slc
logo
Home   |    News
මැයි 16, 2022
තෙවැනි දිනය වැස්සට දියවෙයි

sinhala editor

සදම්ප්ටන්හි පැවැත්වෙන ශ්‍රී ලංකා නැගී එන සහ හැම්ප්ෂයර් ප්‍රාන්තය අතර සිව්දින තරගයේ තෙවැනි දිනය වූ ඉරිදා (15) වර්ෂාව මත එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි විය.

තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කරන ඉයන් බ්ලැක්වෙල් (එංගලන්තය) සහ රසල් වොරන් (එංගලන්තය) විනිසුරුවන් දෙදෙනා තෙවරක් ක්‍රීඩාංගණය පරීක්ෂා කිරීමෙන් පසුව ක්‍රීඩාංගණයේ අයහපත් තත්ත්වය මත තරගය නතර කිරීමට තීරණය කළේ දිවා ආහාරයට පසුවය.

මේ තරගයේ අවසාන දිනය සඳුදා (16) වන අතර තවමත් හැම්ප්ෂයර් ප්‍රථම ඉනිම නිමාවට පත්ව නොමැති හෙයින් තරගය බොහෝ දුරට ජය පැරැදුමින් තොරව නිමවීමට අවකාශ තිබේ.

මේ තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 281ක් රැස්කළ අතර දෙවැනි දින (14) තරගය නිමවන විට හැම්ප්ෂයර් කඩුලු පහකට ලකුණු 252ක් ලබාසිටියේය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ප්‍රථම ඉනිම පන්දුවාර 86.1කදී 281යි – (සංතූෂ් ගුණතිලක 53, නුවනිඳු ප්‍රනාන්දු 52, දුනිත් වෙල්ලාලගේ 44, දිලුම් සුධීර 33, ධනංජය ලක්ෂාන් 21, අෂේන් ඩැනියල් 21, ජෝන් ටර්නර් 31/5, හැරී පෙට්රි 48/3, ඩොම්නික් කෙලී 55/2)

හැම්ප්ෂයර් පන්දුවාර 91 කදි කඩුලු 5ට 252 යි – (ටොබී ඇල්බර්ට් නොදැවී 69, ෆ්ලෙචා මිඩ්ල්ටන් 64, රොස් වයිට්ලි නොදැවී 55, ටොම් ප්‍රෙස්ට් 35, ධනංජය ලක්ෂාන් 43/2, උදිත් මධුෂාන් 73/2)

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest