slc
Home   |    News
මාර්තු 14, 2022
ශ්‍රී ලංකාවට ලකුණු 447 ක් අසීරු ඉලක්කයක්

sinhala editor

By Chamila Karawita

චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දිවා/රාත්‍රී ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 447 ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ තැබීමට ඉන්දියානුවෝ සමත්වූහ. ඒ අනුව දෙවැනි දිනට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් කඩුල්ලක්ද ලකුණු 28 ක් තුළදී දවා ගැනීමට සත්කාරක කණ්ඩායම සමත්විය. ‍

මෙම තරගය ජය ගැනීමට නම් ඉතිරි කඩුලු 9 ඇතුළතදී ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 419 ක්ද තරග ජය පැරදුමෙන් තොරව තබා ගැනීමට නම් සම්පූර්ණ දින 3 ක්ම සිය ඉනිම ආරක්ෂා කර ගැනීමට සිදුව තිබේ.

දෙවැනි දින ආරම්භයේදීම ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 109 කට සීමා කළ ජස්ප්‍රිට් බුම්රා ප්‍රමුඛ ප්‍රබල ඉන්දියානු බල ඇණිය නැවතත් පන්දුවට පහර දෙමින් කඩුලු 9 කදී ලකුණු 303 ක් ලබා ඉනිම අත්හිටවූවේය. අද දිනයේදී ලකුණු 24 ක් පමණක් ශ්‍රී ලංකා පිතිකරුවන් රැස් කර ගැනීමට සමත් වද්දී ජස්ප්‍රිට් බුම්රා සහ එම කඩුලු වලට සමව උරුමකම් කීවේය. ඉනිම අවසානයේදී බුම්රා සිය කඩුලු දඩයමට තවත් කඩුලු 5 ක් එක් කරගෙන සිටියේය.

 රෝස පැහැති පන්දුවේ අභියෝගය පිතිකරුවන් අතට එල්ල වද්දී ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වූ කඩුලු රකින රිෂාබ් පාන්ට් අද දිනයේදී වේගවත්ම ටෙස්ට් අර්ධ ශතකයට හිමිකම් කීවේය. හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ද සමඟින් පන්දු 28 ක් වැය කරමින් ඉන්දීය කඩුලු රකින්නා එම වාර්තාව තමන් සතු කරගන්නා විට බිඳ වැටුණේ වසර 40 කට ඉහතදී හිටපු ඉන්දීය නායකයකු වන කපිල් දේව් විසින් පන්දු 30 කදී රැස් කරගෙන තිබූ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තා විය.

පළමු ඉනිමේ පරිදිම දෙවැනි ඉනිමේදීත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වුණු ශ්‍රෙයාස් අයියර් පන්දු 87 කින් ලකුණු 67 ක් රැස් කරගත්තේය. වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු සමඟින් අවතීර්ණවීම වඩාත් සාධාරණීය කරණය කළ ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම ඉන්දීය දෙවැනි ඉනිමේත් කඩුලු 7 ක් දවාගත්හ. පළපුරුදු පන්දු යවන්නා වූ ඇඹුල්දෙණියගේ නම ඉදිරියෙන් කඩුලු 3 ක් ලියැවෙද්දී ජයවික්‍රම කඩුලු 4 ක් දවා ගත්තේය. මෙම තරගයෙන් පසු ජාත්‍යන්තර තරග දිවියට සමුදෙන සුරංග ලක්මාල්ට අවසන් ඉනිමේදී එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට අසමත් වූවේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
USD United States (US) dollar

Pin It on Pinterest