slc
Home   |    News
මාර්තු 13, 2022
පළමු දිනයේ කඩුලු 16 ක් බිඳ වැටෙයි

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය යටතේ බැංගලෝර්හි අද (12 දා) ඇරැඹි දිවා/රාත්‍රී ටෙස්ට් තරගයේදී කඩුලු 16 ක් බිඳ දැමිමට දෙපිළේ පන්දු යවන්නෝ සමත්වූහ. ඉන්දියානු පළමු ඉනිම ලකුණු 252 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වද්දී හෝරා දෙකකට ආසන්න කාලයක් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 6 ක් ලකුණු 86 ක් ඇතුළත බිඳ දැමීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය පළමු ඉනිමට තවත් ලකුණු 166 ක් පිටුපසින් සිටින්නේ කඩුලු 4 ක් පමණක් අතැතිවය.

ඉන්දීයානු පන්දු යැවීමේ බලපරාක්‍රමය හමුවේ නොසැළී සිටි ඇංජලෝ මැතිව්ස් (43) මෙතෙක් ඉනිමේ ලකුණු ලාභියා බවට පත්වෙද්දී දිනය නිමාවට මිනිත්තු කීපයක් ඇතුළතදී දවා ගැනීමට ජස්ප්‍රිට් බුම්රා සමත්වීමත් සමඟ ශ්‍රී ලංකාව අසීරුවට පත්විය. ඔහු සමඟ පන්දුවට පහර දුන් නම් දැරූ පිතිකරුවන් අතර ඉතිරිව සිටින නිරෝෂන් දික්වැල්ල ලකුණු 13 ක් සහ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු නොලබා කඩුල්ලේ රැඳී සිටිති.

ශ්‍රී ලංකාව පන්දුවට පහර දුන් පන්දුවාර 30 දී එකා පිට එකා කඩුලු දැවී යෑම හැර කැපී පෙනෙන වෙනත් කිසිවක් නොවීය. කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 252 ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුවත් ලබාගත් ලකුණු වලින් ලකුණු 148 ක්ම හයේ සහ හතරේ පහර වලින් රැස් කරන ලද ඒවා විය.

ඒ අතරින් ශ්‍රී ලංකාවට වැඩිම හානියක් සිදුකරන ලද්දේ ශ්‍රෙයාස් අයියර් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු අයියර් ලකුණු 92 ක් ලබා ගත්තේ පන්දු 98 කට මුහුණ දෙමිනි. ළහිරු කුමාර වෙනුවට කණ්ඩායමට කැඳවා සිටින වමත් දඟ පන්දු යවන්නා, ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවක් හමුවේ අයියර්ගේ ඉනිම හමාර වන විට හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් ඉනිමට ඇතුළත් කර ගැනීමට සමත්ව සිටියේය.

කඩුලු දවා ගැනීමේදී වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනා වන ජයවික්‍රම සහ ඇඹුල්දෙණිය කඩුලු 3 බැගින් දවා ගනිද්දී ධනංජය ද සිල්වා කඩුලු 2 ක් සහ සුරංග ලක්මාල් එක් කඩුල්ලක් බැගින් දවා ගත්හ. තේ පානයට පෙර රිෂාබ් පාන්ට් විසින් උඩ පන්දුවක් ලබා දුන් නමුත් එය සුරංග ලක්මාල්ට රැක ගැනීමට නොහැකි විය. එසේ වූයේ නම් තේ පානය වන විට ඉන්දීය ඉනිම ලකුණු 93 කට කඩුලු 5 ක් වනු ඇත.

ඉන්දීය ඉනිමේ වටිනාම කඩුල්ල වන හිටපු නායක විරාට් කෝලිගේ කඩුල්ල දවා ගන්නා ලද්දේ ධනංජය ද සිල්වා විසිනි. පා ආවරණයේ වැදුණු පන්දුවට විනිසුරුවරයා ප්‍රතිචාර දැක්වීමත් සමඟ මොහොතක් කෝලි නිරුත්තර වූවේය. ප්‍රධාන විනිසුරුවරයාගේ තීරණයට අභියෝගයක් නෙකරම කෝලි පිටියෙන් ඉවත්වූයේ ලකුණු 23 ක් ලබා සිටියදීය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest