slc
logo
Home   |    News
අප්‍රේල් 11, 2022
සෙබස්තියනයිට්ස් අවසන් මහ සටනට

sinhala editor

අන්තර් ක්‍රීඩා සමාජ නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව සඳහා සුදුසුකම් ලබා ගැනීමට සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය අද (10 වැනිදා) සමත්විය. අදාළ තරගාවලිය යටතේ පී. සරවනමුත්ත ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කර ගත් සෙබස්තියනයිට්ස් කණ්ඩායම අවසන් මහ තරගයේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්විය.

තරගයේ තෙවැනි දිනය පුරා ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් අවසන් දිනයේදී එකම පන්දුවක් හෝ යැවීමට අවස්ථාව හිමිනොවීය. එබැවින් පළමු ඉනිමේ ජයග්‍රහණය පරිදි අවසන් මහ තරග අවස්ථාව සෙබස්තියනයිට්ස් පිලට හිමිවිය.

දෙපිළේම කඩුලු 25 ක් බිඳ වැටුණු දෙවැනි දිනයේදී ලකුණු 29 ක පළමු ඉනිමේ වාසියක් සමඟින් දෙවැනි ඉනිම ඇරැඹූ සෙබස්තියනයිට්ස් පිළේ කඩුලු 4 ක් ලකුණු 05 ක් ඇතුළත බිඳ වැටීම නිසා දැඩි අසීරුතාවයකට මුහුණ දුන්නේය. එහෙත් තරූෂ ප්‍රනාන්දු සහ ළහිරු ප්‍රනාන්දු එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 39 ක සම්බන්ධතාවයත් සමඟම දිනය අවසන් වන විට කඩුලු 6 කට ලකුණු 53 ක් ලබා දැඩි අසීරුතාවයකට මුහුණ දුන්නේය. පන්දු යැවීමේදී කැපී පෙනුණු ජෙහාන් ඩැනියෙල් දැවී ගිය කඩුලු 6 න් කඩුලු 5 කම හිමිකරුවා බවට පත්වූවේය.

කෙසේ වෙතත් පළමු ඉනිමේ ලද ලකුණු 29 ක වාසිය නිසා ඔවුන්ට ලකුණු 89 කින් දෙවැනි ඉනිමේ පෙරමුණ ගැනීමට අවස්ථාව උදාවූයේ තවත් කඩුලු 4 ක් පමණක් සන්තකයේ තබාගෙනය.

පළමු ඉනිම ක්‍රීඩා කළ සෙබස්තියනයිට්ස් පිල සියලු දෙනා දැවී ලකුණු 142 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ප්‍රබල කෝල්ට්ස් පිලට රැස් කරගත හැකි වූයේ ලකුණු 113 කි පමණි. මෙවර තරගාවලියේ තරග 6 කට සහභාගිවුණු කෝල්ට්ස් පිල එහිදී පූර්ණ තරග ජයග්‍රහණ 5 ක් වාර්තා කරමින් අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලැබුවද ලකුණු 143 ක් තරම් පහසු ඉලක්කය සපුරා ගැනීමට අසමත්වීම කැපී පෙනිණ.

ඒ අනුව මෙම තරගාවලියේ අවසන් මහ තරගය ටැමිල් යුනියන් කණ්ඩායම සහ සෙබස්තියනයිට්ස් කණ්ඩායම අතර ලබන 22 වැනිදා සිට 24 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.  

සෙබස්තියනයිට්ස් පළමු ඉනිම 142 යි – (සඳුන් ප්‍රනාන්දු 46, ළහිරු ප්‍රනාන්දු 28, රොහාන් සංජය 09ග3, කවිශ්ක අංජුල 20/3, ජෙහාන් ඩැනියෙල් 36/2, ඩිල්ෂාන් මදුශංක 51/2) සහ දෙවැනි ඉනිම කඩුලු 6 ට ලකුණු 53 යි – (තරූෂ ප්‍රනාන්දු 24, ජෙහාන් ඩැනියෙල් 27/5)

කෝල්ට්ස් පළමු ඉනිම ලකුණු 113 යි – (මුදිත ලක්ෂාන් 35, ජෙහාන් ඩැනියෙල් 31, තරිඳු රත්නායක 34/4, ටෙහාන් ශාෆ්ටර් 25/3, තරූෂ ප්‍රනාන්දු 44/3)

Active filters

Recent Posts

  • බාළිකා ලෝක කුසලාන විනිශ්චයට ශ්‍රී ලංකාවෙන් දේදුණු යයි
    මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විනිසුරු කටයුතු වෙනුවෙන් පත් කරන ලද නිලධාරීන් 20 දෙනා අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සාමාජිකාවක […]
  • තරග රැසකටම වර්ෂාවෙන් බාධා
    බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ […]
  • ශ්‍රී ලංකා බාළිකාවියන්ට විශිෂ්ඨ ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි පළමු තරගයෙන්ම මැල්සියාවට එරෙහිව ලකුණු 139 ක දැවැන්ත තරග […]
  • බදුරලිය ජයග්‍රහණය අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට […]
  • චානක රුවන්සිරිගෙන් තුන් ඉරියව් දක්ෂතා
     ශ්‍රී  ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ අද (17) මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැති රාගම – බදුරලිය තරගයේ දී බදුරලිය කණ්ඩායමේ චානක රුවන්සිරි පන්දු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee