slc
logo
Home   |    News
මැයි 4, 2022
බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් සටනේදී රොෂේන්ගේ තැන කමිඳු මෙන්ඩිස්ට

sinhala editor

By Chamila Karawita

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමි තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනාගත් තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ව එක් කර තිබේ.

නම් කරන ලද මූලික සංචිතයට මැද පෙළ පිතිකරුවකු වන රොෂේන් සිල්වාව ඇතුළත් කර තිබුණද මෙම තරග සංචාරය සඳහා සහභාගිවීමට අවස්ථාවක් තමාට නොමැති බව පෙන්වාදීමත් සමඟ, රොෂේන් වෙනුවට කමිඳුගේ නම ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඉකුත්දා නිමාවට පත් වුණු නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ කැන්ඩි කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන ලද කමිඳු එම තරගාවලියේ තරග 6 කදි ලකුණු 886 ක් රැස් කරමින් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේය. ශතක 4 ක් සහ අර්ධ ශතක 4 ක් රැස් කළ කමිඳුගේ ඉනිමක ලකුණු රැස් කිරීමේ සාමාන්‍ය 80.54 ක් ලෙසින් සටහන් විය. මීට අමතරව එම තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මාන දිනාගත් ඕෂද ප්‍රනාන්දුද යළි ටෙස්ට් කණ්ඩායමට කැඳවා තිබේ. තරග 6 කදී ලකුණු 721 ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත් ඕෂදගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 80.11 ක් ලෙසින් සටහන් වේ.

කෙසේ වෙතත් නම් කරන ලද කණ්ඩායමට අවසන් වරට ඉන්දීය තරග සංචාරයට සහභාගිවූ ක්‍රීඩකයින් හත් දෙනෙකු රහිතව නම් කිරීම කැපී පෙනෙයි. ඒ අතර චරිත් අසලංක, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න සහ ජෙෆ්රි වැන්ඩර්සි පසුවෙති. ඉන්දියාවට එරෙහි තරගාවලියට වේග පන්දු යවන සුරංග ලක්මාල්ද ඇතුළත්ව සිටිය නමුත් ඔහු එම තරගාවලියෙන් පසු ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගනු ලැබීය.

ඇඟිල්ලේ සිදුවූ අස්ථි බිඳීමක් හේතුවෙන් ඉන්දීය තරග සංචාරය අහිමි වුණු රමේෂ් මෙන්ඩිස් යළිත් කණ්ඩායමට කැඳවා සිටින අතර ජෙෆ්රි වැන්ඩර්සිගේ ස්ථානය සඳහා සුමින්ද ලක්ෂාන්ව ආදේශ කර තිබේ. ගෙවී ගිය මාස කීපයේදීම ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන කසුන් රජිත, අසිත ප්‍රනාන්දු සහ වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංකවද බංග්ලාදේශ තරග සංචාරය සඳහා එක්ව සිටියි.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), කමිල් මිශාර, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, කසුන් රජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය.

ඉවතට – චරිත් අසලංක, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, පැතුම් නිස්සංක, ළහිරු තිරිමාන්න, ජෙෆ්රි වැන්ඩර්සි, සුරංග ලක්මාල් (විශ්‍රාම ගනෙ සිටියි)

ඇතුළට – කමිල් මිශාර, ඕෂද ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, සුමින්ද ලක්ෂාන්, කසුන් රජිත, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar