slc
Home   |    News
මැයි 15, 2022
පළමු සැසියේ වාසිය සත්කාරකයෝ ගනිති

sinhala editor

By Chamila Karawita

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ වන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය යටතේ අද චිටෝග්‍රෑම්හි ඇරැඹි පළමු ටෙස්ට් තරගයේ දිවා භෝජනය සඳහා තරගය නිමා කරන සංචාරක ශ්‍රී ලංකා පිලේ කඩුලු 2 ක් දවා ගනිමින් විට වැඩි වාසි අත්කර ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත්ව සිටියේය.

පන්දුවාර 24 කට සීමා වුණු පළමු සැසියේදී දැවී ගිය කඩුලු 2 ම නයීම් හසන්ගේ නම ඉදිරියේ සටහන් වද්දී ශ්‍රී ලංකා පිල 3.04 ක දළ ලකුණු වේගයක් රඳවා ගනිමින් ලකුණු 73 ක් ලබා සිටියේය. පන්දු යවන්නන්ට තරම් දායකත්වයක් ලබා නොදුන්නත් ඉතාමත් නිවැරදි එල්ලයේ පන්දු යැවීමක නිරත වුණු නයීම් හසන් දිවා විවේකයට මිනිත්තු කීපයකට පෙර ඕෂධ ප්‍රනාන්දුගේ කඩුල්ල දවා ගනිමින් බංග්ලාදේශ පිලට වැඩි වාස් අත්කර දුන්නේය.

එම කඩුල්ල අහිමිවීමේදී ශ්‍රී ලංකාවට සිදුවූ ප්‍රබලම පාඩුව වූයේ දෙවනි කඩුල්ල වෙනුවෙන් ඕෂධ සහ කුසල් මෙන්ඩිස් මනා ස්ථාවරත්වයක් ගොඩ නඟමින් පන්දුවට පහර දීමේ නියැළී සිටි බැවිනි. ආරම්භයේ සිටම වඩා විශ්වාසනීය පහර එල්ල කරමින් පන්දුවට පහර දුන් ඕෂධ මනරම් පහර එල්ල කරමන් ලකුණු ලබා ගැනීමේ කාර්යයේ නිරත විය.

එහෙත් උපක්‍රමයක් ලෙසින් දඟ කැවීමකින් තොරව නයීම් යොමු කරන ලද පන්දුවට ඕෂධ පිත්ත පැරදිණ. ඒහි ප්‍රතිඵලය වූයේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව කඩුලු රකින්නා සුරකිව රැක ගැනීම විය. දැවී ගියේ යැයි කරන ලද ඉල්ලීමට ප්‍රධාන විනිසුරුවරයා වූ රිචර්ඩ් කෙට්ල්බ්‍රෝගේ දබරැඟිල්ල ඉහළට එසවෙද්දී ඕෂධගේ ඉනිම ලකුණ 37 කදී නිමාවට පත්විය. කෙසේ වෙතත් ප්‍රධාන විනිසුරුවරයාගේ තීරණය අභියෝගයට ලක් කිරීමට ඕෂධ පියවර ගනු ලැබවද ඒම තීරණයේ වෙනසක් නොවීය.

ඕෂධගේ දැවී යෑමට ප්‍රථම නායක දිමුත්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට නයීම් සමත්වූවේය.   සාමාන්‍ය පන්දු යවන වේගයට වඩා තරමක් වේගයෙන් එවන ලද පන්දුවට කට් පහරක් එල්ල කිරීමට යෑමේදී පිතිකරු පසුකරගෙන පන්දුව යන විට ශබ්ද දෙකක් ඇසිණ. ඒ අනුව සිදකරන ලද ඉල්ලීමේදී විනිසුරුවරයා එය කඩුල්ල මුවා කිරීමේ දැවී යෑමෙක් ලෙසින් සංඥා කළේය. එහෙත් අනෙක් අන්තයේ රැදී සිටි ඕෂධගෙන් විමසීමෙන් අනතුරුව එම තීරණය අභියෝගයට ලක් කිරීමට ශ්‍රී ලංකා නායකයා පියවර ගත්තද රූපවාහිනී පුණරූපණවලදී පන්දව පිත්තේ වැදීමට ප්‍රථම පා ආවරණයේ වැදෙන බව පැහැදිළිවම සටහන් විය.

ඕෂධ සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43 ක සම්බන්ධතාවක් පැවැත්වූ කුසල් මෙන්ඩිස් පන්දු 43 කදී ලකුණු 27 ක් ද ඇන්ජලෝ මැතිව්ස් පන්දු 11 කට මුහුණ දෙමින් ලකුණක්ද ලබා කඩුල්ලේ රැඳී සිටිති.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 24 කදී කඩුලු 2ට ලකුණු 73 යි – (ඕෂධ ප්‍රනාන්දු 36, දිමුත් කරුණාරත්න 09, කුසල් මෙන්ඩිස් නොදැවී 27, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 01, නයීම් හසන් 28/2)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest