවුන්ට ගතවූ සති අන්තයේදී ගුවන් හමුදා කණ්ඩායම අතින් ලද කඩුලු 5 ක පරාජය මත අවසන් කණ්ඩායම් 4 අතරට පිවිසීම මේ වන විට අවධානමක් ගෙන දෙන්නක් වී තිබේ. ඊට හේතුව වී ඇත්තේ මුවර්ස් කණ්ඩායම මේ වන විට තරග 5 කට ක්‍රීඩා කර තිබෙන අතර ඔවුන්ට පහලින් සිටින සෙබස්තියනයිටස් (55.16) සහ ගුවන් හමුදා (44.04) කණ්ඩායම් වලට තවත් තරග 2 කට ක්‍රීඩා කිරීමට අවස්ථාව ඉතිරිව තිබීම නිසා, අවසන් කණ්ඩායම් 4 ට යෑම තුන්කොන් සටනක් නිර්මාණය කරවන්නක් වී තිබේ.

පූර්ණ තරග ජයග්‍රහණ 2 ක් වාර්තා කරගෙන සිටි රාගම කණ්ඩායම ටැමිලි යුනියන්ට එරෙහි තරගයේදී පළමු ඉනිමේ පරාජයක් ලැබීම මත ඔවුන් අතර පරතරය 11.82 ක් බවට පත්ව තිබේ. ඒ අනුව අවසන් කණ්ඩායම් 4 අතරට පිවිසීමට නම් රාගම කණ්ඩායමට මෙම සතියේදී තරග වැදීමට නියමිත පොලිස් තරගය පූර්ණ තරග ජයග්‍රහණයක් අත්කර ගත යුතු වන අතර ටැමිල් යුනියන් පිල පළමු ඉනිමේදී පරාජය පත්වනතුරු ද බලා සිටීමට සිදුවේ. ප්‍රසාද ලකුණු සටහනේ අංක 1 ස්ථානය ආරක්ෂා කරගැනීම සඳහා ටැමිල් යුනියන් කණ්ඩායමට පළමු ඉනිමේ ජයග්‍රහණයක් පමණක් අවශ්‍ය වනු ඇත.  

මෙතෙක් තරගාවලියේ වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් (74) හිමිකර සිටින කණ්ඩායම බවට පත්ව සිටින්නේ ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වදින කෝල්ට්ස් කණ්ඩායම වේ. තරග 4 කදී පූර්ණ තරග ජයග්‍රහණ 4 ක් වාර්තා කිරීමට කෝල්ට්ස් පිල සමත් වද්දී යුද හමුදා කණ්ඩායම තරග 5 කදී පූර්ණ ජයග්‍රහණ 4 ක් වාර්තා කර ගනිමින් කෝල්ට්ස් කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 2.14 ක් පිටුපසින් වේ. කෙසේ වෙතත් හෙටින් ආරම්භ වන සති අන්තයේදී කෝල්ට්ස් සහ යුද හමුදා කණ්ඩායම් පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේදී තරග වදින අතර එහි ජය වාර්තා කරනු ලබන කණ්ඩායම එම සටහනේ පෙරමුණ ගනු ඇත. එහෙත් ගැටළුව බවට පත්ව ඇත්තේ මූලික වටය යටතේ තරග වදිනු ලබන අවසන් තරගය වන හෙට තරගය  ජය ගැනීමට යුද හමුදා පිල සමත් වුවද ඔවුන්ව දෙවැනි තැනට ඇද දැමීම කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට තවත් තරගයක් ඉතිරිව තිබීමයි.

ක්‍රීඩක දක්ෂතාවයන් අතර එන්. සී. සී. කණ්ඩායමේ ජොහාන් ද සිල්වා තරග 5 කදී ලකුණු 535 ක් ලබා ගනිමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. ශතක 2 ක් සහ අර්ධ ශතක 4 ක් ද සමග ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 72.49 ක් රඳවා ගැනීමට සමත්ව සිටින ජොහාන්ගේ කුරුණෑගල ක්‍රීඩා සමාජයට එරෙහිව රැස් කරන ලද ලකුණු 144 ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්ව තිබේ.

පන්දු යවන්නන් අතර වමත් පන්දු යවන්නන් දෙපළක් වන ටැමිල් යුනියන් කණ්ඩායමේ දිලුම් සුධීර තිලකරත්න සහ යුද හමුදා කණ්ඩායමේ කෞමාල් නානායක්කාර කඩුල 40 බැගින් දවා ගනිමින් ඉදිරියෙන් සිටිති. කෞමාල් තරග 5 කදී එම දක්ෂතාව දක්වද්දී දිලුම් තරග 4 කට සහභාගිවී ඇති බැවින් එම සටහනේ පෙරමුණ ඔහුගේ නම ඉදිරියෙන් ලියැවී තිබේ.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest