slc
Home   |    News
අප්‍රේල් 7, 2022
කැන්ඩි පිතිකරුවෝ ශක්තිමත් පදනමක් එක් කරගනිති

sinhala editor

Chamila Karawita reporting from Galle

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන් සොයා යන අවසන් මහ තරගයේ පළමු දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ශක්තිමත් පදනමක් එක් කිරීමට ජැෆ්නා පිතිකරුවෝ සමත්වූහ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (07 දා) ඇරැඹි මෙම තරගය මන්දාලෝක තත්ත්වය මත නතර කර දමනා විට කැන්ඩි පිල කඩුලු 2 ක් දැවී ලකුණු 288 ක් තරම් ප්‍රබල ස්ථානයක පසුවිය.

ජැෆ්නා නායක ධනංජය ද සිල්වාගේ පන්දු හමුවේ කැන්ඩි ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගියද කණ්ඩායමේ බර කරට ගත් කැන්ඩි නායක කමිඳු මෙන්ඩිස් සහ ඕෂද ප්‍රනාන්දු තේ පානය වන විට කැන්ඩි ලකුණු පුවරුව ලකුණු 300 සීමාව ආසන්නයට රැගෙන ආහ.  මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 2 කට ලකුණු 134 ක්ව තිබියදී ඕෂදට එක් වුණු කමිඳු, තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 154 ක සම්බන්ධතාවක් පවත්වමින් කැන්ඩි පළමු ඉනිම ශක්තිමත් කිරීමට සමත්ව සිටිති. දිනය නිමා වන විට සාර්ථක වූ ඕෂද ප්‍රනාන්දු ලකුණු 91 ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 57 ක් ලබා කඩුල්ලේ රැඳී සිටිති.

ලකුණු 91 ක ඕෂදගේ ඉනිම සඳහා ඔහු පන්දු 133 කට මුහුණ දුන්නේය. ජෙෆ්රි වැන්ඩර්සිගේ පන්දුවකට ඉන්සයිඩ් අවුට් පහරකින් එල්ල කරන ලද මනරම් හයේ පහරද සමඟ තවත් හතරේ පහර 10 කින් සිය ඉනිම වර්ණවත් කරගත් පිතිකරුවා මෙවර තරග වාරයේ සිව්වැනි ශතකය අභිමුව සිටින්නේ තවත් ලකුණු 9 ක පරතරයකිනි. දැවැන්ත පහර වලට යෑමට වඩා කඩුලු අතර දිව යමින් ලකුණු රැස් කිරීමට වැඩි උනන්දුවක් දැක්වූ කමිඳු තම ලකුණු 57 සඳහා පන්දු 117 කට මුහුණ දුන්නේය. එම ලකුණු 57 න් ලකුණු 12 ක් පමණක් හතරේ පහර වලින් එල්ල කරන ලද ඒවා බවට පත් වද්දී ඉතිරි ලකුණු 45 ම කඩුලු අතර දිව යමින් වෙහෙසකරව රැස් කරගත් ඒවා විය.

අද දිනයේ වූ සුවිශේෂීම සිදුවීම වනුයේ කැන්ඩි නායක කමිඳු මෙන්ඩිස් නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ලකුණු 800 සීමාව පසු කිරීමට සමත්වීමයි. අවසන් මහ තරගයට පෙර ලකුණු 799 ක් ලබා සිටි කැන්ඩි නායකයා අද දිනයේදී එක් ලකුණක් ලබා ගැනීමත් සමඟ එම සීමාව ඉක්මවාලූවේය. මෙවර තරග වාරයේ 6 වැනි තරගයට ක්‍රීඩා කරන කමිඳු මේ වන විටත් රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 856 ක් වේ. මෙතෙක් තරගාවලියේ වැඩිම ශතක ලාභියා (04) බවට පත්ව සිටින කමිඳුගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 85.60 ක් ලෙස සටහන් වන අතර ප්‍රහාරාත්මක වේගය ටෙස්ට් තරගවලට වඩාත් උචිත වූ 57.75 ක අගයක් ගෙන තිබේ.  

දිනයේ දැවී ගිය පළමු කඩුල්ල වූයේ කමිල් මිශාර වන න අතර ඔහු කඩුලු රැකි නිශාන් මදුශ්ක හමුවේ උඩ පන්දුවක් දී දැවී ගියේය. දිවා විවේකයෙන් පසු මිශාරට රැස් කරගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. පන්දු 126 කට මුහුණ දුන් වමත් පිතිකරුවා ලකුණු 56 ක් ලබා පිටියෙන් ඉවත් වන විට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 123 ක්ව පැවැතිණ.

උදෑසන වරුවේ පන්දු යවන්නන්ට එතරම් දායකත්වයක් ලබා නොදුන්නද දිවා භෝජනෙයන් පසු පන්දුවේ හැසිරීම දඟ පන්දු යවන්නන්ට වාසිදායක විය. එහිදී ප්‍රබල අභියෝගයක් ලබා දුන් නායක ධනංජය ද සිල්වා තේ පානය තෙක්ය වන ලද පන්දුවාර 61 න් 20 ක්ම ක්‍රියාත්මක කරන ලද්දේ තණතීරුවෙන් ලැබෙන දායකත්වය ප්‍රයෝජනයට ගනිමිනි. කෙසේ වෙතත් තේ පානයෙන් පසු ධනංජය පන්දු යැවීමේ කාර්යය සිදු නොකිරීමද කැපී පෙනුණි.

ධනංජයගේ දෙවැනි කඩුල්ල ලෙසින් කසුන් විදුරව දවා ගනු ලැබුවේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු කරමිනි. දිගින් දිගටම මැද ඉන්න ප්‍රදේශයට වැටී පිට ඉන්නෙන් ඉවතට දඟ කැවූ ධනංජය එකවරම කඩුල්ල තුළ වූ පන්දුවක් යොමු කරන ලද්දේ පිතිකරුවාට සිතා ගැනීමට අවස්ථාවක් නොතබමිනි. ලකුණු 71 කදී තම සුන් විදුර තම කඩුල්ල අහිමිකර ගන්නා විට පන්දු 124 කට මුහුණ දී තිබුණේය.

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී දිවා විවේකය තෙක් යවන ලද පන්දුවාර 34 ඇතුළත කඩුලු ආරක්ෂා කරගත් කමිල් මිශාර සහ කසුන් විදුර කැන්ඩි ලකුණු පුවරුව ලකුණු 113 ක් දක්වා ඉහළ නැංවූහ. දඟ පන්දු යවන්නන්ට පාරාදීසයක් බඳු ගාල්ල තරගයේ තීරණාත්මක සාධකය වන කාසියේ වාසිය දිනාගත් කැන්ඩි නායක කමිඳු මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ඉනිම ඇරැඹි ආරම්භක පිතිකරුවන් දෙදෙනා දවා ගැනීම වෙනුවෙන් හය වැනි පන්දුවාරයේ සිට දඟ පන්දු යවන්නන් යොදා ගැනුණත් සිය කඩුලු ආරක්ෂා කරගත් වමත් පිතිකරුවන් දෙදෙනාම දිවා විවේකය වන විට අර්ධ ශතක වාර්තා කර ගැනීමට සමත්වූහ.

නුවන් ප්‍රදීප් ආබාධයකට ගොදුරු වීම නිසා මෙම තරගයට නිපුන් මාලිංග සමඟින් අනෙක් වේග පන්දු යවන්නා ලෙස යොදා ගැනුනේ ජනිත් ලියනගේය. දඟ පන්දු යවන්නන්ට ලබා දෙන සහාය හේතුවෙන් කැන්ඩි පිල මෙම තරගයේදී දඟ පන්දු යවන්නන්ට මුල් තැන දෙමින් ප්‍රධාන දඟ පන්දු යවන්නන් තිදෙනකු සමඟින් අවතීර්ණ වූයේ නායක ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේටද දඟ පන්දු යවන්නන් ලෙස ප්‍රධාන භූමිකාවක් සිදුකිරීමට හැකි පසුබිමකදීය. එහිදී පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සිට අමතරව ගීත් කුමාර සහ සුධීර තිලකරත්නද දඟ පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එක්ව සිටිති. මෙතෙක් පන්දුවට පහර දුන් කැන්ඩි පිතිකරුවන් සිව් දෙනා මට්ටු කිරීම සඳහා ජැෆ්නා නායකයා පන්දු යවන්නන් 7ත් දෙනෙකුගේ සහාය ලබා ගත්තද නායකයාට හැර අන් කිසිවකුට සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි විය.

දඟ පන්දු යවන්නන් පස් දෙනෙකු සමඟින් අවතීර්ණ වුණු තරගයේදී අපහසුවකින් මනාසේ කල්පනාකාරීව පිත්ත හැසිරවූ කසුන් විදුරට මිශාරට පෙර අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය. නිපුන් මාලිංගට එරෙහිව පිට පිට හතරේ පහරක් සහ හයේ පහරක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ කසුන් විදුර මුහුණ දුන් 84 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තේය. දිවා විවේකයෙන් පසු කමිල් මිශාරට රැස් කරගත හැකි වූයේ තවත් ලකුණු 5 ක් පමණි.

කැන්ඩි පළමු ඉනිම පන්දුවාර 83.1 කදී කඩුලු 2 කට ලකුණු 113 යි – (කමිල් මිශාර 56, කසුන් විදුර 71, ඕෂද ප්‍රනාන්දු 91*, කමිඳු මෙන්ඩිස් 57*, ධනංජය ද සිල්වා 70/2)

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest