slc
Home   |    News
මැයි 15, 2022
මැතිව්ස්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාව පෙරමුණට

sinhala editor

By Chamila Karawita

චැටෝග්‍රෑම්හි සහීර් අහමඩ් චෞදි ක්‍රීඩාංගණයේ අද (15 ද) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේ දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 258 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අනගිභවනීය පිතිහරඹයක් දියත් කළ ඇන්ජලෝ මැතිව්ස් හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමඟ නොදැවී ලකුණු 114 ක්ද, දිනේෂ් චන්දිමාල් හයේ පහර 2 ක් සමඟ නොදැවී ලකුණු 34 ක්ද ලබා කඩල්ලේ රැඳී සිටිති.

දෙවැනි නව පන්දුව ලබා ගැනීමෙන් පසු යවන ලද පළමු පන්දුවටම ග්ලාන්ස් කිරීමක් කරමින් මැතිව්ස් සිය ශතකය සම්පූර්ණ කරගත්තේය. එය මැතිව්ස්ගේ පෞද්ගලික දක්ෂතා අතර 12 වැනි ශතකය ලෙසින් සටහන් විය. මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 2 ට ලකුණු 66 ක්ව තිබියදි පන්දුවට පහර දීමට පැමිණ දිනයේ එකම ශතක ලාභියා වූ මැතිව්ස්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සමඟ ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩ නඟමින් ශ්‍රී ලංකා පිල ස්ථාවරත්වයකට රැගෙන ආවේය.

දිවා විවේකය සහ තේ පානය අතරතුර කාල සීමාවේදී සිය කඩුලු ආරක්ෂා කරගත් දකුණත් පිතිකරුවන් දෙදෙනා පළමු සැසයේදී ශ්‍රී ලංකා පිල මුහුණ දී සිටි අසීරුතාවයෙන් මුලු මනින්ම මුදවා ගත්තහ. 2021 වසරේදී එංගලන්ත පිලට එරෙහිව ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමෙන් පසු ක්‍රීඩා කරන ලද ඉනිම 11 කට පසු මෙම ශතකය මැතිව්ස් වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනෙයි.

පන්දුවට පහර දීමට පැමිණි විගසම හෙවත් දිවා විවේකයට පෙර තයිජුල් ඉස්ලාම් විසින් යවන ලද පන්දුවාරයේදී ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ල මුවා කළේ යැයි ප්‍රතිවාදීන් ඉල්ලීමක් කළද ඒයට විනිසුරුගේ ප්‍රතිචාරයක් නොවීය. එහෙත් ඉන් සෑහීමකට පත් නොවුණු සත්කාරකයෝ එය තෙවැනි විනිසුරු විමසීම දක්වා රැගෙන ගියත් ඒය කඩුල්ලට ඉහළින් ඇදී යන බව නිරීක්ෂණය වීමත් සමඟ තවදුරටත් පිටියේ රැඳී සිටීමට මැතිව්ස් වාසනාවන්ත විය.

අනතුරුව තයිජුල් විසින් ක්‍රියාත්මක කරන ලද 45 වැනි පන්දුවාරයේදී මැතිව්ස්ගේ පිත්තේ වැදී කඩුලු රකින්න උඩ පන්දුවක් රැක ගත්තේ යැයි විනිසුරුවරයා සංඥා කළේය. කෙසේ වෙතත් ඒම තීරණය අභියෝගයට ලක් කිරීමේදී එහි වාසියද මැතිව්ස් සතු වූවේය.

දිවා විවේකය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා ඉනිමේ වටිනාම පිතිකරුවා වූ නායක දිමුත් කරුණාරත්න සහ ඔ්ෂධ ප්‍රනාන්දුව දවා ගැනීට නයීම් හසන් සමත්වූවේය.

උපක්‍රමයක් ලෙසින් දඟ කැවීමකින් තොරව නයීම් යොමු කරන ලද පන්දුවට ඕෂධ පිත්ත පැරදිණ. එහි ප්‍රතිඵලය වූයේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව කඩුලු රකින්නා සුරකිව රැක ගැනීම විය. දැවී ගියේ යැයි කරන ලද ඉල්ලීමට ප්‍රධාන විනිසුරුවරයා වූ රිචර්ඩ් කෙට්ල්බ්‍රෝගේ දබරැඟිල්ල ඉහළට එසවෙද්දී ඕෂධගේ ඉනිම ලකුණ 37 කදී නිමාවට පත්විය. කෙසේ වෙතත් ප්‍රධාන විනිසුරුවරයාගේ තීරණය අභියෝගයට ලක් කිරීමට ඕෂධ පියවර ගනු ලැබවද එම තීරණයේ වෙනසක් නොවීය.

ඕෂධගේ දැවී යෑමට ප්‍රථම නායක දිමුත්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට නයීම් සමත්වූවේය.   සාමාන්‍ය පන්දු යවන වේගයට වඩා තරමක් වේගයෙන් එවන ලද පන්දුවට කට් පහරක් එල්ල කිරීමට යෑමේදී පිතිකරු පසුකරගෙන පන්දුව යන විට ශබ්ද දෙකක් ඇසිණ. ඒ අනුව සිදකරන ලද ඉල්ලීමේදී විනිසුරුවරයා එය කඩුල්ල මුවා කිරීමේ දැවී යෑමෙක් ලෙසින් සංඥා කළේය. එහෙත් අනෙක් අන්තයේ රැදී සිටි ඕෂධගෙන් විමසීමෙන් අනතුරුව එම තීරණය අභියෝගයට ලක් කිරීමට ශ්‍රී ලංකා නායකයා පියවර ගත්තද රූපවාහිනී පුණරූපණවලදී පන්දව පිත්තේ වැදීමට ප්‍රථම පා ආවරණයේ වැදෙන බව පැහැදිළිවම සටහන් විය.

තේ පානයෙන් පසු තයිජුල් ඉස්ලාම් යවන ලද පළමු පන්දුවේදීම කුසල් මෙන්ඩිස් දැවී ගියේ දිවා විවේකය තෙක් වාර්තා කරගෙන සිටි ලකුණු 54 ට එකම ලකුණක් හෝ එකතු කරගැනීමට පෙරය. උප නායක ධනංජය ද සිල්වාටද වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට නොහැකි වූයේ ශකීබ් අල් හසන්ගේ ගොදුරක් බවට පත්වූ නිසාය. හෙට තරගයේ දෙවැනි දිනයයි.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest