slc
logo
Home   |    News
අප්‍රේල් 28, 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන් අතරට කණ්ඩම්බිත් එක් වෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම පුහුණු කටයුතු වල මෙහෙයුම් කටයුතු සිදුවන ඉහළ කාර්යය සාධණ මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ සටහන යටතේ කැපී පෙනෙන පුහුණුකරුවන් කිහිප දෙනෙකුගේම සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

එසේ නව පත්වීම් ලබා දෙන ලද පුහුණුකරුවන් අතර දේශීය වශයෙන් වැඩිම අවධානයක් දිනාගෙන සිටින තිළිණ කණ්ඩම්බි ද වේ. අවිශ්ක ගුණවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසින් කණ්ඩම්බි පත්වීම් ලැබ සිටියි.

මෙතෙක් පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ශූරතා දෙකම දිනා ගැනීමට කණ්ඩම්බිගේ පුහුණුකාරීත්වය යටතේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. ඊට අමතරව ඉකුත්දා පල්ලකැලේදී පැවැති නැෂනල් ප්‍රිමියර් ලීග් සීමිත පන්දුවාර තරගාවලියේද ශූරතාව දිනා ගැනීමට කණ්ඩම්බි පුහුණුකාරීත්වය දැරූ ජැෆ්නා පිල සමත්වද්දී එම සිව්දින තරගාවලියේද අනුශූරතාව දක්වා ජැෆ්නා කණ්ඩායම මෙහෙයවීමට ඔහු සමත්විය.

ඔහුට අමතරව හිටපු ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවකු වූ රුවන් කල්පගේ නැගී එන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරද්දී වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ජෙහාන් මුබාරක් පත් කර තිබේ. මේ අතර දේශීය ක්‍රිකට් තරගාවලි රැසක ශූරතා දිනා දීමට සමත් පුහුණුකරුවකු ලෙසින් සැලකෙන හිටපු ටෙස්ට් ක්‍රීඩක ගයාන් විජේකෝන් ද අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පල්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කර තිබේ. ඔහු ගෙවී ගිය නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තිළිණ කණ්ඩම්බිගේ සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කළේය. මේ අතර වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කරන සම්පත් පෙරේරා එම කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසින්ද කටයුතු කරනු ඇත.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest