slc
Home   |    News
අප්‍රේල් 9, 2022
කැන්ඩි NSL සිව්දින ශූරතාව ආසන්නයට

sinhala editor

By Chamila Karawita

පිතිකරුවන්ගේ වගකීම ඉටු කිරීමෙන් පසු අත්‍යාවශ්‍ය මොහොතේම ක්‍රියාත්මක වුණු කැන්ඩි දඟ පන්දු යවන්නෝ ලකුණු 444 ක පළමු ඉනිමේ ඉලක්කයක් හඹා ගිය ප්‍රබල ජැෆ්නා කණ්ඩායම ලකුණු 227 කට සීමා කිරීමට අද (09 දා) සමත්වූහ. ලකුණු 217 ක පළමු ඉනිමේ වාසිය සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින කැන්ඩි කණ්ඩායම අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නතර කර දමන විට කඩුල්ලක් දැවී ලකුණු 52 ක් ලබා සිටියේය. ඒ අනුව තරගයේ සිව්වැනි සහ අවසන් දිනය වන හෙට දිනයේදී කැන්ඩි පිල තරගය ආරම්භ කරන්නේ ලකුණු 269 ක් ඉදිරියෙන් සිටිමිනි.

තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා සාමාන්‍ය කාලයම තරගයට වැය නොවූ නමුත්, තරගාවලියේ ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් පළමු ඉනිමේ ජයග්‍රහණය ප්‍රමාණවත් වනු ඇත. මෙම අවසන් මහ තරගයේදී කැන්ඩි සහ ජැෆ්නා පිල ගැටෙනු ලබන්නේද ශූරතා කුසලාන සමඟ රුපියල් මිලියන 5 ක ජයමල්ලක් වෙනුවෙනි. තරගයේ පළමු දින 3 හි ක්‍රීඩා කර ඇති ආකාරය අනුව මේ වන විට එම ජය මල්ල සඳහා කැන්ඩි කණ්ඩායම වඩාත් ළංව සිටියි.

යාපනය කණ්ඩායම පන්දුවාර 89 ක් ඇතුළත දවා ලීම වෙනුවෙන් කැපී පෙනෙන වගකීමක් ඉටු කරන ලද්දේ ලසිත් ඇඹුල්දෙණිය සහ අශේයින් ඩැනියල් දෙදෙනාය. ඔවුන් දැවී ගිය කඩුලු 10 න් 7 කට හිමිකම් කීවේ ඇඹුල්දෙණියගේ නම ඉදිරියෙන් කඩුලු 4 ක් සහ ඩැනියෙල්ගේ නම ඉදිරියෙන් කඩුලු 3 ක් වශයෙන් සටහන් කර ගනිමිනි. එම පන්දුවාර සංඛ්‍යාවෙන් පන්දුවාර 71 ක්ම ඇඹුල්දෙණිය සහ ඩැනියෙල් දෙදෙනා යැවීමද කැපී පෙනෙයි.

ඉනිමේ පළමු පන්දුවාරයේ සිටම පන්දු යැවීමේ කාර්යයේ නිරත වූ ඇඹුල්දෙණිය ජැෆ්නා ඉනිම අවසන් වන විට පන්දුවාර 39 ක්ද, ඩැනියෙල් පන්දුවාර 32.1 ක්ද යවා තිබිණ. මොවුන් දෙදෙනාගේ පන්දු යැවීම නිසා ජැෆ්නා කණ්ඩායමේ පළමු කඩුලු 8 ම ලකුණු 184 ක් ඇතුළතදී බිඳ වැටී විටෙක ලකුණු 200 සීමාව ඉක්මවාලීමද දැඩි අවිනිශ්චිත තාවයකට පැමිණ සිටියහ. එහෙත් පසු පෙළින් පැමිණි දිලුම් සුධීර අවසන් පිතිකරුවන් දෙදෙනා සමඟ ක්‍රීඩා කරමින් ලකුණු 43 ක් එක්කොට ලකුණු 220 සීමාවෙන් එහාට ඉනිම රැගෙන නොයන්නට ඇතැම් විට පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමට සිදුවීමේ අවධානමකට මුහුණ දීමට සිදුවනු ඇත.

කැන්ඩි පළමු ඉනිම පන්දුවාර 131.2 කදී සියලු දෙනා දැවී ලකුණු 444 යි – (ඕෂද ප්‍රනාන්දු 109, කමිඳු මෙන්ඩිස් 87, කමිල් මිශාර 56, කසුන් විදුර 71, නිරෝෂන් දික්වැල්ල 32, සහන් ආරච්චිගේ 16, පුලින තරංග 43, ලසිත් ඇඹුල්දෙණිය 01, අෂේයින් ඩැනියෙල් 08, අසිත ප්‍රනාන්දු 05*, ළහිරු උදාර 02, දිලුම් සුධීර 86/4, 96/3, ජෙෆ්රි වැන්ඩර්සි 97/2, දුනිත් වෙල්ලාලගේ 49/1)

ජැෆ්නා පළමු ඉනිම පන්දුවාර 89.1 කදී ලකුණු 227 යි – (නවෝද් පරණවිතාන 13, නිශාන් මදුශ්ක 57, සමින්ද ප්‍රනාන්දු 3, සදීර සමරවික්‍රම 15, ධනංජය ද සිල්වා 30, ගීත් කුමාර 16, ජනිත් ලියනගේ 10, දුනිත් වෙල්ලාලගේ 19, දිලුම් සුදීර 49*, නිපුන් මාලිංග 8, ජෙෆ්රි වැන්ඩර්සි 1, ලසිත් ඇඹුල්දෙණිය 100/4, අසිත ප්‍රනාන්දු 25/2, අශේයින් ඩැනියෙල් 89/3, පුලින තරංග 11/1)

කැන්ඩි දෙවැනි ඉනිම පන්දුවාර 15 කදී කඩුල්ලක් දැවී ලකුණු 52 යි – (කමිල් මිශාර 26, කසුන් විදුර 16, ඕෂද ප්‍රනාන්දු 9, දිලුම් සුදීර 13/1)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest