slc
Home   |    News
අප්‍රේල් 7, 2022
කැන්ඩි ආරම්භක පිතිකරුවෝ ශක්තිමත් පදනමක් එක් කරති

sinhala editor

Chamila Karawita reporting from Galle

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අභිනව ශූරයින් තේරීම වෙනුවෙන් අද (07 දා) ඇරැඹි අවසන් මහ තරගයේදී පළමු දින දිවා ආහාරයට තරගය නිමා කරන විට කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් ශක්තිමත් පදනමක් ගොඩ නැංවීමට ආරම්භක පිතිකරුවෝ සමත්වූහ.

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී මෙතෙක් යවන ලද පන්දුවාර 34 ඇතුළත කඩුලු ආරක්ෂා කරගත් කමිල් මිශාර සහ කසුන් විදුර කැන්ඩි ලකුණු පුවරුව ලකුණු 113 ක් දක්වා ඉහළ නැංවූහ. දඟ පන්දු යවන්නන්ට පාරාදීසයක් බඳු ගාල්ල තරගයේ තීරණාත්මක සාධකය වන කාසියේ වාසිය දිනාගත් කැන්ඩි නායක කමිඳු මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ඉනිම ඇරැඹි ආරම්භක පිතිකරුවන් දෙදෙනා දවා ගැනීම වෙනුවෙන් හය වැනි පන්දුවාරයේ සිට දඟ පන්දු යවන්නන් යොදා ගැනුණත් සිය කඩුලු ආරක්ෂා කරගත් වමත් පිතිකරුවන් දෙදෙනා තරගය නිමා වන විට අර්ධ ශතක වාර්තා කර ගෙන සිටියහ. නුවන් ප්‍රදීප් ආබාධයකට ගොදුරු වීම නිසා මෙම තරගයට නිපුන් මාලිංග සමඟින් අනෙක් වේග පන්දු යවන්නා ලෙස යොදා ගැනුනේ ජනිත් ලියනගේය.

දඟ පන්දු යවන්නන්ට ලබා දෙන සහාය හේතුවෙන් කැන්ඩි පිල මෙම තරගයේදී දඟ පන්දු යවන්නන්ට මුල් තැන දෙමින් ප්‍රධාන දඟ පන්දු යවන්නන් තිදෙනකු සමඟින් අවතීර්ණ වූයේ නායක ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේටද දඟ පන්දු යවන්නන් ලෙස ප්‍රධාන භූමිකාවක් සිදුකිරීමට හැකි පසුබිමකදීය. එහිදී පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සිට අමතරව ගීත් කුමාර සහ සුධීර තිලකරත්නද දඟ පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එක්ව සිටිති.

ප්‍රධාන දඟ පන්දු යවන්නන් පස් දෙනෙකු සමඟින් අවතීර්ණ වුණු තරගයේදී අපහසුවකින් මනාසේ කල්පනාකාරීව පිත්ත හැසිරවූ කසුන් විදුරට මිශාරට පෙර අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය. නිපුන් මාලිංගට එරෙහිව පිට පිට හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ කසුන් විදුර මුහුණ දුන් 84 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය.

දිවා විවේකයට පෙර යවන ලද පන්දුවාරයට පෙර පන්දුවාරයේ අවසන් පන්දුවට ලකුණකින් පැති මාරුකරගත් මිශාර අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තේ මුහුණ දුන් 105 වැනි පන්දුවේදීය. මොවුන් දෙදෙනාව මට්ටු කිරීම වෙනුවෙන් කැන්ඩි නායකයා වන ධනංජය ද සිල්වා ඔහු ඇතුළු පන්දු යවන්නන් හය දෙනෙකුගේ සහාය ලබා ගත්තද කඩුලු දවා ගැනීමේ අපේක්ෂාව ව්‍යර්ථ විය. දිවා භෝජනය සඳහා ක්‍රීඩාව නිමා කරන විට පන්දු 95 කට මුහුණ දී සිටි කසුන් විදුර හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 59 ක්ද පන්දු 110 කට මුහුණ දී සිටි කමිල් මිශාර හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟින් ලකුණු 51 ක්ද ලබා සිටියහ.

කැන්ඩි පළමු ඉනිම පන්දුවාර 34 කදී කිසිවකු නොදැවී ලකුණු 113 යි – (කමිල් මිශාර 51*, කසුන් විදුර 59*)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
USD United States (US) dollar

Pin It on Pinterest