slc
Home   |    News
මැයි 17, 2022
ටමීම්ගේ ශතකයෙන් බංග්ලාදේශ්‍ය ශක්තිමත් වෙයි

sinhala editor

By Chamila Karawita

මීට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් වාර්තා කර ගැනීමට අසමත්ව සිටි ටමීම් ඉක්බාල් එම අඩුපාඩුව සපුරා ගැනීමට සමත්වීම නිසා පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දින තේ පානය සඳහා තරගය නිමා කරන විට බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 3 කට ලකුණු 220 ක් රැස් කර ගැනීමට හැකියාව ලැබිණ. ඒ අනුව ඔවුන් සංචාරක කණ්ඩායමට වඩා තවත් ලකුණු 177 කින් පිටුපසින් සිටින්නේ කඩුලු 7 ක් අත දරාගෙනය. 

චිටෝග්‍රෑම්හි පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව අර්ධ ශතක 7ක් වාර්තා කිරීමට ටමීම් සමත්ව සිටියත් එක් වතාවක් හෝ ශතකයක් වාර්තා කර ගැනීමට නොහැකිව සිටියේය. 31 හැවිරිදි වියේ පසුවන ටමීම් අද වාර්තා කරන ලද්දේ සිය ටෙස්ට් තරග දිවියේ 10 වැනි ශතකය විය.  තේ පානය වන විට ටමීම්ගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 133 ක් ලෙසින්ද මුෂ්ෆිකර් රහීම් ලකුණු 14 ක් ද ලබා සිටියහ.

පෙරවරුවේදී බංග්ලාදේශ පිල නතුවූ පිටියේ ආධිපත්‍ය දිවා ආහාරයෙන් පසු තමන් වෙත ළංකර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ සත්කාරක පිලේ කඩුලු 3 ක් එම සැසිය ඇතුළත දවා ගැනීමත් සමඟය.  ලකුණු 114 ක් ලබා සිටියදී ටමීම් දවා ගැනීම වෙනුවෙන් අවස්ථාවක් ලබා දුන්නද එය ධනංජය ද සිල්වා අතින් මඟ හැරිණ. රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවකට පහරක් එල්ල කිරීමේදී එය ස්ලිප් ස්ථානයට තරමක් ඉහළින් ඇදී ගිය නමුත් එය ග්‍රහණය කර ගැනීමට ධනංජයට නොහැකි විය. තරමක් ඉහළින් ඇදී ගිය උඩ පන්දුව ඉහළට පැන තනි අත යෙදුවත් එය ධනංජයගේ අතේ වැදී ගිලිහී ගියේය. එම උඩ පන්දුව රැක ගැනීමට සමත්වූයේ නම් ශ්‍රී ලංකාවට මීට වඩා සැනසිලි දායක තත්ත්වයකට පැමිණීමට ඉඩ තිබිණ.

පළමු සැසියේදී කඩුලු ලබා නොදීමට බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් සමත්වීම නිසා දිවා බංග්ලාදේශ පළමු කඩුල්ල දවා ගැනීමට දිවා ආහාරය පසුවන තෙක් බලා සිටීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 162 ක්ව තිබියදී 21 හැවිරිදි මහමුදුල් හසන්ව පිටියෙන් ඉවත් කළේය. ලකුණු 51 දී ලබා දුන් උඩ පන්දුව ගිලිහී ගියද ඉන් නිසි ප්‍රයෝජන ගැනීමට අසිත ප්‍රනාන්දු ඉඩ ලබා නොදුන්නේය.

දිවා ආහාරයට පෙර යවන ලද බවුන්සර් පන්දුවකට එල්ල කරන ලද හුක් පහර ෆයින් ලෙග් කලාපයේ පන්දු රැකි ලසිත් ඇඹුල්දෙණිය වෙත උඩ පන්දුවක් ලෙස ඇදී ගියද එය නිසියාකාරව රැක ගැනීමට ඔහු අපොහොසත් විය. එහෙත් අප්‍රතිහත ධෛර්ය හමුවේ නැවතත් නිරෝෂන් දික්වැල්ල සමඟ හවුල් වෙමින් ලකුණු 58 කට මහමුදුල් හසන්ව පිටියෙන් ඉවත් කිරීමට අසිත සමත්වූවේය. දැවී යන විටත්  සිය දෙවැනි අර්ධ ශතකය වාර්තා කර ගැනීමට මහමදුල් සමත්ව සිටියේය.

අනෙක් කඩුලු දෙකේ හිමිකාරයා වූයේ විශ්ව ප්‍රනාන්දු වෙනුවට කණ්ඩායමට පැමිණි කසුන් රාජිත විය. පන්දුවට පහර දෙමින් සිටියදී හිසේ පන්දුවක් වැදීම නිසා තවදුරටත් තරගයට ක්‍රීඩා කිරීමෙන් විශ්ව ඉවත්වීම නිසා ‘කම්පන ආදේශකයා’ ලෙසින් කණ්ඩායමට පැමිණි කසුන් රාජිත සිය වගකීම අකුරටම ඉටු කළේ පන්දුවාර 3 කුත් පන්දුවක් ඇතුළත නජ්මුල් හොසේන් සහ බංග්ලාදේශ නායක මොමිනුල් හක්ව දවා ගනිමිනි.

පන්දු යැවීමට කැඳවූ පළමු පන්දුවාරයේදීම සාර්ථක ප්‍රතිඵල අත්කරගත් කසුන්, නැවතත් ඊට පන්දුවාර දෙකකට පසු මොමිනුල්ව ඉවත් කරමින් ශ්‍රී ලංකාව යළි තරගයට රැගෙන ආවේය. මොමිනුල් දවා ගැනීම වෙනුවෙන් පිට ඉන්නට පිටින් කසුන් යොමු කරන පන්දුව පිට ඉන්න සොයා ඇදී ගියේ පිතිකරුට හිතා ගැනීමට නොහැකි තරම් දෝලනයක් සමඟිනි. ඒ සමඟම බංග්ලාදේශ පිලේ කඩුලු 3 ම ලකුණු 22 ක් ඇතුළත බිඳ වැටිණ.

කෙසේ වෙතත් කඩුලු අතර දිව යෑමේදී මස් පඬු පෙරැළීමේ තත්ත්වයකට මුහුණ දී සිටි බැවින් අවසන් හෝරාවක පමණ කාලයේදී ටමීම්ගේ පිත්තෙන් එතරම් වේගයෙන් ලකුණු ගලා නොආවේය. එය ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයට පැමිණීමට තවත් යම් අස්වැසිල්ලක් විය.

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest