slc
logo
Home   |    News
මැයි 22, 2022
තීරණය සොයන අවසන් සටනට ප්‍රවීන්ට කැඳවුම්

sinhala editor

By Chamila Karawita

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය මීර්පූර් ක්‍රීඩාංගණයේදී හෙට (23 වැනිදා) ආරම්භ වේ.

පළමු තරගය ජය පරාජයකින් තොරව අවසන් වීමත් සමගින් අද ආරම්භ කෙරෙන තරගය ජය ගැනීමට සමත්වන කණ්ඩායමට තරගාවලියේ ජය හිමිකර ගැනීමට තීරණාත්මක අවස්ථාවක් උදාවී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ජාත්‍යන්තර ටෙස්ට් තරග ඉතිහාසයේදී මේ දක්වා එක් තරගයක් පමණක් ජය ගැනීමට සමත්වී සිටින බංග්ලාදේශයට අද ආරම්භ කෙරෙන තරගය ජයග්‍රහණයකින් යුතුව නිමා කිරීමට සමත්වුවහොත් ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමේ අවස්ථාව ඔවුන්ට උදාවේ.

දෙරට අතර ක්‍රියාත්මක වී ඇති ටෙස්ට් තරග 23න් තරග 17ක් ජය ගැනීමට සමත්වී ඇති ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගැනීමට සමත්වුවහොත් බංග්ලාදේශයට එරෙහිව පිට පිටම වාර්තා කරන 3 වැනි ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය සැමරීමට සංචාරක කණ්ඩායමට අවස්ථාව උදාවේ.
කෙසේ වෙතත් පළමු තරගයට ක්‍රීඩා කළ බංග්ලාදේශ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක නයීම් හසාන්ට මෙම තරගය අහිමි වි තිබේ.

දෙරට අතර පළමු තරගයේදී ශ්‍රී ලංකා පළමු ඉනිමේ කඩුලු 6ක් බිඳ දැමීමට නයීම් හසාන් සමත්විය.

මීට අමතරව පළමු තරගයේදී සිදු වූ ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ශොරිෆුල් ඉස්ලාම්ටද දෙවැනි තරගය අහිමි වී තිබේ.
මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන ක්‍රීඩා කරන 11 දෙනා මේවන විට ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු වේග පන්දු යවන්නන් ලෙසින් කටයුතු කරන අතර දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට කැඳවා ඇත.

ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න, ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්,ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම,අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත.
බංග්ලාදේශ කණ්ඩායම – මොමිනුල් හක්, මහමුදුල් හසන්, තමිම් ඉක්බාල්, නජ්මුල් හසන්, මුෂ්ෆිකර් රහීම්, ලිටන් දාස්, ෂකීබ් අල් හසන්, තයිජුල් ඉස්ලාම්, කලීඩ් අහමඩ්, එබටඩ් හසන්, ෂොයිදුල් ඉස්ලාම්, රහමන් රාජා.

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

USD United States (US) dollar