slc
logo
Home   |    News
මාර්තු 26, 2022
පොලීසියට ප්‍රථම ජයග්‍රහණය.

sinhala editor

මේජර් එමර්ජින් (නැගීඑන) තෙදින ක්‍රිකට් තරගාවලියේ සති අන්තයේ (24-27) ආරම්භවූ තරග අතුරින් පොලීසිය සහ රාගම අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් පොලීසියට කඩුලු හතක පහසු ජයක් වාර්තා කළේය. පොලිස් කණ්ඩායමේ නායක අසේල සිගේරා මේ තරගයේදීද තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීය.

සතිඅන්තයේ මෙතෙක් පැවැති තරග අතුරින් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා වූ ටැමිල් කණ්ඩායමේ සුපුන් කවිඳු නුගේගොඩ කණ්ඩායම සමඟ ලකුණු 173ක් රැස්කලේය. වනාතමුල්ල සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී සුපුන් කවිඳු පන්දු 219කදී  හතරේ 13ක් සහ හයේ පහර තුනක් සමඟ එම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය. සුපුන්ගේ දක්ෂතා මත ටැමිල් කණ්ඩායමට ප්‍රථම දින නිමවන විට කඩුලු පහකට ලකුණු 383ක් රැසකිරීමට අවස්ථාව උදාවිණි.

පොලීසියට කඩුලු හතක ජයක්

රාගම මුල් ඉනිම 185 (පන්දුවාර 56.4යි) – (දිමුත් තිමෝද්‍ය 44, යොහාන් ලියනගේ 28, නදිත් මිෂේන්ද්‍ර 25, මනීෂ රූපසිංහ 27, තෙවිඳු දික්වැල්ල 16. ඩී.වික්‍රමආරච්චි 53/5, කේ.කරුණාරත්න 42/2යි)

පොලීසිය මුල් ඉනිම 177යි (පන්දුවාර 48.1යි) – (ආර්.ගංගනාත් 58, ටී.සිල්වා 25, ආර්.ද සිල්වා 25, නදීර බාලසූරිය 27, ඩෙලන් පීරිස් 56/6, කවීෂ දුලංජන 28/2, සංජුල බණ්ඩාර 49/2)

රාගම දෙවන ඉනිම 84යි (පන්දුවාර 24.1යි) – හෙෂාන් ධනුෂ්ක 23, යොහාන් ලියනගේ 22, අසේල සිගේරා 16/4, නදීර බාලසූරිය 12/3, ඩී.වන්නිආරච්චි 26/3යි)

පොලීසිය දෙවන ඉනිම කඩුලු 3ට 94යි (පන්දුවාර 18.4යි) – අසේල සිගේරා 51, ජී.කොටුවේගොඩ නොදැවී 28, සංජුල බණ්ඩාර 31/2යි)

සරසන්ස් පළමු ඉනිම 355 යි

සරසන්ස් මුල් ඉනිම 355 (පන්දුවාර 88.4යි) – (කවීෂ කහතුඩුව ආරච්චි 107, සඳුන් මෙන්ඩිස් 60, සසංක නිර්මාල් 45, ඔමල් පලිහපිටිය 35, කවික දිල්ෂාන් 35, පසිඳු උස්ට්ටිගේ 154/6යි, රෂ්මික මෙවන් 61/3යි)

මුවර්ස් – එස්.එස්.සී (මුවර්ස් ක්‍රීඩාංගණය)

මුවර්ස් මුල් ඉනිම 292යි (පන්දුවාර 64.5යි) – (අදීෂ තිලංචන 128, දිනුක දිල්ෂාන් 99, අයන සිරිවර්ධන 19, කවිඳු නදීෂාන් 75/5, කවිශ්ක සේනාධීර 50/2යි)

එස්.එස්.සී.කඩුලු 2ට 73 (පන්දුවාර 23යි) – (ෂෙවොන් ඩැනියල් නොදැවී 49, කවිශ්ක සේනාධීර 17, අයන සිරිවර්ධන 17/2යි)

නාවික හමුදාව 189 යි

නාවික හමුදාව මුල් ඉනිම 189යි (පන්දුවාර 70.2යි) – (සහන් කෝසල 61, පුෂ්පිත දිල්ෂාන් 36, ජනිත් දිල්ෂාන් 29, මුවින් සුබසිංහ 46/5, මතීෂ මධුෂාන් 35/2, සෙනාෂ් ප්‍රනාන්දු 41/2යි)

ගුවන් හමුදාව මුල් ඉනිම කඩුලු 3ට 51යි (පන්දුවාර 17යි) – (කෙමිර විජේනායක 17, උදයවංශ පරාක්‍රම 13, සුදාර දක්ෂිණ 19/2යි)

සෙබස්තියනයිට්ස් 228 කට දැවී යයි

සෙබස්ටියනයිට්ස් මුල් ඉනිම 228යි පන්දුවාර 58.4යි – (විසල් සිල්වා 87, මනෙල්ක ද සිල්වා 38, සඳුන් ප්‍රනාන්දු 33, විමුද් සප්නක නොදැවී 29, විනුද ලියනගේ 39/3, එස්.සංකල්ප 47/3, රිසිත් උපුමල් 13/2යි)

ලන්කන් මුල් ඉනිම කඩුලු 6ට 102යි – (පන්දුවාර 34යි) – (මෙත්සිත් ජයමාන්න නොදැවී 41, ළහිරු දිල්ෂාන් 20, තරිඳු රත්නායක 52/3, තරුෂ ප්‍රනාන්දු 23/2)

කෝල්ට්ස් ප්‍රබල ස්ථානයක

කොල්ට්ස් මුල් ඉනිම 331 (පන්දුවාර 76.5යි) – (හර්ෂ රාජපක්ෂ 85, ෂෙරන් ෆොන්සේකා 80, ජෙහාන් ඩැනියල් 55, රවිඳු රසන්ත 32, කෞමාල් නානායක්කා 111/7)

යුද හමුදාව මුල් ඉනිම කඩුලු 3ට 53යි (පන්දුවාර 11යි) – (බිෂාන් මෙන්ඩිස් 18, තුලින දිල්ෂාන් නොදැවී 14, ජෙහාන් ඩැනියල් 283යි)

ගාල්ල ආරම්භයේදීම අසීරුතාවක

ඒස් කැපිටල් මුල් ඉනිම 204යි (පන්දුවාර 47යි) – (ලසිත් කෲස්පුල්ලේ 64, ප්‍රමුද් හෙට්ටිවත්ත 42, අමිත දාබරේ 42, සුභානු රාජපක්ෂ 51/7යි)

ගාල්ල කඩුලු 4ට 78යි (පන්දුවාර 25යි) – (දිල්ෂාන් කාංචන 25. ප්‍රභාත් ද සොයිසා 25, ශාලක බණ්ඩාර 12/2යි)

රාගම දෙවන ඉනිම 84යි (පන්දුවාර 24.1යි) – හෙෂාන් ධනුෂ්ක 23, යොහාන් ලියනගේ 22, අසේල සිගේරා 16/4, නදීර බාලසූරිය 12/3, ඩී.වන්නිආරච්චි 26/3යි)

කලුතර 284 කට දැවී යයි

කලුතර නගර 283 (පන්දුවාර 87.5යි) – (කවීෂ කුලසූරිය 88, රොමේෂ් නල්ලපෙරුම 32, අමට්යා කෝල් 31, තෙවිඳු සේනාරත්න 25, අයේෂ් හර්ෂණ 94/3, පසන් පෙතියාගොඩ 62/3)

ටැමිල් යුනියන් ප්‍රභල තැනක

ටැමිල් කඩුලු 5ට 383යි (පන්දුවාර 90යි) – (සුපුන් කවිඳ 173, රන්මිත් ජයසේන නොදැවී 57, දමිත් පෙරේරා 47, කමීෂ් නිර්මාල් 41, යොහාන් මෙන්ඩිස් 32, රාහුල් ගුණසේකර 134/2, නවීන් ප්‍රනාන්දු 51/1යි)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee