slc
logo
Home   |    News
මැයි 16, 2022
මැතිව්ස් වටා ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගෙයි

sinhala editor

By Chamila Karawita

ශතකයක් ලබා ගත්තද ඉන් සෑහීමකට පත් නොවුණු ඇන්ජලෝ මැතිව්ස්ගේ දීර්ඝ ඉනිමක් කරා යන පෙර නිමිති දක්වමින් ක්‍රීඩා කරන ලද සුවිශේෂී පිතිහරඹය හේතුවෙන් තේ පානය වන විට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 8 කට ලකුණු 375 ක් දක්වා ඉහළ දමා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩයමට අද (16 දා) හැකියාව ලැබිණ.

චිටෝග්‍රෑම්හි සහීර් චෞද්‍රි පිටියේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ පූර්ණ බර කරට ගත් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය පරිණත භාවය මැනවින් ප්‍රයෝජනයට ගනිමින් නොදැවී ලකුණු 178 ක් ලබා ගත්තේය. ඔහුට අනග සහායක් ලබා දුන් විශ්ව ප්‍රනාන්දු ලකුණු 17 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය.

පන්දු 353 කට මුහුණ ද සිටි මැතිව්ස් ඉනි 18 ක් හතරේ සීමාව පසු කරමන්ද ඒක් වතාවක් ඊට ඉහළින්ද පන්දුව යැවීමට සැලැස්වූවේය. ඔහුට අනගි සහායක් ලබා දුන් දිනේෂ් චන්දිමාල්ගේ දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පිතිකරුවන් තිදෙනෙකු ලකුණු 05 ක් තුළදී දැවි යෑම කැපී පෙනිණ.

කඩුලු 4 කට දැවී ලකුණු 258 ක් තිබියදී  දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා පිල නයීම් හසන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් දිවා භෝජනය සඳහා තරගය නිමා කරන විට කඩුලු 6 කට ලකුණු 327 ක් ලෙසින් සටහන් විය. දිනේෂ් චන්දිමාල් සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පළමු සැසිය ඇතුළත දැවී ගිය පිතිකරුවන් බවට පත්වූහ. දිවා භෝජනයෙන් පසු ඇරැඹි තරගයේදී ශකීබ් අල් හසන් විසින් පිට පිට පන්දු 2 කදී රමේෂ් මෙන්ඩස් සහ ලසිත් ඇඹුල්දෙණියගේ කඩුලු  දවා කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ ආසන්නයට පැමිණියේය. ඒහෙත් ඊළඟ පන්දුවට මුහුණ දීමට සඳහා පැමිණි විශ්ව ප්‍රනාන්දු ශකීබ්ගේ කඩුලු ත්‍රිත්වය සිහිනයක් බවට පත් කළේය.

අනතුරුව සිය ජ්‍යෙෂ්ඨයාට සහාය ලබා දුන් විශ්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණ 47 ක් ඒක් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව පෝෂණය කළේය.

දිනය ආරම්භයේ සිට මනා විශ්වාසයකින් පන්දුවට පහර දුන් මැතිව්ස් – චන්දිමාල් යුගල පිටියේ පාලනය මුලු මනින්ම නතු කර ගැනීමට සමත්වූහ. දුර්වල පන්දු දුටු සැනින් දෙවරක් නොසිතා පහර එල්ල කළ මොවුන් දෙපළ අතරින් චන්දිමාල්ගේ ඉවසීම බිඳී යෑම පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳ වැටීමට හේතුවිය. ලකුණු 136 ක් ලෙසින් සටහන් වුණු ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයේදී අනවශ්‍ය රිවර්ස්වීප් පහර චන්දිමාල්ට අවාසනාව ගෙන ආවේය.

නයීම් හසන් විසින් පිට ඉන්නට මඳක් ඈත්න් වන සේ කඩුල්ල තුළට දඟ කව ඒවූ පන්දුවට එල්ල කරන ලද රිවර් ස්වීප් පහර වැරදී යෑමෙන් චන්දිමාල්ගේ වටිනා ඉනිම නිමාවට පත්වූවේය. පන්දු 148 කදී ගොඩනැංවුණු චන්දිමාල්ගේ ලකුණු 66 ක ඉනිම ඔහුගේ 21 වැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය. හතරේ පහරවලට වඩා හයේ පහර වලින් ලකුණු රැස් කිරීමට රුචිකත්වයක් දැක්වූ චන්දිමාල් සිය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් වර්ණවත් කර ගත්තේය.

ඔහුගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල වැඩි යමක් පිටිය තුළ සිදුකිරීමට නොහැකි වූයේ නයීම්ගේ පන්දුවක් කළින්ම පිට ඉන්න සොයා කඩුල්ල බිඳී යෑම හේතුවෙනි. පෙර පන්දු 3 ට වඩා තරමක් වේගය මුසු කරමින් යොමු කරන ලද පන්දුවට දික්වැල්ල කට් පහරක් එල්ල කරද ඒම පහර ඒල්ල කරන ද වේගයට වඩා වේගයෙන් පන්දුව කඩුල්ල සොයා පැමිණීයේය. මෙම තත්ත්වය තුළ 114 වැනි පන්දුවාරයේදී කඩලු 4 ට ලකුණු 319 ක් ලෙසින් පැවැති ලකුණු පුවරුව ඊට පන්දු 5 කට පසු දිස්වූයේ ලකුණු 323 කට කඩුලු 6 ක්  ලෙසිනි. දික්වැල්ලගේ 48 වැනි ටෙස්ට් තරගය බවට පත් මෙම තරගයේදීත් තවමත් ශතකයක් වාර්තා කිරීමට හේ අපොහොසත් විය.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee