slc
Home   |    News
අප්‍රේල් 18, 2022
ශ්‍රී ලංකා පිලේ සහාය පුහුණුකරු තනතුරට ‘නවීඩ් නවාස්’ට

sinhala editor

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව සහාය පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක නවීඩ් නවාස් මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක මෙම පත්වීම ඉදිරි වසර 2 ක කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇත.

ප්‍රධාන පුහුණුකරු වන ක්‍රිස් සිල්වර්වඩු මහතාගේ සහායකයා ලෙස කටයුතු භාර ගැනීමට පෙර නවීඩ් නවාස් මහතා බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළේය. එම කාල සමයේදී  2020 වසරේ පැවැති අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන බංග්ලාදේශයට දිනා දීමට නවාස් මහතා සමත්වූවේය.

ඒ අනුව සිල්වර්වුඩ් මෙන්ම නවාස් මහතාගේද පළමු රාජකාරිය වනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය වනු ඇත. නවාස් මහතාගේ පත්වීම හැරුණු කොට එම තරග සංචාරය සඳහා තවත් පත්වීම් 3 ක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව චමින්ද වාස් මහතා වේග පන්දු පුහුණුකරු ලෙසත්, පියල් විජේතුංග මහතා දඟ පන්දු පුහුණුකරු ලෙසිත් සහ මනෝජ් අබේවික්‍රම මහතා පන්දු රැකීමේ පුහුණුකරු ලෙසත් කටයුතු කරනු ඇත.

මේ අතර වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන ලද මහින්ද හලංගොඩ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමනාකරු ලෙසින් එම තරග සංචාරයේදී කටයුතු කරනු ඇත.

බංග්ලාදේශය තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග 2 කට සහභාගිවීමට නියමිත එම තරග සංචාරය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙනු ඇත.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest