slc
Home   |    News
මැයි 24, 2022
කසුන් රාජිතගෙන් වාර්තාගත පන්දු යැවීමක්

sinhala editor

By Chamila Karawita

මීර්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (24 දා) දිවා භෝජනය සඳහා තරගය නිමා කරන විට යළිත් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පන්දු වන්නෝ බංග්ලා‌දේශ ඉනිමේ කඩුලු 9 ක් ලකුණු 361 ක් ඇතුළත දවා ගැනීමට සමත්ව සිටිති.

පෙර දිනයේදී බංග්ලාදේශ ඉනිමේ ගැලවුම්කරුවන් බවට පත් වුණු හිටපු නායක මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස්ගේ සම්බන්ධතාවය ලකුණ 272 කදී බිඳ දැමීමට කසුන් රාජිත සමත්වූවේය. ඒ ලිටන් දාස් ලකුණු 141 කට දවා ගැනීමත් සමඟය. දැවී යන විටත් සිය ටෙස්ට් තරග දිවියේ වැඩිම ලකුණු වාර්තා කර ගැනීමට බංග්ලාදේශ කඩුලු රකින්නා සමත්ව සිටියේය. පන්දු 246 ක් පුරා විහිදුණු දාස්ගේ ඉනිම සඳහා ඔහු හයේ පහරක් සහ හතරේ පහර 16 ක් ඒල්ල කර තිබුණි.

දාස්ගේ කඩුල්ල දවා ගත් කසුන් ඊට පන්දු 3 කට පසු නැවතත් මොසදික් හොසේන්ගේ කඩුල්ල දවා ගනිමින් පළමු වතාවට ටෙස්ට් තරගයකදී කඩුලු 5 ක් දවා ගත්තේය. පන්දුවාර 27 කදී නිලකුණු පන්දු වාර 7 ක්ද සමග ලකුණු 62 කට කඩුලු 5 ක් ලෙසින් වාර්තා වුණු කසුන්ගේ පන්දු යැවීම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නකු විසින් බංග්ලාදේශයට ඒරෙහිව ඔවුන්ගේ නිජ බිමේදී කඩුලු 5 ක් දවා ගත් පළමු අවස්ථාවේ වාර්තාව බවටද පත්විය.

කසුන්ට අමතරව දැවී ගිය අනෙක් කඩුලු 4 ම හිමිකාරයා බවට පත්ව සිටින්නේ වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු වන අතර ඔහු ලකුණු 93 කට කඩුලු 4 ක් බිඳ හෙළා තිබේ. උදෑසන සිටම බංග්ලාදේශ පසු පෙළ පිතිකරුවන් වෙනුවෙන් කෙටි පන්දු යැවීමේ උපක්‍රමය භාවිතයෙන් වේග පන්දු යවන්නන් පන්දු යැවීම විශේෂත්වයක් විය. එහෙත් ඒ අතරින් නොසැළී සිටි මුෂ්ෆිකර් රහීම් ලකුණු 171 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියි. මෙම ඉනිම සටහන් වූයේ රහීම්ගේ ටෙස්ට් තරග දිවියේ ලකුණු 150 සීමාව ඉක්මවා ගිය පස්වැනි අවස්ථාව ලෙසිනි. ඉනිමේ අවසන් පිතිකරු ලෙසින් පිටියට පිවිසි ඒබදොත් හොසේන්ගේ පිත්තේ වැදණේ යැයි සිදුකරන ලද ඉල්ලීමට විනිසුරු ප්‍රතිචාර දැක්වුවද එය අභියෝගයට ලක් කිරීමේදී ඔහු නොදැවුණු ක්‍රීඩකයකු ලෙස පුණරූපනවල සටහන් විය. ඒ අනුව අසිත ප්‍රනාන්දුගේ නම ඉදිරියෙන් කඩුලු 5 ක් ලෙසින් ලියැවුණු අවස්ථාව මිනිත්තු ගණනකට පමණක් සීමා විය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest