slc
logo
Home   |    News
මාර්තු 11, 2022
රෝස පන්දුවෙන් කෙරෙන ‘සුරංග ලක්මාල්ගේ’ සමුගැන්ම ජයග්‍රාහී සාදයකින් අවසන් වෙයිද…?

sinhala editor

By Chamila Karawita

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වඩ වඩාත් ක්‍රිකට් ලෝලීන් අතරට රැගෙන යෑමේ අරමුණෙන් ආරම්භ කරන ලද දිවා/රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ හෙවත් රෝස පැහැති පන්දුවෙන් සිදුකරනු ලබන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (12 දා) ප්‍රබල ඉන්දීය පිල මුණ ගැසෙනු ඇත. දිවා/ත්‍රී ටෙස්ට් තරගයකදී දෙපිළ මුණ ගැසෙන පළමු අවස්ථාව වන මෙම තරගය බංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.30 ට ආරම්භ වනු ඇත.

දෙරට අතර පැවැති පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 222 කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීමට සමත්වීම නිසා ඉන්දියාව හෙට තරගයට පිවිසෙන්නේ තරගාවලිය 1-0 ක් ලෙස හිස කෙළින් තබාගනිමිනි. 2015 වසරේ සිට ආරම්භ වුණු රෝස පැහැති පන්දුවේ භාවිතයෙන් කෙරෙන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව හෙට සහභාගිවනු ලබන්නේ සිව්වැනි තරගයට වේ. මීට පෙර තරග වැදි තරග 3 න් 2 ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වද්දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයක පමණක් පරාජයට පත්ව තිබේ. පාකිස්තානයට එරෙහිව ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයත් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව බ්‍රිජ්ටවුන්හි පැවැති තරගයත් ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත්ව සිටියි.

දිවා/රාත්‍රි ටෙස්ට් තරග ඉතිහාසය ඉන්දියාවට සංසන්දනය කරන විටද එහි වාර්තාද ශ්‍රී ලංකාව හා සමානතාවක් දක්වයි. ඔවුන් මීට පෙර මේ ආකාරයේ ටෙස්ට් තරග 3 කට සහභාගිව ඉන් 2 ක් ජය ගෙන එකක් පරාජයට පත්ව සිටියි. එංගලන්තයට සහ බංග්ලාදේශයට එරෙහිව පැවැති රෝස පැහැති පන්දුවේ ටෙස්ට් තරග දෙක ඉන්දියාව ජය ගනිද්දී ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය පරාජයට පත්ව සිටියි.

රතු පන්දුවෙන් සිදුකෙරෙන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වඩා දෝලනය තරමක් වැඩි වශයෙන් දක්නට ලැබෙන රෝස පැහැති පන්දුවේ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ගිය 10 වැනිදා සිටම පුහුණුවීම් සිදුකරනු ලබන අතර තරගයට පෙර දිනය හෙවත් අද (11 දා) පස්වරුවේදීද තවත් පුහුණු සැසියකට සහභාගිවීමට නියමිතව සිටියි.

ඉන්දීය පන්දු යවන්නන්ගේ ගුණාත්මක පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් සිය පිත්ත නොසැළී තබාගතහොත් තරගය පිළිබඳව කිසියම් බලාපොරොතේතුවක් ශ්‍රී ලංකාවට තබා ගැනීමේ හැකියාව උදාවේ. පළමු තරගයේදී එතරම් ලකුණු අතරට පිවිසීමට අපොහොසත් නායක දිමුත් කරුණාරත්න මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් හට හෙට තරගයේදී වැඩි වගකීමක් හිමිවනු ඇත. අවසන් වරට පැවැති ටෙස්ට් තරග වලදී මොවුන් දෙදෙනා ලකුණු අතරට පිවිසීම, එම තරග අංශයේ ශ්‍රී ලංකා පිලට සාර්ථකවීමට ප්‍රධාන හේතු වූහ.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ ස්ථාන කීපයක් වෙනස්වීමේ ඉඩ කඩක් අද දිනයේදී පවතිනු ඇත. එහිදී පළමු තරගයේදී ආබාධයට ගොදුරු වුණු ළහිරු කුමාර නිසැකයෙන්ම හෙට තරගයට ක්‍රීඩා නොකරන අතර ඒ වෙනුවට බොහෝ විට දඟ පන්දු යවන්නකු වන ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට එකතුවීමේ වැඩි ඉඩ කඩක් පවතියි. කොවිඩ් ආසාධනය වුණු කුසල් මෙන්ඩිස් සහ විවේක ගැන්වී දුෂ්මන්ත චමීරද හෙට තරගය සඳහා සූදානමින් පසුවන නිසා කණ්ඩායමේ වෙනස්කම් කීපයක් අපේක්ෂා කළ හැක.  

හෙට තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන සුරංග ලක්මාල්ගේ ටෙස්ට් තරග දිවියේ අවසන් තරගය වන බැවින් ඔහුගේ ටෙස්ට් සමුගැන්මට ජයග්‍රහණයකින් සැමරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගත හැකි හෑම හෙසෙක්ම ගනු ලබන බව තරගාවලියට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සඳහන් කර සිටියේය. 2010 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් දකුණත් වේග පන්දු යවන්නා හෙට තරගට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 69 කට ක්‍රීඩා කර තිබේ. කඩුලු 170 ක් දවා ගැනීමට සමත්ව සිටින සුරංග ලක්මාල්, කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 36.38 ක් ලෙසින් සටහන් වේ. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව නෝර්ත් සවුන්ඩ්හිදී පැවැති තරගයේදී ලකුණු 47 කට කඩුලු 5 ඔහුගේ දිවියේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.

ඉන්දීය කණ්ඩායමද තමන් සතු හොඳම වමත් දඟ පන්දු යවන්නා වන අක්සාර් පටෙල්ව හදිසියේම දෙවැනි ටෙස්ට් තරගය සඳහා වන තරගයට කැඳ වන ලද්දේ පළමු තරගයට ක්‍රීඩා කරන ලද දඟ පන්දු යවන ජයන්ට් යාදව් වෙනුවට ක්‍රීඩා කරවීමට විය යුතුය.

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee