slc
logo
Home   |    News
අප්‍රේල් 10, 2022
NSL සිව්දින ශූරතාව කැන්ඩි පිල දිනා ගනියි

sinhala editor

By Chamila Karawita reporting from Galle

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙරට ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය ලෙසින් පවත්වනු ලබන නැෂනල් සුපර් ලීග් (ජාතික සුපිරි ලීගය) තරගාවලියේ අභිනව ශූරතාව දිනා ගැනීමට කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කැන්ඩි කණ්ඩායම අද (10 දා) සමත්විය. ජැෆ්නා පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් අදාළ ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 50 ක ත්‍යාගයද කැන්ඩි කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.

තරගයේ අවසන් දිනය වූ අද දිනයේදී වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි වූ අතර ක්‍රීඩාංගණය පිළිබඳව නිරීක්ෂණය කළ විනිසුරුවරයෝ තරගය ප.ව. 1.45 ට අතහැර දැමීමට තීරණය කළහ. ඒ වන විටත් පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කරගෙන සිටි කැන්ඩි කණ්ඩායම සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙසින් කිරුළු පැළඳූහ.

එක්දින තරගාවලියේද අවසන් මහ තරග වරම් දිනාගනු ලැබුවේද මෙම කණ්ඩායම් දෙක වන නමුත්, එම අංශයේ ශූරතාව ජැෆ්නා කණ්ඩායම විසින් දිනාගනු ලැබීය. කෙසේ වෙතත් එක්දින තරගාවලියේ අහිමි වුණු කිරුළ සිව්දින තරගාවලියේදී ලබා ගත් කැන්ඩි කණ්ඩායම එතෙක් ජැෆ්නා පිල රැකගෙන ආ අපරාජිත භාවයද බිඳ හෙළමින් සිව්දින තරගාවලියේ ශූරයින් බවට පත්වූහ. අනුශූරතාවයට පත් කැන්ඩි කණ්ඩායමට මුදලින් ලක්ෂ 25 ක මුදලක් හිමිවිය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 444 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ජැෆ්නා කණ්ඩායමට රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 227 ක් පමණි.කෙසේ වෙතත් තරගයේ තෙවැනි දින අවසනදී යළිත් තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි කැන්ඩි කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 52 ක් රැස් කරගෙන සිටියයේ.

මෙම සිව්දින තරගාවලියේ වීරයා ලෙසින් තරග 6 කදී ඉනිම 11 කට ක්‍රීඩා කොට ලකුණු 886 ක් ලබා ගත් කැන්ඩි කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් සම්මාන දිනාගත්ය. ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 80.54 ක් රඳවා ගැනීමට සමත්වූ වමත් පිතිකරුවා ශතක 4 ක් සහ අර්ධ ශතක 4 ක්ද වාර්තා කරගත්තේය.

මේ අතර දක්ෂතම පිතිකරුවා ලෙස කැන්ඩි කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්නුද සම්මාන ලැබීය. කැන්ඩි කණ්ඩායමේ අංක 3 පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කළ ඕෂද ඉනිම 11 කදී ලකුණු 721 ක් රැස් කර ගන්නා ලද්දේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 80.11 ක් රඳවා ගනිමිනි. ඔහුගේ නම ඉදිරියෙන් ශතක 4 ක් සහ අර්ධ ශතක 3 ක් සටහන් විය.  

දක්ෂතම පන්දු යවන්නා ලෙසින් කලම්බු කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය සම්මාන දිනාගත්තේය. ජයසූරිය තරග 4 කදී කඩුලු 26 ක් දවා ලමින් මෙම සම්මානයට හිමිකම් කීවේය. ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 22.15 ක් වශයෙන් සටහන් විය.  

කැන්ඩි පළමු ඉනිම පන්දුවාර 131.2 කදී සියලු දෙනා දැවී ලකුණු 444 යි – (ඕෂද ප්‍රනාන්දු 109, කමිඳු මෙන්ඩිස් 87, කමිල් මිශාර 56, කසුන් විදුර 71, නිරෝෂන් දික්වැල්ල 32, සහන් ආරච්චිගේ 16, පුලින තරංග 43, ලසිත් ඇඹුල්දෙණිය 01, අෂේයින් ඩැනියෙල් 08, අසිත ප්‍රනාන්දු 05*, ළහිරු උදාර 02, දිලුම් සුධීර 86/4, 96/3, ජෙෆ්රි වැන්ඩර්සි 97/2, දුනිත් වෙල්ලාලගේ 49/1)

ජැෆ්නා පළමු ඉනිම පන්දුවාර 89.1 කදී ලකුණු 227 යි – (නවෝද් පරණවිතාන 13, නිශාන් මදුශ්ක 57, සමින්ද ප්‍රනාන්දු 3, සදීර සමරවික්‍රම 15, ධනංජය ද සිල්වා 30, ගීත් කුමාර 16, ජනිත් ලියනගේ 10, දුනිත් වෙල්ලාලගේ 19, දිලුම් සුදීර 49*, නිපුන් මාලිංග 8, ජෙෆ්රි වැන්ඩර්සි 1, ලසිත් ඇඹුල්දෙණිය 100/4, අසිත ප්‍රනාන්දු 25/2, අශේයින් ඩැනියෙල් 89/3, පුලින තරංග 11/1)

කැන්ඩි දෙවැනි ඉනිම පන්දුවාර 15 කදී කඩුල්ලක් දැවී ලකුණු 52 යි – (කමිල් මිශාර 26, කසුන් විදුර 16, ඕෂද ප්‍රනාන්දු 9, දිලුම් සුදීර 13/1)

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar