slc
logo
Home   |    News
මැයි 11, 2022
දෙවැනි දිනටත් වැස්ස හරස් වෙයි

sinhala editor

ශ්‍රී ලකාව සහ බංගලාදේශය ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර සවාර්හි පැවැති දෙදින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (11 දා) දිනද අයහපත් කාලගුණය හරස්වීම නිසා තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. ඒ් අනුව දෙවැනි දිනටද තරගයට ක්‍රීඩා කළ හැකි වූයේ පන්දවාර 9.5 ක් පමණි.

පළමු දිනද පන්දුවාර 8.3 කදී තරගය හමාර කර බැවින් සමස්ථ තරගයේදීම ක්‍රීඩා කළ හැකි වූයේ පන්දුවාර 18 කුත් පන්දු 2 ක් පමණි. කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා පිල තරගය නිමා කරන විට කඩුල්ලක් දැවි ලකුණ 50 ක් ලබා සිටියේය. ඒ් වන විටත් ඔෂද ප්‍රනාන්ද හතරේ පහර 3 ක් සමඟ ලකුණු 26 ක්ද, කුසල් මෙන්ඩිස් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමඟ ලකුණු 22 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

ශ්‍රී ලංකාව පන්දවාර 18.2 කදී කඩුල්ලක් දැවි ලකුණු 50 යි – (දිමුත් කරුණාරත්න 02, ඔෂධ ප්‍රනන්දු 26*, කුසල් මෙන්ඩිස් 22*)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar