slc
Home   |    News
අප්‍රේල් 25, 2022
නැගී එන ශූරතාව ටැමිල් යුනියන්ට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ටැමිල් යුනියන් කණ්ඩායම අද (24 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී, පිටියේදී සෙබස්තියනයිට්ස් පිලට එරෙහිව පැවැති මෙම අවසන් මහ තරගයේදී ලකුණු 44 ක ජයක් වාර්තා කරමින් ටැමිල් යුනියන් පිල ශූරතාව දිනා ගැනීමට සමත්විය.

ලකුණු 211 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේදී සෙබස්තියනයිට්ස් පිලට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 166 ක් පමණි. දෙපිළටම විවෘතව පැවැති මෙම තරගයේදී සෙබස්තියනයිට්ස් පිල විනාශ කර දැමූ ප්‍රධානම ක්‍රීඩකයා වූයේ දිලුම් සුධීරය.

තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ සුධීර පළමු ඉනිමේදී දවා ගත් කඩුලු 7 ට අමතරව දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් දවා ගනිමින් සමස්ථ තරගයේදීම කඩුලු 12 ක්  බිඳ හෙළීයහ. සුධීර හමුවේ නොසැලී සිටි විමුද් සප්නක ලකුණු 52 ක් සහ විශාල් සිල්වා ලකුණු 33 ක් රැස් කලද ටැමිල් යුනියන් ජයග්‍රහණය කරා යෑම නවතාලීමට එය ප්‍රමාණවත් නොවීය.

කඩුලු 3 කට ලකුණු 39 ක් ලෙසින් තෙවැනි දින ආරම්භ කළ ටැමිල් යුනියන් පිල අද දිනයේදී රැස් කරන ලද්දේ ලකුණු 84 ක් පමණි. එහෙත් පළමු ඉනිමේ ලද වාසිය නිසා ලකුණු 211 ක ඉලක්කයක් ලබාදීමට ටැමිල් යුනියන් සමත්විය.

තරගාවලියේ වීරයා – මොවින් සුබසිංහ (ගුවන් හමුදාව – ලකුණු 382 යි කඩුලු 35 යි)

දක්ෂතම පිතිකරු – අවිශ්ක පෙරේරා (කෝල්ට්ස් – ලකුණු 663 යි. ශතක 2 යි. අර්ධ ශතක 2 යි. සාමානය 82.87)

දක්ෂතම පන්දු යවන්නා – කෞමාල් නානායක්කාර (යුද හමුදාව – කඩුලු 50 යි. සාමාන්‍ය 12.22)

ටැමිල් යුනියන් පන්දුවාර 71.5 කදී ලකුණු 254 යි – (රවිඳු ප්‍රනාන්දු 76, කවිඳු පතිරත්න 24, රවීන් ද සිල්වා 30, සංතුෂ් ගුණතිලක 27. දිලුම් සුදීර 23 නවෝද් පරණවිතාන 10, සුපුන් කාවින්ඳ 24, තරිඳු රත්නායක 113/5, මනෙල්කර් ද සිල්වා 36/2, සඳුන් ප්‍රනාන්දු 24/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 45කදී ලකුණු 123 යි – (නවෝද් පරණවිතාන 14, සංතුෂ් ගුණතිලක 32, දිලුම් සුධීර 36, රවීන් ද සිල්වා 13,  තරිඳු රත්නායක 56/4, මනෙල්කර් ද සිල්වා 27/5)

සෙබස්තියනයිට්ස් පළමු ඉනිම  පන්දුවාර 67.1 කදී ලකුණු 167 යි – (සඳුන් ප්‍රනාන්දු 26, තරිඳු රත්නායක 23, විමුද් සප්නක 46, ටෙහාන් ෂාෆ්ටර් 14, විශාල් සිල්වා 14, දිලුම් සුධීර 65/7) සහ දෙවැනි ඉනිම පන්දුවාර 57.4 කදී ලකුණු 166 යි – (විමුද් සප්නක 52, මනෙල්කර් ද සිල්වා 10, විශාල් සිල්වා 33, තරිඳු රත්නායක 14, විහාන් ගුණසේකර 18, ශාමික වික්‍රමතිලක 14, දිලුම් සුධීර 61/5, කවිඳු පතිරත්න 24/2)

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest