slc
Home   |    News
මාර්තු 10, 2022
මිනොද් – නිමේෂ සහ ඕෂද ශතක රැස්කරති

sinhala editor

නැෂනල් සූපර් ලීග් ක්‍රීකට් තරගාවලියේ තෙවන සතියේ ආරම්භ වූ තරග 2 අතුරින් ප්‍රථම දිනයේම පිතිකරුවන් තිදෙනෙකුම ශතක රැස්කරමින් මේ තරගාවලියේ පිතිකරුවන්ගේ ආධිපත්‍ය නැවතවතාවක් තහවුරු කළහ. දඹුල්ල නායක මිනොද් භානුක නොදැවී ලකුණු 140 ක්, දඹුල්ල ආරම්භක පිතිකරු නිමේෂ ගුණසිංහ ලකුණු 103 ක් සහ කැන්ඩි අංක තුන පිතිකරු ඕෂද ප්‍රනාන්දු ලකුණු 105 ක් ලෙස අද ශතක වාර්තා කළහ.

මාලිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කැන්ඩි කණ්ඩායමේ මුල් ඉනිම ලකුණු 241ට සීමාවුවත් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දඹුල්ල – ගෝල් තරගයේ දිනය නිමාවන දඹුල්ල ප්‍රබල තත්ත්වයක පසුවූයේ කඩුලු 5කට ලකුණු 332ක් රැස්කරමිනි. කළම්බු කණ්ඩායමට ද සිය ප්‍රථම ඉනිමේදී දිනය නිමාවන විට ලබාගත හැකිවූයේ කඩුලු 4කට ලකුණු 28ක් පමණකි.

කළම්බු කණ්ඩායමේ ලක්ෂිත මනසිංහ සහ ප්‍රභාත් ජයසූරිය නැවත වතාවක් පන්දු යැවීමේදී කඩුලු තුන බැගින් දවාලමින් දස්කම් දැක්වීම මත කැන්ඩි ඉනිමේ සියලු පිතිකරුවන් ලකුණු 241කට දැවීගියේ පන්දුවාර 71ත් තුළදීය. කළම්බු කණ්ඩායමේ කසුන් රාජිත සහ නිසල තාරකද කඩුලු දෙක බැගින් දවාලමින් කැපීපෙනුණි. කැන්ඩි කණ්ඩායමේ අසිත ප්‍රනාන්දු ලකුණු 12කට කළම්බු ප්‍රබල පිතිකරුවන් දෙදෙනෙකුම දවාලීය.

දඹුල්ල – ගෝල් තරගයේ දඹුල්ලට කඩුලු 5කට ලකුණු 332ක් තරම් විශාල සංඛ්‍යාවකට යාමට දඹුල්ල නායක මිනෝද් භානුකගේ සහ නිමේෂ ගුණසිංහගේ සිව්වන කඩුල්ලේ ලකුණු 194ක දීර්ඝ සබඳතාවය දායකවිණි.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති දඹුල්ල – ගෝල් තරගයේදී කාසියේ වාසිය දිනු දඹුල්ල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය. දඹුල්ල නායක මිනෝද් භානුක පන්දු 172කදී හතරේ 17ක් සමඟ නොදැවී ලකුණු 140ක්ද ආරම්භක පිතිකරු නිමේෂ ගුණසිංහ පන්දු 221කදී හතරේ පහක් සමඟ ලකුණු 103ක්ද රැස්කර තම කණ්ඩායම ලකුණු 332ක් (කඩුලු 5කට) කරා රැගෙන යෑමට දායකවිණි.

මේ පිතිකරුවන් දෙදෙනා සිව්වන කඩුල්ලට ලකුණු 194ක් ලබාගත්තේ පන්දු 255කට මුහුණ දෙමිනි. මීට අමතරව නිමේෂ තෙවන කඩුල්ලට පවන්ත වීරසිංහ (29) සමඟ පන්දු 73කදී ලකුණු 39ක් එක් කළහ. ගෝල් කැපී පෙනුණු පන්දු යවන්නාවූ අකිල ධනංජය ලකුණු 74කට කඩුලු තුනක් දවාලූවේය.

ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති කළම්බු කැන්ඩි තරගයේ දී කැන්ඩි ලකුණු 241කට දැවීගියත් ඔවුන් පෙරළා සටන් වදිමින් දිනය නිමවන විට කළම්බු කඩුලු 4ක්ම ලකුණු 28කට දවාලමින් ප්‍රබල ලෙස තරගයට අවතීරණව සිටියේය. මෙහිදී අසිත ප්‍රනාන්දු ලකුණු 12කට කඩුලු දෙකක්ද අෂේන් ඩැනියෙල් සහ සචිඳු කොළඹගේ කඩුල්ල බැගින්ද දවාලූහ.

කැන්ඩි ඉනිමේ කැපීපෙනුණු පිතිකරුවන් වූ අංක තුන පිතිකරු ඕෂද ප්‍රනාන්දු පන්දු 154කදී හතරේ පහක් හයේ පහරක් සමඟ ලකුණු 105ක්ද කසුන් විදුර පන්දු 53කදී හතරේ පහක් සමඟ ලකුණු 43ක්ද ලැබූහ. ඔවුනගේ තෙවන කඩුල්ලට ඕෂද සමඟ නායක කමිඳු මෙන්ඩිස් (26) පන්දු 152කදී ලකුණු 73ක්ද දෙවන කඩුල්ලට ඕෂද සහ කමිල් මිෂාර පන්දු 91කදී ලකුණු 54ක්ද එක්කළහ.

ලකුණු පුවරුව

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී

දඹුල්ල පළමු ඉනිම පන්දුවාර 89.3 කදී කඩුලු 5ට ලකුණු 332යි – (මිනෝද් භානුක නොදැවී 140, නිමේෂ ගුණසිංහ 103, පවන්ත වීරසිංහ 29, අකිල ධනංජය 74/3, නිමේෂ් විමුක්ති 50/1යි)

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

කැන්ඩි පළමු ඉනිම පන්දුවාර 71 කදී ලකුණු 241 යි  – (ඕෂද ප්‍රනාන්දු 105 කසුන් විදුර 43, කමිඳු මෙන්ඩිස් 26, ප්‍රභාත් ජයසූරිය 47/3, ලක්ෂිත මනසිංහ 59/3, කසුන් රාජිත 43/2, නිසල තාරක 61/2

කළම්බු පළමු ඉනිම පන්දුවාර 13.4 කදී කඩුලු 4ට ලකුණු 28යි – (නුවනිඳු ප්‍රනාන්දු 12, අසිත ප්‍රනාන්දු 12/2, අෂේන් ඩැනියෙල් 8/1, සචිඳු කොළඹගේ 0/1)

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest