slc
Home   |    News
අප්‍රේල් 5, 2022
නැගීඑන කණ්ඩායම් අතර ටැමිල් සහ සෙබස්තියනයිට්ස් අවසන් සටනේ

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබාගැනීමට සෙබස්තියනයිට්ස් සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජ සමත්වූහ.

‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදුණු සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජ පළමු වටයේදී සහභාගිවූ තරග 6 න් 5 ක් ජය වාර්තා කොටද ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වැදුණු කෝල්ට්ස් ක්‍රීඩා සමාජ තරග 6 න් 5 ක් ජය ගනිමින් අපරාජිතව අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට සුදුසුකම් ලබා සිටිති.

මෙම කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් පූර්ව තරගය අප්‍රේල් 08 වැනිදා සිට 10 වැනිදා දක්වා කොළඹ පී. සරා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ‘බී’ කාණ්ඩයෙන් නිගම්බු කණ්ඩායමත් ‘සී’ කාණ්ඩයේ ටැමිල් යුනියන් කණ්ඩායමත් පෙරමුණ ගනිමින් පෙරමුණට පැමිණෙමින් පළමු අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගත් අතර එහිදී මීගමුව පරදවා අවසන් මහ තරග වරම දිනා ගැනීමට ටැමිල් යුනියන් පිල සමත්ව සිටියි. ඒ අනුව ඉදිරි සති අන්තයේ පැවැත්වීමට නියමිත සෙබස්තියනයිට්ස් සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය අතර සටනේ ජයග්‍රාහකයින් ශූරතා කුසලාන වෙනුවෙන් වූ අවසන් මහ තරගයේදී එදිරිවාදීන් බවට පත්වනු ඇත.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest