slc
logo
Home   |    News
මැයි 15, 2022
මෙන්ඩිස් – මැතිව්ස් අර්ධ ශතක ලබති

sinhala editor

By Chamila Karawita

චැටෝග්‍රෑම්හි අද (15 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේ පළමු දින තේ පානය සඳහා තරගය තාවකාලිකව නතර කර දමනා විට සිය පළමු ඉනිම තවත් ලකුණු 85 කින් ඉහළ දමා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. ඒ අනුව තරගය නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 2 කට ලකුණු 158 ක් ලෙසිනි.

පන්දුවට පහර දෙමින් සිටින කුසල් මෙන්ඩිස් මෙන්ම ඇන්ජලෝ මැතිව්ස්ද අර්ධ ශතක සම්පූර්ණ කර ගැනීමට සමත්වීම කැපී පෙනිණ. දෙදෙනාගේම නම ඉදිරියෙන් ලකුණු 54 බැගින් සටහන් වද්දී කුසල් 130 වතාවකදීද මැතිව්ස් 114 ක වතවකදීද පන්දුවට මුහුණ දී තිබිණ. කුසල්ගේ 13 වැනි අර්ධ ශතකය සඳහා හතරේ පහර 3 ක් පමණක් ඒල්ල කරද්දී මැතිව්ස්ගේ 38 වැනි අර්ධ ශතකය සඳහා හතරේ පහර 5 ක් සහ ඒක් හයේ පහරක් ඒල්ල කර තිබුණි.

ලකුණු 73 කට කඩුලු  2 ක් දැවි ගොස් තිබියදී දිවා ආහාරයෙන් පසුව තරගය ඇරැඹි මෙම පිතිකරුවන් යුගල තේ පානය දක්වා වූ පන්දුවාර 32 දී කඩුලු ආරක්ෂා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමූහ. ලකුණු 92 ක නොබිඳුණු කඩුලු සම්බන්ධාවක් ලෙසින් වාර්තාවී තිබෙන තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිසා පළමු ඉනිමේ සත්කාරකයින් ලද වාසිය තමන් වෙත ඈඳා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ.

දිවා ආහාරයෙන් පසු තරගය ඇරැඹි මුල් පැයකට ආසන්න කාලයේදී තරමක් වේගයෙන් ලකුණු රැස් කිරීමට කුසල් මෙන්ම ඇන්ලෝද සමත්විය. ඒහෙත් පසුව ශකීබ් අල් හසන් සහ තයිජුල් ඉස්ලාම් මොවුන් දෙදෙනාව ග්‍රහණයකට නතු කර ගනිමින් පන්දු යැවීම නිසා පළමු පැයේ පරිද ලකුණු ගලා ඒම මන්දගාමී විය. ඒහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනා කෙතරම් ග්‍රහණයට නතු කර ගැනීම ඔවුන් සමත්වූවේද කිවහොත් තරගය නිමා කරන විට තයිජුල් යවන ලද පන්දුවාර 16 න් 5 ක්ම නිලකුණු පන්දුවාර ලෙසින් සටහන් කොට ලකුණු 32 ක්ද අල් හසන් යවන ලද පන්දුවාර 10 න් 5 ක්ම නිලකුණු පන්දුවාර ලෙසින් සටහන්ව ලකුණු 09 ක් පමණක් ලබාදී තිබුණි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම තේ පානය වන විට පන්දුවාර 56 කදී කඩුලු 2 කට ලකුණු 158 යි – (කුසල් මෙන්ඩිස් 54*, ඇන්ජලෝ මැතිව්ස් 54*, දිමුත් කරුණාරත්න 09, ඔ්ෂධ ප්‍රනන්දු 36, නයීම් හසන් 58/2)

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee