slc
Home   |    News
මාර්තු 31, 2022
වර්ෂාවෙන් බාධා වන විට කැන්ඩි ප්‍රභල තත්ත්වයක

sinhala editor

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුස්සන් තේරීම වෙනුවෙන් පල්ලකැලේ පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ කැන්ඩි සහ ගෝල් කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධාවීම නිසා තරගය පළමු දිනට ප.ව. 2.20 ට අත හැර දැමීමට විනිසුරුවන්ට සිදුවිය. ඒ වන විටත් සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කැන්ඩි කණ්ඩායම කඩුලු 2 කට ලකුණු 192 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය.

කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු ලකුණු 71 ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 51 ක් ලබා තරගයේ හෙට දිනයේදීත් පන්දුවට පහර දීමේ සූදානමින් පසුවෙති. වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගයට අහිමිවූ පනක්දුවාර සංඛ්‍යාව 31 ක් බැවින් හෙට තරගය පෙ.ව. 9.45 ට ආරම්භ වනු ඇත.

ඉනිම ඇරැඹි කමිල් මිශාර මුලු ලකුණු සංඛ්‍යාව 38 ක්ව තිබියදී දවාගත් ධනංජය ලක්ෂාන් ලකුණු 45 ක් ලබා සිඅටි කසුන් විදුරගේ කඩුල්ල දවා ගත්තේය. පෙරළා උඩ පන්දුවක් රැක ගැනීම නිසා මිශාරගේ ඉනිම ලකුණු 18 කට නිමාවද්දී ඇන්ජලෝ මැතිව්ස්ගේ සහාය ඇතිව කසුන් විදුරව පිටියෙන් ඉවත් කරන විට ඔහු ලකුණු 45 ක් ලබා සිටියේය.

දැවී ගිය කඩුලු 2 ම ධනංජය ලක්ෂාන්ගේ නම ඉදිරියෙන් ලියැවෙද්දී සුපුරුදු ලකුණු රැස් කිරීමේ නියැළි ඕෂද ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 ආසන්නයට රැගෙන ආහ. පන්දු 141 කදී වාර්තා වුණු ඕෂදගේ ලකුණු 71 ක ඉනිමට හතරේ පහර 7 ක්ද පන්දු 65 කදී ගොඩනැංවුණු කමිඳු මෙන්ඩිස්ගේ ලකුණු 51 සඳහා එක් හයේ පහරක් සහ තවත් හතරේ පහර 5 ක්ද එල්ල කර තිබිණ.

කැන්ඩි පළමු ඉනිම පන්දුවාර 59 කදී කඩුලු 2 ට ලකුණු 192 යි – (ඕෂද ප්‍රනාන්දු 71*, කමිඳු මෙන්ඩිස් 51*, කසුන් විදුර 45, කමිල් මිශාර 18, ධනංජය ලක්ෂාන් 29/2)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest