slc
Home   |    News
මැයි 16, 2022
මැතිව්ස්  150 සීමාව ආසන්නයට

sinhala editor

By Chamila Karawita

පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (16 දා) උදෑසන සාර්ථක පිතිහරඹයක නිරත වීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුවත්, දිවා ආහාරයට මිනිත්තු කීපයකට පෙර නයීම් හසන් විසින් පන්දු 5 ක් ඇතුළත කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වීම නිසා තරගය යළිත් දෙපිළටම විවෘත විය.

කඩුලු 4 කට දැවී ලකුණු 258 ක් තිබියදී  දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා පිල නයීම් හසන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් දිවා භෝජනය සඳහා තරගය නිමා කරන විට කඩුලු 6 කට ලකුණු 327 ක් ලෙසින් සටහන් විය. දිනේෂ් චන්දිමාල් සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පළමු සැසිය ඇතුළත දැවී ගිය පිතිකරුවන් බවට පත්වූහ.

 පෙර දිනයේදී ශතකයක් වාර්තා කර ගැනීමට සමත්වූ ඇන්ජලෝ මැතිව්ස් සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 147 දක්වා ඉහළ දමා ගනිමින් ලකුණු 150 සීමාව ආසන්නයට පැමිණ සිටිද්දී අනෙක් අන්තයෙන් රමේෂ් මෙන්ඩිස් එක් ලකුණක් ලබා පන්දුවට පහර දීමේ අවකාශ විවර කරගෙන සිටිති. පන්දු 288 කට මුහුණ දී සිටින මැතිව්ස් සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 18 කින් සරසාගෙන සිටියි.

දිනය ආරම්භයේ සිට මනා විශ්වාසයකින් පන්දුවට පහර දුන් මැතිව්ස් – චන්දිමාල් යුගල පිටියේ පාලනය මුලු මනින්ම නතු කර ගැනීමට සමත්වූහ. දුර්වල පන්දු දුටු සැනින් දෙවරක් නොසිතා පහර එල්ල කළ මොවුන් දෙපළ අතරින් චන්දිමාල්ගේ ඉවසීම බිඳී යෑම පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාව බිඳ වැටීමට හේතුවිය. ලකුණු 136 ක් ලෙසින් සටහන් වුණු ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයේදී අනවශ්‍ය රිවර්ස්වීප් පහර චන්දිමාල්ට අවාසනාව ගෙන ආවේය. නයීම් හසන් විසින් පිට ඉන්නට මඳක් ඈත්න් වන සේ කඩුල්ල තුළට දඟ කව ඒවූ පන්දුවට එල්ල කරන ලද රිවර් ස්වීප් පහර වැරදී යෑමෙන් චන්දිමාල්ගේ වටිනා ඉනිම නිමාවට පත්වූවේය. පන්දු 148 කදී ගොඩනැංවුණු චන්දිමාල්ගේ ලකුණු 66 ක ඉනිම ඔහුගේ 21 වැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය. හතරේ පහරවලට වඩා හයේ පහර වලින් ලකුණු රැස් කිරීමට රුචිකත්වයක් දැක්වූ චන්දිමාල් සිය ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් වර්ණවත් කර ගත්තේය.

ඔහුගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල වැඩි යමක් පිටිය තුළ සිදුකිරීමට නොහැකි වූයේ නයීම්ගේ පන්දුවක් කළින්ම පිට ඉන්න සොයා කඩුල්ල බිඳී යෑම හේතුවෙනි. පෙර පන්දු කීපයට වඩා තරමක් වේගය මුසු කරමින් යොමු කරන ලද පන්දුවට දික්වැල්ල කට් පහරක් එල්ල කරද ඒම පහර ඒල්ල කරන ද වේගයට වඩා වේගයෙන් පන්දුව කඩුල්ල සොයා පැමිණීයේය. මෙම තත්ත්වය තුළ 114 වැනි පනදවාරයේදී කඩලු 4 ට ලකුණු 319 ක් ලෙසින් පැවැති ලකුණු පුවරුව ඊට පන්දු 5 කට පසු දිස්වූයේ ලකුණු 323 කට කඩුලු 6 ක්  ලෙසිනි. සැසියේ සමස්ථයක් ලෙස ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 65 කින් සිය ඉනිම පෝෂණය කර ගනිද්දී බංග්ලාදේශ පිතිකරුවා අවශ්‍යම කඩුල 2 ක් දවා ගැනීමට සමත්වීම කැපී පෙනෙයි. පන්දු යැවීමේදී ඊයේ දින දවාගත් කඩුලු 2 ක් ද සමඟ නයීම් හසන්ගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 20 කදී ලකුණු 87 කට කඩුලු 4 ක් ලෙසිනි.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest