slc
Home   |    News
අප්‍රේල් 3, 2022
අවසන් පූර්ව තරවලට විවේක දිනයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක සඳහාම හෙට (03 දා) දිනය විවේක දිනයක් ලෙස නම් කර තිබේ. ශ්‍රී ලංකාව පුරා පනවන ලද ඇඳිරී නීති හේතුකොට මෙම තරග දෙක අතරට විවේක දිනයක් එකතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව සඳුදා දිනයේදීද මෙම තරග ක්‍රියාත්මක වනු ඇත.

පල්ලකැලේ සහ හම්බන්තොටා පැවැත්වෙන මෙම තරග අතුරින් හම්බන්තොට පැවැත්වෙන තරගයේදී යාපනය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ලකුණු 67 ක් පමණක් අවශ්‍ය ව පවතින අතර පල්ලකැලේ තරගය විසඳුමක් නොපෙනන තත්ත්වයකට පත්ව තිබේ. පළමු ඉනිම ක්‍රීඩා කළ මහනුවර පිල ලකුණු 458 ක් ලබාගත් අතර තෙවැනි දින තරගය නිමා කරන විට ගාල්ල කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 147 ක් ලබා සිටියි.

කලම්බු – ජැෆ්නා

කොළඹ පළමු ඉනිම 272 යි සහ දෙවැනි ඉනිම 158 යි – (කුසල් මෙන්ඩිස් 39, සිතාර ගිම්හාන 18, මාධව වර්ණපුර 12, ප්‍රමෝද් මදුවන්ත 54*, ලක්ෂිත මානසිංහ 15, කසුන් රජිත 13, ධනංජය ද සිල්වා 55/2, දිලුම් සුධීර 35/3, ජෙෆ්රි වැන්ඩර්සි 22/2)

යාපනය පළමු ඉනිම 339 යි සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 25 යි (නවෝද් පරණවිතාන 15*, නිෂාන් මදුෂ්ක 10*)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest