slc
Home   |    News
අප්‍රේල් 22, 2022
විශ්මිගෙන් විශ්මිත ඉනිමක්

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය ලෙසින් කටයුතු කරනු ලබන විශ්මි ගුණරත්න වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් බාලිකා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේදී වාර්තාගත පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 417 ක් රැස් කිරීමට සමත්වූවාය. ගම්පහ රත්නාවලී බාලිකා විදුහල නියෝජනය කරනු ලබන විශ්මි පන්දු 128 කට මුහුණ දෙමින් එම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීම කැපී පෙනෙයි. විශ්මිගේ මේ විශ්මිත ඉනිම මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩිකාවක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත්විය.

විශ්මි ලබාගත් ලකුණු 417 න් ලකුණු 370 ක්ම හයේ සහ හතරේ පහර වලින් ලබාගත් ඒවා වූ අතර ලකුණු 47 ක් පමණක් කඩුලු අතර දිව යමින් රැස් කරන ලද ඒවාය. එහිදී ලකුණු 174 ක් හයේ පහර 29 කින්ද, ලකුණ් 196 ක් හතරේ පහර 49 කින්ද සමන්විත ව විශ්මි ලබාගත්තාය.

 විශ්මිට පෙර වැඩිම ලකුණු රැස් කරන ලද ක්‍රීඩිකාව බවට පත්වූයේ නුගේගොඩ අනුලා විදුහලේ කෞෂිනී නුත්‍යාංගනා විසින් නොදැවී රැස් කරන ලද ලකුණු 374 විය.

ජයසිරිපුර කනිෂ්ට විදුහලට එරෙහිව මීගමුවේදී පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පන්දුවට පහර දුන් රත්නාවලී බාලිකා විදුහල විශ්මිගේ ඉනිම හේතුවෙන් නියමිත පන්දුවාර 30 අවසනදී කඩුලු 2 කට ලකුණු 567 ක් රැස් කර ගැනීමට සමත්විය. එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් කාව්‍යා පින්සිත් සමඟ එක්ව පන්දු 62 කදී ලකුණු 151 ක සම්බන්ධතාවක් තැබූ විශ්මි, සඳලි වීරසිංහ සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 352 ක දැවැන්ත ලකුණු සම්බන්ධතාවක් ගොඩනැංවූවාය.

ඉලක්කය හඹා යෑමේදී ජයසිරිපුර විදුහලට පන්දුවාර 14.3 කදී සියලු දෙනා රැස් කරගත හැකි වූයේ ලකුණු 35 ක් පමණි. පන්දු යැවීමේදී උමායා රත්නායක ලකුණු 11 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවාය.

රත්නාවලී බාලිකා විදුහල පන්දුවාර 30 කදී කඩුලු 2 ට ලකුණු 567 යි – (විශ්මි ගුණරත්න 417*, සඳලි වීරසිංහ 78)

ජයසිරිපුර කනිෂ්ට විදුහල පන්දුවාර 14.3 කදී සියලු දෙනා දැවී ලකුණු 35 යි – (උමායා රත්නායක 11/5)

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest