slc
logo
Home   |    News
මාර්තු 4, 2022
සහන් සහ නිපුන් ශතක වාර්තා කරති

sinhala editor

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ දෙවැනි දිනය වූ අද ( 4) කැන්ඩි කණ්ඩායමේ සහන් ආරච්චිගේ සහ කලම්බු කණ්ඩායමේ නිපුන් ධනංජය ශතක වාර්තා කරමින් කැපී පෙනුණහ. මොවුන් දෙදෙනාගේ ඉනිම හේතුවෙන් එම කණ්ඩායම් පළමු ඉනිමේදී ප්‍රභල ස්ථානයකට පැමිණීමට සමත්වීම කැපී පෙනිණ.

පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජැෆ්නා පිලට එරෙහි තරගයේදී සහන්ගේ ඉනිම ප්‍රධාන කොට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 කට ලකුණු 509 ක දැවැන්ත ඉනිමක් ගොඩ නැංවීමට කැන්ඩි කණ්ඩායමට අවස්ථාව උදාවිය. දෙවැනි දිනයේ අඩ හෝරාවකට පමණ පෙර කැන්ඩි පිල සිය ඉනිම අහවර කරන ලද්දේ පන්දුවාර 135 කුත් පන්දු 2 ක් අවසානයේදීය.

කළම්බු – දඹුල්ල තරගයේදී  කළම්බු කන්ඩායමේ ආරම්භක පිතිකරු නිපුන් ධනංජය ලකුනු114ක් රැස් කිරීමෙන් දිනය නිමාවනවිට කළම්බු කණ්ඩායමට කඩුලු පහක් දැවී ලකුණු 381ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවීමට අවස්ථාව උදාවිණි.ලකුණු 162 සඳහා පන්දු 257 කට මුහුණ දුන් වමත් පිතිකරුවා සිය ඉනිමට හතරේ පහර 23 ක් එක් කර ගත්තේය. දැවැන්ත ඉනිමක් ගොඩ නැගීමේදී හය වැනි කඩුල්ලට කසුන් විදුර සමග එක්වූ සහන් ආරච්චි පන්දු 280 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක්ද හත්වැනි කඩුල්ල වෙනුවෙන් අෂේන් ඩැනියෙන් සමඟ පන්දු 131 කදී ලකුණු 88 ක්ද රැස් කළහ.  සහන්ට අමතරව කසුන් විදුර ලකුණු 67ක් සහ අෂේන් ඩැනියල් පන්දු 94කදී හතරේ තුනක් සමඟ ලකුණු 38ක්ද රැස්කළහ.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවත්වෙන දඹුල්ලට එරෙහි තරගයේදී දඹුල්ල ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස් කරගන්නා ලද ලකුණු 277 ට පිළිතුරු ලෙස කළම්බු කණ්ඩායම අද දිනය පුරා පන්දුවට පහරදී කඩුලු පහකට ලකුණු 381ක් රැස් කර ගැනීමට සමත්වූවේය. ඒ අනුව කලම්බු පිල දඹුල්ල මුල් ඉනිමට වඩා ලකුණු 104 ක් ඉදිරියෙන් පසුවන්නේ තවත් කඩුලු පහක් අතැතිවය.

කළම්බු පිලේ ආරම්භක පිතිකරු නිපුන් ධනංජය තම ලකුණු 114 ක ඉනිම සඳහා පන්දු 173ක් වැය කළ අතර එයට හතරේ පහර 10 ක්ද ඇතුළත් කළේය. අද දිනයේදී කළම්බු කණ්ඩායමේ හොඳම සබඳතා බවට පත්වූයේ තෙවන කඩුල්ලට නිපුන් ධනංජය සහ ෂම්මු අෂාන් පන්දු 136කදී එක්කළ ලකුණු 79 සහ පස්වන කඩුල්ලට රොෂේන් ද සිල්වා සහ අෂේන් බණ්ඩාර එක්කළ ලකුණු 96 වේ. නිපුන්ට අමතරව අෂේන් බණ්ඩාර නොදැවී 85ක්ද සහ රොෂේන් සිල්වා ලකුණු 57ක්ද වශයෙන් අර්ධ ශතක වාර්තා කළ අතර නායක ෂම්මු අෂාන් ලකුණු 41 ක් රැස් කළේය. මොවුන්ට අමතරව පළමු දිනයේදී ඕෂධ ප්‍රනාන්දු ලකුණු 50ක් සහ ළහිරු උදාර ලකුණු 50 ක් වශයෙන් අර්ධ ශතක වාර්තා කළහ.

මෙදින පන්දු යවන්නන් අතුරින් වඩාත්ම කැපීපෙනුණු පන්දු යවන්නාවු ජැෆ්නා කණ්ඩායමේ නිපුන් මාලිංග ලකුණු 68කට කැන්ඩි කඩුලු තුනක් දවාලීය.

ලකුණු විස්තරය

පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී

කැන්ඩි පළමු ඉනිම පන්දු වාර 135.2කදී කඩුලු 9ට ලකුණු 503යි – (සහන් ආරච්චිගේ 162, කසුන් විදුර 67, ඕෂද ප්‍රනාන්දු 50, ළහිරු උදාර 50, අෂේන් ඩැනියල් 38, කමිල් මිෂාර 35, අවිඳු තීක්ෂණ නොදැවී 28, නිපුන් මාලිංග 68/3, කසුන් මධුෂ්ක 78/2, සංතූෂ් ගුණතිලක 55/2)

ජැෆ්නා පන්දුවාර 7 කදී කිසිවෙකු නොදැවී ලකුණු 13යි

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

දඹුල්ල පළමු ඉනිම පන්දුවාර 76.3කදී සියල්ල දැවී 277යි -(අෂාන් ප්‍රියංජන් 61, චමිඳු විජේසිංහ නොදැවී 54, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 36, ළහිරු සමරකෝන් 35, මලින්ද පුෂ්පකුමාර 35, නිසල තාරක 57/2, ලක්ෂිත වනසිංහ 78/3, කසුන් රාජිත 32/2, ප්‍රභාත් ජයසූරිය 57/2)

කළම්බු පන්දුවාර 100කදී කඩුලු 5ට 381යි – (නිපුන් ධනංජය 114, අෂේන් බණ්ඩාර නොදැවී 85, රොෂේන් සිල්වා 57, ෂම්මු අෂාන් 41, ළහිරු මධුශංඛ නොදැවී 34, මලින්ද පුෂ්පකුමාර 89/2)

– බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
USD United States (US) dollar

Pin It on Pinterest