slc
logo
Home   |    News
අප්‍රේල් 5, 2022
කැන්ඩි සහ ජැෆ්නා යළිත් අවසන් මහ ගැටුමට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අභිනව නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කණ්ඩායමත් කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කැන්ඩි කණ්ඩායමත් සමත්වූහ.

මෙම තරගාවලිය ආරම්භයට පෙර පැවැති එක්දින තරගාවලියේදීද අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබන ලද්දේ මෙම කණ්ඩායම් ද්විත්වය වන අතර එහිදී කැන්ඩි පිල පරදා එක්දින ශූරයින් ලෙස කිරුළු පැළඳීමට ජැෆ්නා කණ්ඩායම සමත්විය. ඒ අනුව එම අවසන් මහ තරගයේ කාබන් කොපියක් බඳුවූ සිව්දින තරගාවලියේ අවසන් මහ තරගයද අප්‍රේල් මස 07 වැනිදා සිට දහවැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිලට එරෙහිව කඩුලු 9 ක ජයක් වාර්තා කළ ජැෆ්නා ක්‍රීඩකයෝ සිව්දින තරගාවලියේ අවසන් කඩ ඉම වෙත සුදුසුකම් ලබාගත්හ. ජයග්‍රහණය සඳහා ලකුණු 92 ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කණ්ඩායම කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගැනීමට සමත්විය. එහිදී නවෝද් පරණවිතාන නොදැවී ලකුණු 59 ක් සහ නිෂ්නා මධුෂංක ලකුණු 32 ක් වශයෙන් පිත්තෙන් කැපී පෙනුණි.

මේ අතර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැති ගෝල් පිලට එරෙහි තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුවද මුල් ඉනිමේ ජය වාර්තා කිරීමට කැන්ඩි ක්‍රීඩකයො ්සමත්වීම නිසා අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට ඔවුන්ට අවස්ථාව හිමිවිය. දැවැන්ත ලකුණු සංඛ්‍යාවන් වාර්තා වුණු මෙම තරගයේදී කැන්ඩි පිල පළමු ඉනිම වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 458 ට පිළිතුරු ලෙස ගෝල් පිල ලකුණු 354 ක් ලබා ගත්තේය. තරගය නිමා වන විට නැවතත් පන්දුවට පහර දෙමින් සිටි කැන්ඩි කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 155 ක් ලබා සිටියේය.

ජැෆ්නා – කලම්බු

කලම්බු පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 272 යි – (ක්‍රිෂාන් සංජුල 39, දිමුත් කරුණාරත්න 39, කුසල් මෙන්ඩිස් 114*, මාධව වර්ණපුර 42, ධනංජය ද සිල්වා 48/5, ජෙෆ්රි වැන්ඩර්සි 59/2, දිලුම් සුදීර 92/2)

ජැෆ්නා පළමු ඉනිම සියටලු දෙනා දැවී ලකුණු 339 යි – (නවෝද් පරණවිතාන 42, නිෂාන් මධුශංක 24, සමින්ද ප්‍රනාන්දු 123, සදීර සමරවික්‍රම 32, නිපුන් මාලිංග 80, කවික දිල්ශාන් 124/6, නලින් ප්‍රියදර්ශන 68/2)

කලම්බු දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 158 යි – (කුසල් මෙන්ඩිස් 39, සිතාර ගිම්හාන් 18, ප්‍රමෝද් මදුවන්ත 54*, ලක්ෂිත මානසිංහ 15, දිලුම් සුදීර 35/3, ජෙෆරි වැන්ඩර්ස් 22/2, ධනංජය ද සිල්වා 55/2)

ජැෆ්නා දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 95 යි – (නවෝද් පරණවිතාන 59*, නිෂාන් මදුශංක 32) 

කැන්ඩි – ගෝල්

කැන්ඩි පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 458 යි – (කමිල් මිශාර 18, කසුන් විදුර 45, ඕෂද ප්‍රනාන්දු 127, කමිඳු මෙන්ඩිස් 108, ළහිරු උදාර 87, නිරෝෂන් දික්වැල්ල 38, සුමින්ද ලක්ෂාන් 65/3, ධනංජය ලක්ෂාන් 57/2, දිල්ශාන් මදුශංක 83/2, අකිල ධනංජය 85/2)

ගෝල් පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 354 යි – (සංගීත් කුරේ 44, පබසර වඩුගේ 78, හෂාන් දුමිඳු 74, ධනංජය ලක්ෂාන් 60, සුමින්ද ලක්ෂාන් 22, කවිෂ්ක අංජුල 31, අකිල ධනංජය 17, අසිත ප්‍රනාන්දු 69/4, අෂේන් ඩැනියෙල් 86/3)

කැන්ඩි දෙවැනි ඉනිම කඩුලු 4 ට ලකුණු 155 යි – (කමිල් මිශාර 63, කමිඳු මෙන්ඩිස් 42, ළහිරු උදාර 32*, අකිල ධනංජය 67/2)

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee