slc
Home   |    News
මැයි 23, 2022
කසුන් සහ අසිත බංග්ලාදේශය අමාරුවේ දමයි

sinhala editor

By Chamila Karawita

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර වන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට දිවා භෝජනය සඳහා තරගය නිමා කරන විට බංග්ලාදේශ පිලේ ඉදිරි පෙළ කඩුලු 5 ක් දවා ගනිමින් සියලුම වාසීන් තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නනෝ සමත්ව සිටිති.

දැවී ගිය පිතිකරුවන් අතරින් තිදෙනෙකුම ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය පිතිකරුවන් වූ අතර අනෙක් දෙදෙනාද ලකුණු 10 සීමාව ඉක්මවාලීමට අසමත්වූ පිතිකරුවෝ වෙති. මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 24 ක්ව තිබියදී බංග්ලාදේශ පිලේ කඩුලු 5 ම බිඳ වැටුණු නමුත් හය වැනි කඩුල්ලට ඒක්වූ මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් ලකුණු 42 ක සම්බන්ධතාවක් පවත්වමින් කඩා වැටුණු බංග්ලාදේශ ඉනිම ගොඩ ගැනීමේ උත්සාහයක නිරතවූහ. තරගය නිමා කරන විට රහීම් ලකුණු 22 ක් සහ දාස් ලකුණු 26 ක් ලබා සිටිති. මොවුන් දෙදෙනාගේ පිතිහරඹය නිසා බංග්ලාදේශ පිල කඩුලු 5 කට ලකුණු 66 ක් ලබා සිටියි.

බංග්ලාදේශයේ මීර්පූර් පිටියේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ පිල පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. පිතිකරුවන්ට වඩා වාසිදායක ලෙසින් හැසිරෙන ඇතැයි අපේක්ෂිත මෙම තණතීරුවේදී බංග්ලාදේශ නායකයා ගත් තීරණය සම්පූර්ණ වැරදි ඒකක් බව පෙන්නුම් කිරීමට ගතවූයේ තරගයේ දෙවැනි පන්දුව පමණි. ඒ් කසුන් රජිත විසින් මහමුදුල් හසන්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟය.

අනතුරුව අසිත ප්‍රනාන්දු විසින් ටමීම් ඉක්බාල්ව දවා ගනිමින් අනෙක් අන්තයේ කසුන්ට අවශ්‍ය සහයෝගය ලබා දුන්නේය. සාර්ථකම පන්දු යවන්නා වුණු කසුන් රජිත නජ්බුල් හොසේන් සහ ශකීබ් අල් හසන් පිට පිට පන්දු දෙකකදී දවා ගනිමින් බංග්ලාදේශ පිලට පීඩනය වැඩි කළේය. පළමු කඩුලු 5 ම පන්දුවාර 6 කුත් පන්ද 5 කදී බිද වැටීම කැපී පෙනෙන. අවසානයේ කසුන්ගේ නම ඉදිරියෙන් කඩුලු 3 ක් සහ අසිතගේ නම ඉදිරියෙන් කඩුලු 2 බැගින් ලියැවී තිබිණ. බංග්ලාදේශය පන්දුවාර 23 කදී කඩුලු 5 ට ලකුණු 66 යි – මුෂ්ෆිකර් රහීම් 22*, ලිටන් දාස් 26, මොමිනුල් හක් 09, නජ්මුල් හොසේන් 08, ශකීබ් අල් හසන් 00, ටමීම් ඉක්බාල් 00, මහමුදුල් හසන් 00, කසුන් රජිත 16/3, අසිත ප්‍රනාන්ද 26/2)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest