slc
Home   |    News
අප්‍රේල් 22, 2022
රවිඳු ප්‍රනාන්දු ටැමිල් යුනියන් පිලේ බර කරට ගනියි  

sinhala editor

කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (22 දා) ඇරැඹි නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනට ක්‍රීඩාව අයහපත් ආලෝක තත්ත්වය මත නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ටැමිල් යුනියන් කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 201 ක් ලබා සිටියි.

කාසියේ වාසියත් සමග සෙබස්තියනයිට්ස් පිලේ ආරාධනය මත පළමුව පන්දුවට පහර දුන් ටැමිල් යුනියන් කණ්ඩායම වෙනුවෙන් ධෛර්යවන්ත ඉනිමක් දියත් කළ අංක 6 පිතිකරු රවිඳු ප්‍රනාන්දු නොදැවී ලකුණු 63 ක් ලබා සිටියේය. පන්දු 95 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි රවිඳු ඉන් පන්දු හතරක් හතරේ පහර බවටත් එක් පන්දුවක් හයේ පහරක් ලෙසින් එල්ල කළේය.

සෙබස්තියනයිට්ස් පිලේ තරිඳු රත්නායක විසින් මුලු ලකුණු සංඛ්‍යාව 57 ක් වන විට ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනෙකුම දවා ගැනීමට සමත්වීම නිසා ටැමිල් යුනියන් පිල අසීරුතාවයකට මුහුණ දුන්නේය. දෙවැනි පන්දුවාරයේ සිට දඟ පන්දු යැවීම ආරම්භ කළ තරිඳු රත්නායක පළමුව නවෝද් පරණවිතානව්, පසුව කමේෂ් නිර්මාල් සහ නායක රන්මිත් ජයසේනගේ කඩුලු දවා ගැනීමට පීඩනය වැඩි කළේය.

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක් එක් කිරීමට නවෝද් පරණවිතාන සහ සුපුන් කාවින්ද සමත් වුවත් සෙබස්තියනයිට්ස් පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක තරිඳු රත්නායක විසින් පරණවිතානව දවා ගැනීමට සමත්වීමත් සමඟ ටැමිල් යුනියන් පිලේ කඩා වැටීම ආරම්භ විය. අනතුරුව සුපුන් කාවින්දව දවා ගැනීමට මනෙල්කර් ද සිල්වා සමත්වූවේය.

රවිඳුට අනගි සහායක් ලබා දුන් කවිඳු පතිරත්න සහ රවීන්ද සිල්වා ලකුණු පුවරුව 200 ඔබ්බට රැගෙන ඒමට දායකත්වයක් දැක්වූහ. එහිදී කවිඳු පතිරත්න ලකුණු 24 ක් ලබා ගත් අතර නොදැවී පන්දුවට පහර දෙමින් සිටින රවීන්ද සිල්වා ලකුණු 21ක් ලබා සිටියි.

පන්දු යැවීමේදී තරිඳු රත්නායක ලකුණු 91 කට කඩුලු 3 ක් දවා ගනිද්දී මනෙල්කර් ද සිල්වා සහ සඳුන් ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

ටැමිල් යුනියන් පන්දුවාර 60 කදී කඩුලු 7 ට ලකුණු 201 යි – (රවිඳු ප්‍රනාන්දු 63*, කවිඳු පතිරත්න 24, රවීන් ද සිල්වා 21*, සංතුෂ් ගුණතිලක 27. නවෝද් පරණවිතාන 10, සුපුන් කාවින්ඳ 24, තරිඳු රත්නායක 91/3, මනෙල්කර් ද සිල්වා 36/2, සඳුන් ප්‍රනාන්දු 20/2)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest