slc
logo
Home   |    News
මැයි 20, 2022
ඔස්ට්‍රේලියාවට එරෙහි සටනට සූදානම්වන්න  තාවකාලික සංචිත 3ක්

sinhala editor

ලබන මසට යෙදී ඇති ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට සූදානම් වීම සඳහා ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරග අංශ සඳහා වෙන⁣ වෙනම තාවකාලික පුහුණු සංචිත 3 ක් නම්කර තිබේ.


දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතයට ක්‍රීඩකයින් 24 දෙනෙකු නම්කර තිබෙන අතර  දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එක්දින සහ විස්සයි-20 තරග අංශය සඳහා ක්‍රීඩකයින් 26 දෙනෙකු බැගින් වන සේ සංචිත දෙකක් නම් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.


මෙහිදී එක්දින සහ විස්සයි-20 සංචිත සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ නායක දුනිත් වෙල්ලාලගේව නම් කිරීම කැපී පෙනෙයි.


ටෙස්ට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා,  කමිඳු මෙන්ඩිස්,  නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, රමේෂ් මෙන්ඩිස්, මොහොමඩ් ශිරාස්, ශිරාන් ප්‍රනාන්දු,  ඩිල්ෂාන් මධුශංක, ලහිරු කුමාර, කසුන් රාජිත,  විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු,  ජෙෆ්රි වැන්ඩර්සේ, ලක්ෂිත රසාංජන,ප්‍රවීන් ජයවික්‍රම,  ලසිත් ඇඹුල්දෙණිය, සුමින්ද ලක්ෂාන්.

එක්දින සංචිතය – ධනුෂ්ක ගුණතිලක,  පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, දසුන් ශානක (නායක), අශේන් බණ්ඩාර, දිනේෂ් චන්දිමාල්,  නිරෝෂන් දික්වැල්ල, ජනිත් ලියනගේ,  දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, සහන් ආරච්චි, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ලහිරු මධුශංක, රමේෂ් මෙන්ඩිස්,  දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ, මහේෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම.

T20 සංචිතය – ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ දසුන් ශානක (නායක), අශේන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, සහන් ආරච්චි, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ලහිරු මධුශංක, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ, නුවන් තුෂාර, කසුන් රාජිත, නිපුන් මාලිංග, ලහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩර්සේ, මහේෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee