slc
Home   |    News
මැයි 23, 2022
රහීම් – දාස් බංග්ලාදේශයට සැනසිල්ලක් ගෙනෙති

sinhala editor

By Chamila Karawita

කසුන් රජිත සහ අසිත ප්‍රනාන්දුගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් තරග ආරම්භයේ නොසිතූ අසීරුතාවයකට මුහුණ දුන් බංග්ලාදේශ කණ්ඩායම කිසියම් අස්වැසිල්ලක් ගෙන ඒ්මට හිටපු නායක මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් සමත්ව සිටිති. මොවුන් දෙදෙනා කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට හර දීම නිසා ලකුණු 24 කට කඩුලු 5 ක් ලෙසින් සටහන් වුණු බංග්ලාදේශ ඉනිම තේ පානය සඳහා නතර කර දමන විට කඩුලු 5කට ලකුණ 153 ක් වශයෙන් ඉහළ ගොස් තිබිණ.

මීර්පූර්හි අද අරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේදී නොදැවී පන්දුව පහර දෙමින් සිටින රහීම් දිවා ආහාරයෙන් පසුව ලකුණු 87 කින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉමළ දැමූවේ රහීම්ගේ නොදැවී ලකුණු 62 ක් සහ දාස් නොදැවී ලකුණු 72 ක් වශයෙන් සිය පෞද්ගලි ලකුණු සංඛ්‍යාවන් ද ඉහළ දමා ගනිමිනි.

තරගය ඇරැඹී මුල් පැයේදී ඉතාමත් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත සහ අසිත ප්‍රනාන්දු පළමු පන්දවාර 6 කුත් පන්ද 5 ක් සටහන් වද්දී බංග්ලාදේශ පිලේ ඉදිරි‌ පෙළ පිතිකරුවන් පස් දෙනෙකුම දවා ගැනීමට සමත්වූහ. පිතිකරුවන්ට දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂිත මීර්පූර් තණතීරුවේදී ඉතා හොඳින් පන්දු යැවූ කසුන් රජිත දෙවැනි පන්දුවේදීම මහමුදුල් හසන් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගත්තේය. අනතුරුව අසිත ප්‍රනාන්දු විසින්

දැවී ගිය පිතිකරුවන් අතරින් තිදෙනෙකුම ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය පිතිකරුවන් වූ අතර අනෙක් දෙදෙනාද ලකුණු 10 සීමාව ඉක්මවාලීමට අසමත්වූ පිතිකරුවෝ වෙති. මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 24 ක්ව තිබියදී බංග්ලාදේශ පිලේ කඩුලු 5 ම බිඳ වැටුණු නමුත් හය වැනි කඩුල්ලට ඒක්වූ මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් ලකුණු 129 ක සම්බන්ධතාවක් පවත්වමින් කඩා වැටුණු බංග්ලාදේශ ඉනිම ගොඩ ගැනීමේ උත්සාහයක නිරතවූහ. බංග්ලාදේශයේ මීර්පූර් පිටියේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ පිල පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. පිතිකරුවන්ට වඩා වාසිදායක ලෙසින් හැසිරෙන ඇතැයි අපේක්ෂිත මෙම තණතීරුවේදී බංග්ලාදේශ නායකයා ගත් තීරණය සම්පූර්ණ වැරදි ඒකක් බව පෙන්නුම් කිරීමට ගතවූයේ තරගයේ දෙවැනි පන්දුව පමණි. ඒ කසුන් රජිත විසින් මහමුදුල් හසන්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟය. අනතුරුව අසිත ප්‍රනාන්දු විසින් ටමීම් ඉක්බාල්ව දවා ගනිමින් අනෙක් අන්තයේ කසුන්ට අවශ්‍ය සහයෝගය ලබා දුන්නේය. සාර්ථකම පන්දු යවන්නා වුණු කසුන් රජිත නජ්බුල් හොසේන් සහ ශකීබ් අල් හසන් පිට පිට පන්දු දෙකකදී දවා ගනිමින් බංග්ලාදේශ පිලට පීඩනය වැඩි කළේය. පළමු කඩුලු 5 ම පන්දුවාර 6 කුත් පන්ද 5 කදී බිද වැටීම කැපී පෙනෙන. අවසානයේ කසුන්ගේ නම ඉදිරියෙන් කඩුලු 3 ක් සහ අසිතගේ නම ඉදිරියෙන් කඩුලු 2 බැගින් ලියැවී තිබිණ. බංග්ලාදේශය පන්දුවාර 53 කදී කඩුලු 5 ට ලකුණු 153 යි – මුෂ්ෆිකර් රහීම් 62*, ලිටන් දාස් 72*, මොමිනුල් හක් 09, නජ්මුල් හොසේන් 08, ශකීබ් අල් හසන් 00, ටමීම් ඉක්බාල් 00, මහමුදුල් හසන් 00, කසුන් රජිත 16/3, අසිත ප්‍රනාන්ද 26/2)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest