slc
Home   |    News
මාර්තු 25, 2022
ප්‍රභාත් ජයසූරිය ගෝල් මෙල්ල කරයි

sinhala editor

වමත් දඟ පන්දු යවන 31 හැවිරිදි ප්‍රභාත් ජයසූරිය ලකුණු 111කට පිතිකරුවන් 6 දෙනෙකු දවා ලීමට සමත්වීම මත නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී අද (24 දා) ඇරැඹි තරගයේදී  ගොල් කණ්ඩායම ප්‍රථම ඉනිමේදී ලබාගත හැකි වූයේ පන්දුවාර 61.3කදී ලකුණු 267ක් පමණි. එහෙත් ගොල් පෙරළා සටන් කරමින් දිනය නිමවනවිට කළම්බු කඩුලු 6ක්ම ලකුණු 110කට දවාලීය.

කන්ද උඩරට මාතලේ පුරවරයෙන් බිහි වූ ප්‍රභාත් ජයසූරිය ගොල් කණ්ඩායමේ පිතිකරුවනට විශාල ලකුණු සංඛ්‍යාවන් කරා යාමට අවස්ථාවක් නොදී කඩුලු හයක් දවාලූවේ පන්දුවාර 26ක් යවමිනි.

කෙසේ වුවද ගොල් කණ්ඩායමද පන්දු රැකීමට පැමිණි අවස්ථාවේ කළම්බු නායක ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න (10)  අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස් ( 08) සහ අංක හතර පිතිකරු රොෂේන් සිල්වා (07) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවාලමින් කළම්බු සමග තියුණු ගැටුමක නියැළිණි. ගොල් කණ්ඩායමේ අකිල ධනංජය ද කළම්බු කඩුලු තුනක්ම දවාලූවේ ලකුණු 40ක් දිමෙනි.

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ නවවන තරගය ලෙසින් පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනූ ගොල් කණ්ඩායම තීරණය කළේ මුලින් පනදුවට පහදීමටය. ගොල් පිතිකරුවන් දෙදෙනෙකු අර්ධ ශතකයක් තවත් පිතිකරුවන් පස් දෙනෙකු ලකුණු 17 ඉක්මවා රැස් කළත් ඔවුනගේ ඉනිම සීමා වූයේ ලකුණු 267කි.

ප්‍රබල ආරම්භක පිතිකරුවන් දෙදෙනා සංගීත් කුරේ ලකුනු 51ක් ද  පබසර වඩුගේ ලකුණු 42ක්ද රැස් කරමින් මුල් විකට්ටුවේ සබඳතාව ලකුණු  82ක් බවට පත් කළේ පන්දු 118කදීය.

පසුව ප්‍රියමාල් පෙරේරා ලකුණු 51ක් ද කවිශ්ක අංජුල ලකුණු 33ක්ද, ධනංජය ලක්ෂාන් ලකුණු 24ක්ද, චානක රුවන්සිරි 19ක් හෂාන් දුමිඳු 18ක් සහ දිනේෂ් චන්දිමාල් 17ක් එක් කළහ.

ගොල් කණ්ඩායමේ දෙවැනි හොඳම සබඳතාවය වූයේ හත්වන කඩුල්ලට ප්‍රියමාල් පෙරේරා සහ චානක රැවන්සිරි පන්දු 42කදී රැස් කළ ලකුණු 40ක සබඳතාවයයි.

කළම්බු සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දීමට පැවති  අවස්ථාවේ ගොල් කණ්ඩායමේ දඟ පන්දු යවන අකිල ධනංජය දිමුත් කරුණාරත්න (10) සහ රොෂේන් සිල්වා (07) දවාලමින් ද චානක රුවන්සිරි ,කුසල් මෙන්ඩිස් (08) සහ නිපුන් ධනංජය (25) දවාලමින් ද ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ විය. පසුව අකිල ධනංජය සිය තුන්වන කඩුල්ල ලෙස ප්‍රමෝද් මදුවන්ත ද (17) දවාලීමෙන් පසු දිනය නිම වන විට කඩුලු හයකට ලකුණු 110ක් ලබා සිටියේ ගොල් පළමු ඉනිමට වඩා කඩුලු හතරක් පමණක් අතැතිව ලකුණු 157 ක් පිටු පසිනි.

ලකුණු පුවරුව

ගොල් ප්‍රථම ඉනිම පන්දුවාර 61.3 කදී ලකුණු 267  – ( සංගීත් කුරේ 51 ,ප්‍රයමාල් පෙරේරා 51,පබසර වඩුගේ 42 ,කවිෂ්ක අංජුල 33,ධනංජය ලක්ෂාන් 24,චානක රුවන්සිරි 19,හෂාන් දුමිඳු 18,දිනේෂ් චන්දිමාල් 17,ප්‍රභාත් ජයසූරිය 111/6,අෂේන්  බණ්ඩාර 4/2 යි)

කලම්බු පළමු ඉනිම පන්දුවාර 25.2 කදී කඩුලු 6ට ලකුණු 110 යි – (අෂේන් බන්ඩාර 35,නිපුන් ධනංජය 25,ප්‍රමොද් මධුවන්ත 17 ,අකිල ධනංජය 28/3, චානක රුවන්සිරි 40/2)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest