slc
Home   |    News
මාර්තු 2, 2022
පැතුම්ගේ ‘පැතුම’ ඉටුවෙයි

sinhala editor

විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්හි 09 වැනි තැනට එයි

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 09 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වී තිබේ. මෑත ඉතිහාසය තුළ විස්සයි-20 ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකා පිතිකරුවකු පළමු පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණි පළමු අවස්ථාව වශයෙන් නිස්සංකගේ පැමිණීම සටහන් වේ.

මෙම ශ්‍රේණිගත කිරීම් පළමු ස්ථානය පාකිස්තානයේ බාබර් අසාම් හිමිකරගෙන සිටින්නේ ප්‍රසාද ලකුණ 805 ක් ලබා ගනිමිනි. දෙවැනි ස්ථානයේ ද පසුවන්නේ පාකිස්තානු ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්ද වේ. ඔහු ප්‍රසාද ලකුණු 798 ක් දිනා දෙවැනි ස්ථානයේ පසුවද්දී දකුණු අප්‍රිකාවේ ඒයිඩ්න් මාක්‍රම් ප්‍රසාද ලකුණු 796 ක් සමඟින් තෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරගාවලියේදී තමන් සතුව මෙම වසරේදී  සාර්ථක කරගත යුතු ඉලක්ක කීපයක් තිබෙන බව සඳහන් කර සිටි 23 හැවිරිදි දකුණත් පිතිකරුවා, අන්තර්ජාතික පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියට පැමිණීම ඉන් ප්‍රධාන අරමුණක් බව සඳහන් කර සිටියේය. “මගේ පෞද්ගලික ඉලක්ක කීපයක් තියෙනවා මේ වසරේ සාර්ථක කරගන්න. ඒ අතරින් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීම මූලිකයි. ඒ වෙනුවෙන් මම මහන්සි වෙනවා. මගේ ලොකුම අරමුණ වෙලා තියෙන්නේ ඒක” යැයි ජනවාරි 17 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී 2022 වසරේ වන බලාපොරොත්තු පිළිබඳව අදහස් දක්වා සිටියේය.

ඉන්දියාවට එරෙහිව වූ තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ වන විට ජාත්‍යන්තර පිතිකරුවන්ගේ වර්ගීකරණයේ 15 වැනි ස්ථානයේ සිටි නිස්සංක එම තරග සංචාරයේදී තරග 3 කදී ලකුණු 76 ක් ලබා ගත්තේ එක් අර්ධ ශතකයක්ද සමඟිනි. ලොව අංක 1 විස්සයි-20 කණ්ඩායම බවට පත්ව සිටින ඉන්දියාවට එරෙහිව පැතුම් දක්වන ලද දක්ෂතාව නිසා ස්ථානය 6 ක් ඉදිරියට පැමිණීමේ වාසනාව ඔහුට උදාවිය.

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest